(අංජුල මහික වීරරත්න)
තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැණීම් වලින් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට අවස්ථාව සලසා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා පැවසීය.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් අනුරාධපුරයේදී හමු වූ අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
බුද්ධගයාව අධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති හිමියන් විසින් කළ ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බල වේගයෙන් තරඟ වදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා
කුරුණෑගල , ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් එම ව්‍යාපෘතිවල ඉ
පළාත් පාලන ආයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඇමරිකා එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් අපනයන මත පදනම් වූ කර්මාන්ත අඩපණ වීමේ පෙර නොවූ විරූ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි නිදහස් වෙළඳ ක
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාර්ලිමේන්තුවේ මුළුතැන් ගේ මුළුමනින්ම පරීක්ෂා කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවසර දී ඇත.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ගුජරාටයෙන් හමුවූ සර්වඥ ධාතු ලංකාවේ ප්‍රදර්ශනයට