IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ගේ ඉල්ලලා ලියුමක් ආවොත් දෙනවා



(සුජිත් හේවාජුලිගේ)

තමාගේ නිවස බාර දෙන්නැයි  තවමත් ලිපියක් තමාට  ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මෙ අතර පාස්කු ඉරුදින  ප්‍රහාරයේ මහ මොළකරු අයි එස් අයි එස්  සංවිධානය බව ඇමරිකාවේ සී අයි ඒ සංවිධානය නිකුත් කළ වාර්තාවෙන් පැහැදිලි වන්නේ යැයි   හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් රහස්‍ය තොරතුර හෙළි කරන්නේද නොකරන්නේ ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බවද  ඔහු සඳහන් කළේය.

පාස්කු මහමොළකරු සෙවීමට අද අවශ්‍යව ඇත්තේ එක් අයකුට පමණක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා තමාට මේ රටේ නැවත ජනාධිපති වීමට අවශ්‍යතාවක් නැතැයිද  ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින  ප්‍රහාරය ගැන තමා කණගාටුවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. පිල්යාන් එල්ටීටීඊ  සංවිධානයේ සිටි කාලයේදී විවිධ අපරාධ කළ බවට චෝදනා ඇති බවත් එවැනි අයෙකුට අමාත්‍ය ධුරයක් පිරිනැමීම වැරදි බවත් ඔහු කීවේය.ඔහු මෙසේ පැවසුවේ රූපවාහිනි  නාලිකාවක් සමග පැවති සංවාදයකදීය.



අදහස් (6)

ගේ ඉල්ලලා ලියුමක් ආවොත් දෙනවා

Karunajeewa Monday, 21 April 2025 10:50 AM

කොහොමත් ඔයාව නැවත ජනාධිපති කරන්න මිනිස්සුන් ට පිස්සු නැහැ.

:       1       15

අරවින්ද මොණරවිල Monday, 21 April 2025 11:19 AM

ලියුම් එනතුරු බලාගෙන ඉන්නේ මොන බම්බුවටද ගේ භාර දීලා මාරු වෙන්නේ නැතුව ! පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන ඒක කරපු එවුන් හා ඒකට උල්පන්දන් දිපු එවුන් හැරෙන්නට අනිත් හැමෝටම දැන ගන්න අවශ්‍යයි කියලා උදේ පත්තරේ දැන් පිනට ලැබෙන්නේ නැති නිසා දැන ගන්නට විදිහක් නැතුව ඇති.

:       3       13

රම්බොඩ Monday, 21 April 2025 11:20 AM

පාස්කු ප්‍රහාරය මූඪ අන්තවාදීන් කළ වග ඉතාම පැහැදිලියි. එක් කණ්ඩායමක් ඒක දේශපාලන වාසී ගන්න සහ තම පක්ශයේ සඟයන් ඊට හවුල් වූ වග වහගන්න දඟලවා. තවත් කට්ටියක් මේකට සිංහල බෞද්ධ නායකයින් පටලවලා යටිකූට්ටු වැඩක් කරන්න හදනවා.

:       4       9

සෙනරත් Monday, 21 April 2025 12:06 PM

පාස්කු ප්‍රහාරය ගැන FBI එකෙන් වෙනම විමර්ශන කරේ නැහැ , ලංකාවේ කරපු විමර්ශන වලින් තමයි ඒ ගොල්ලොත් රිපෝර්ට් එක හැදුවේ , අනික ISIS කට්ටිය මේ ප්‍රහාරය ගැන දැනගත්තෙත් සහරන් ල ප්‍රහාරය සිදු කරට පසුවයි

:       2       7

nihal Monday, 21 April 2025 12:09 PM

"මහජනයාගේ ලේ උරාබීපු රාක්ෂයෝ... පලයව් යන්න... ලියුම් මොකදටද... පලයව් යන්න... වද නොදී..."

:       3       5

ගුණරත්න Monday, 21 April 2025 02:50 PM

එහෙනම් බය වෙන්න ඕන නැහැ. මහින්ද රාජපක්ෂ මහතාත් බලන් ඉන්නේ ලියුම එනකම්, ආණ්ඩුව කට මැත දෙඩෙව්වාට වැඩ බින්දුවයි, නිකම් ලියුමක් ගහගන්නවත් බෑ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උද්ධමනය ඉහළට
2025 අප්‍රේල් මස 21 4 0

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.


’’ජනපති තවත් පොරොන්දුවක් කඩ කළා’’
2025 අප්‍රේල් මස 21 53 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 305 1

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 360 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 350 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 196 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 462 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site