IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


ගුවනේදී මනමාලකම් කළ මගියා අත්අඩංගුවට

( ටී.කේ.ජී.කපිල )

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට  ලිංගික අඩන්තේට්ටම් කළ බව කියන එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු අද(16) අත් අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය කියයි.

 මොහු කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි , එම ප්‍රදේශයේ වැඩ පොළක් පවත්වා ගෙන යන්නෙකි .

මොහු  ඊයේ(15)  දින රාත්‍රී 10.00 ට සිංගප්පූරුවේ සිට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණෙන අතරවාරයේ , අධික ලෙස බීමත්ව , එම ගුවන් යානයෙහි සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කර තිබේ. 

මෙම සිදුවීම පිළිබද වහාම , එම ගුවන් සේවිකාවන් දෙදෙනා , ගුවන් යානයෙහි ගුවන් නියමුවාට වාර්තා කිරීමෙන් අනතුරුව , ඔහු මේ පිළිබද කටුනායක ගුවන් තොටුපොළ පාළක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ .

ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් , මොහු අත් අඩංගුවට ගෙන , කටුනායක පොලීසිය වෙත රැගෙන විත් භාර දී තිබේ .



අදහස් (1)

ගුවනේදී මනමාලකම් කළ මගියා අත්අඩංගුවට

බටලන්දේ ප්‍රේමවතී Sunday, 16 March 2025 10:06 AM

තාම වෙරිනං පොලිස් කාන්තාවන් අමරුවේ.

:       2       15

ඔබේ අදහස් එවන්න

 

දියත

පාර අවහිර කර කලබල කළ එකම පවුලේ 5ක් අත්අඩංගුවට
2025 මාර්තු මස 17 80 0

පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන් බව කියන පුද්ගල


සමුද්‍රදේවී පානදුරේ දි ලෙඩ වෙයි
2025 මාර්තු මස 17 172 0

මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී අද(17) උදැසන දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පානදුර දුම්රිය ප්‍රකාශකයෙක් පැවස


මිදිගම වෙඩි තැබීමක්
2025 මාර්තු මස 17 485 1

වැලිගම , බටවල , පාතේගම නිවසකට අද (17 ) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.


අද පස්වරුවෙත් පළාත් රැසකට තද වැසි
2025 මාර්තු මස 17 256 0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මැතිසබේ සුපිරි වාහන වෙන්දේසියට
2025 මාර්තු මස 17 1230 1

පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බා


පුලතිසි ‘‘මෙගා බ්ලාස්ට්‘‘ බ්ලාස්ට් කරලා
2025 මාර්තු මස 16 1589 4

මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානය


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 326 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 771 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 295 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site