IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


ගාල්ලට වතුර දෙන්න ආසියා සංවර්ධන බැංකුවේ කැමැත්ත

(අංජුල මහික වීරරත්න)

ගාල්ල නගරයේ ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි ආදායම් නොලබන ජල පරිභෝජනය අඩු කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගාල්ල ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් දැනට ජල පාරිභෝගිකයින් 28,000 කට පමණ සේවාව ලබා දෙන අතර, ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති වීම හේතුවෙන් නව සැපයුම් ලබා දීම අත්හිටුවා ඇත. 

නව ජල සැපයුම් ලබා ගැනීම සඳහා අයැදුම්කරුවන් 5,400 ක් පමණ මේ වන විට පොරොත්තු ලේඛනගතව සිටී. එම අවශ්‍යතාව සපුරාලීම සඳහා අලුතින් ජල සම්පාදන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් බිලියන 40.5 ක පමණ අරමුදල් සලසා ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හෝ රජයට මේ අවස්ථාවේදී හැකියාවක් නොමැති බව රජය කියයි.

එබැවින්, දැනට 45% ක මට්ටමේ පවතින ආදායම් නොලබන ජල පාරිභෝජන මට්ටම 15%ක් දක්වා අඩු කරගෙන, ඒ අනුව ඉතිරි වන ජලය පොරොත්තු ලේඛනයේ සිටින අයදුම්කරුවන්ට ලබා දීමට හැකි වන පරිදි පුද්ගලික අංශයේ සහභාගීත්වය යටතේ කාර්ය සාධනය පදනම් කර ගත් කොන්ත්‍රාත්තුවක් හරහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යෝජනා කර ඇත. 

යෝජිත නියමු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපදේශක සේවාව සලසා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.28 ක ප්‍රදානයක් ලබා දීමට ද කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (1)

ගාල්ලට වතුර දෙන්න ආසියා සංවර්ධන බැංකුවේ කැමැත්ත

සාලිය Friday, 21 February 2025 07:22 AM

Service Duct එකක් ඇතුලේ පයිප්ප දැම්මා නම් nrw අඩු කරන්න පුලුවන්. ජපානේ එහෙම අවුරුදු සීයකට ප්ලෑන් කරලා ඕවා හදන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ත්‍රීරෝද රථයක් ලක්‍ෂ 20 ක් වෙයි
2025 පෙබරවාරි මස 21 89 0

පෙට්‍රල්වලින් ධාවනය කරන නව ත්‍රීරෝද රථයක් රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.


අලුත්ගම වෙළඳසැලක ගින්නක්
2025 පෙබරවාරි මස 21 27 0

අලුත්ගම ඩිපෝ හන්දියේ ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිට වෙළඳසැලක අද(22) රාත්‍රියේ ඇතිවුණු ගින්නකින් එම වෙළඳසැල ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි අ


ගණේමුල්ල සංජීව ඝාතකයාගේ පෙම්වතිය අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 21 625 0

අලුත් කඩේ අංක 5 අධිකරණ සංකීර්ණය තුළදී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුගේ පෙම්වතිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ග


උද්ධමනය සෘණ 4.0ක් දක්වා අඩු වෙයි
2025 පෙබරවාරි මස 21 81 0

මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජනවාරි මාසය සඳහා සියයට -සෘණ -4.0 ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කජ්ජාට මාංචු දුන් PC රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 21 315 0

දරු දෙදෙනාද සමඟ යතුරු පැදියෙන් යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කළ ‘කජ්ජා’ මියගොස් වැටී සිටි ස්ථානයේ තිබු පොලිස් ‘මාංචු’ කුට


පාසල් 1000ක් ක්ලීන් වෙයි
2025 පෙබරවාරි මස 21 130 0

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ ත


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 94 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 383 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 166 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site