IMG-LOGO

2024 දෙසැම්බර් මස 29 වන ඉරිදා


ගුවන්තොටේ තැන් 3කට නව ආරක්ෂිත කැමරා පද්ධතියක්

(අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැලැක්වීම සහ නීති විරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැලැක්වීම සඳහා වහා පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක අද (28) බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උපදෙස් දුන්නේය. 

එසේම දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වලක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටේ ජනතාව තුළ රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස්, ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) බී.එම්.ඩී. නිලූෂා බාලසූරිය,මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ජාතික අයවැය) ජූඩ් නිලුක්ෂාන්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (0)

ගුවන්තොටේ තැන් 3කට නව ආරක්ෂිත කැමරා පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

දියත

දකුණු කොරියාවේ ගුවන් අනතුරක්
2024 දෙසැම්බර් මස 29 152 0

තායිලන්තයේ සිට දකුණු කොරියාවට ආ මගී ගුවන් යානයක් මීට ස්වල්ප වේලාවකට කලින් අනතුරට පත් විය.


ජල පොම්පාගාර සේවකයන් සුදු ගඟට බිලි
2024 දෙසැම්බර් මස 29 80 0

මාතලේ කිවුල ජල පොම්පාගාරය අසළ පිරිසිදු කරමින් සිටි අයකු සුදු ගඟේ ජල පහරට හසු විමෙන් ජලමේ ගසාගෙන ගොස් ඇති අතර ඔහු බේරා ගැනිමට ගිය පුද්ගලයාද ජල පහරට හසුව


ත්‍රීවිල් හොරෙක් මාට්ටු
2024 දෙසැම්බර් මස 29 55 0

කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි තීරෝද රථ සොරාගත් පුද්ගලයකු හා එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් සිව් දෙනකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නව


පළාත් කීපකට සවස් කාලයේ වැසි
2024 දෙසැම්බර් මස 29 22 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පුටින් සමාව ඉල්ලයි
2024 දෙසැම්බර් මස 29 728 0

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය, පසුගිය නත්තල් දා කඩා වැටුණේ, රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව විමර්ශනවලින් තහවුරු වීමත් සමඟ,


පෙරහරේ අලියා කුලප්පු වී ඇත්ගොව්වාට පහර දෙයි
2024 දෙසැම්බර් මස 28 1955 0

දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපි


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 208 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 139 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 110 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site