IMG-LOGO

2024 ජුලි මස 05 වන සිකුරාදා


ගින්නක් යුවළකට දිවි අහිමිකරයි

(උදුගොඩ - වාර්තාකරු, කේ.බුද්ධික කුමාරසිරි  සහ ගයාන් සූරියආරච්චි)

යටියන්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් යටියන්තොට පනාවත්ත වතු යායේ අද (03) අළුයම 2.00 පමණ  විදුලි කාන්දුවීමක් හේතුවෙන් සිදුවු ගිණි ගැනීමකින් එම වතුයායේ ලැයිම් කාමර පහක් ගිණි ගෙන එම ලැයිම් කාමරයක සිටි අඹුසැම් යුවලක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය කියයි.

මෙම අනතුර සිදුවන මොහොතේ ලැයිම් කාමරවල පිරිස නින්දේ සිට ඇති අතර අනතුරින් මිය ගියේ වයස අවු:60 වන මුක්කන් වීරසිංහම් හා අවු: 50 වන මුත්තයියා ශාන්ති දේව් යන අඹුසැමි යුවල බවත් පොලිසිය පවසයි.

මෙම ගිණි ගැනීමෙන් ලැයිම් කාමර පහෙන් තුනක් මුළුමනින්ම විනාශ වී ඇති අතර ලැයිම් කාමර දෙකක් ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව ජලය ගසා අර්ධ හානී ලෙස එම ලැයිම් කාමර දෙක බේරා ගැනීමට හැකිවු බවත් පොලීසිය කීය.

යටියන්තොට පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එන්.පී.ඒකනායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක වීරසිංහ,උප පොලිස් පරීක්ෂක එම්.ප්‍රියවංශ,පොලිස් සැරයන් 45747ජයලත්,පොලිස් සැරයන් 61968 බණ්ඩාර යන නිලධාරීන් වැඩ්දුර පරීක්ෂණ පවත්වති.

(ඡායාරූප: උදුගොඩ - වාර්තාකරු)



අදහස් (0)

ගින්නක් යුවළකට දිවි අහිමිකරයි

ඔබේ අදහස් එවන්න

දියත

පියුමිගේ සුදු වෙන ක්‍රීම් සමට හිතකරද?
2024 ජුලි මස 05 394 0

නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොම


“උරුමයෙන්’’ තවත් ලක්ෂ 20කට ඉඩම්
2024 ජුලි මස 05 140 0

ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විශ්‍රාම වැටුප දෙන්න අල්ලස් ගත් පියන්ලා රිමාන්ඩ්
2024 ජුලි මස 05 473 1

විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිත දීමනා ලබාගැනීමේ කටයුතු සලසා දීම සඳහා රුපියල් 30000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර


සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ දින මෙන්න
2024 ජුලි මස 05 135 0

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස නවවෙනි දින සිට 19 වෙනි දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්


ණය ගිවිසුම් දෙක මැතිසබා න්‍යාය පුස්තකයට
2024 ජුලි මස 05 169 0

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් දෙක අනුමත කිරීම සඳහාවූ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.


රවී ට ’’වැල් පාලම’’ එපා වෙයි
2024 ජුලි මස 05 1097 4

හැමදාම වැල් පාලමේ ඉන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 688 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1643 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3528 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site