IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


ගිනි අවි 6ක් සමග 6ක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවි 6 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සූරියවැව වල්සපගල කැලෑ බද ප්‍රදේශයකදී අතඅඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28,29,34,39 හා 47 පසුවන සූරියවැව ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයන් 6 දෙනකු බව විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් ගිනි අවි මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු බවත් කිසියම් අපරාධයක් සදහා මෙම ගිනි අවි තබා ගන්නට ඇතැයි විශේෂ කාර්ය බළකාය නිලධාරීහු සැක පළකරති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගිනි අවි තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් සූරියවැව කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ජී.ආර්. වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.



අදහස් (0)

ගිනි අවි 6ක් සමග 6ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී ඇරැඹෙයි
2024 ඔක්තෝබර් මස 17 62 0

ලඟදී ඇරැඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය අද (16) බෙයිජිං හිදී පැවැත්විණි.


කුණ්ඩසාලේ ප්‍රාථමිකයෙන් කෙහෙළිය නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 17 362 0

මහනුවර කුණ්ඩසාලේ පිහිටි ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාච


‘අයිස් ‘සමඟ ගුවන් මගියා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 17 194 0

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටවී යාමට තැත් කළ ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නි


නව රජයට ඇති අභියෝගයක් රනිල් පෙන්වයි
2024 ඔක්තෝබර් මස 17 1905 0

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව


ගිනි අවි 6ක් සමග 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 17 706 0

කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවි 6 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සූරියවැව වල්සපගල කැලෑ බද


මත් සාදයක් පැවැත්වූ 12 ක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 17 418 0

බෙන්තොට ප්‍රදේශයේ නිවසක අද (17) මත් සාදයකට සහභාගිවී සිටි කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙක් ඔවුන් භාවිතා කරමින් සිටි අයිස් ,ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග සම


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 597 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 490 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1530 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site