(කුෂාන් ජයවර්ධන)
නීතිවිරෝධී ගිණි අවි සොයා සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ගිණී අවි 06ක් සමග සැකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරානේගම පොලිසිය කියයි.
ගිරානේගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක එන්.බී.ඒ.එස්.බී නිශ්ශංක මහතාට ලද තොරතුරක් අනුව අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රෙස්න මහතා ඇතුලු නිලධාරීහු පිරිසක් මෙම වැටලිම සිදු කළහ.
ගිරානේගම කරකොලගයාය ප්‍රදේශයේ පුද්ගලයකු ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගිණි අවි කම්හලක් වටලා එහි නිෂ්පාදිත බෙහෙත් කොටන නීතිවිරෝධී තුවක්කු දෙකක් ද බඳින තුවක්කු 03ක් ද එම කම්හලේ නිෂ්පාදනය කරමින් පැවැති තවත් එවැනි නීතිවිරෝධී බෙහෙත් කොටන තුවක්කුවක යාන්ත්‍රික කොටසක් හා බඳ කොටසක් ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
එම නීතිවිරෝධී ගිණී අවි කම්හල පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දඹුළුහල්මිල්ලවැව උල්පතයාය පදිංචි වයස අවුරුදු 49ක පුද්ගලයකි.
වත්මන් රජයේ හා නව පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතයට අනුව මෙම මෙහෙයුම සිදු කර ඇත.
පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් වන පරිසර හානිය වැලැක්වීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරිය වැටලීම් තිව්‍ර කිරීමට පියවර ගෙන ති
අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ සැකකරු සහ ඔහුට පලායාමට සහය දුන් රියදුරු ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රඳවා ප්
එක්සත් ජාතික පක්ෂයේ සේරැවිල ආසනයේ සම සංවිධායක ආර්.එම්. සාලිය රත්නායක මහතාට මොරවැව, නාමල්වත්ත පාරේ නිවස අසලදී එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ප
ගාල්ල නගරයේ ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි ආදායම් නොලබන ජල පරිභෝජනය අඩු කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් නියමු ව්‍යාපෘතියක්
ආසියානු හා ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ (CIRDAP) සාමාජිකත්වය අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නිවසේ මෙහෙකාර සේවය කළ 63 හැවිරිදි කාන්තාවක රවටා හෝටල් කාමරයකට කැටුව ගොස් රන්මාලය සහ ජංගම දුරකථනය සහිත අත්බෑගය සොරකම් කළ 42 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගු
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ගිනි අවි කම්හලක් වටලයි