IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගොවි බිමට ‌යෝධයෙක් නිර්මාණය කරයි

(නිමල් ජයරත්න)

වී වගාව සඳහා යොදන සියලුම කෘමි හා වල් නාශක 60% ක් ඉතිරි කරගනිමින්, කාලය, ධනය, ශ්‍රමය, ආරක්ෂා කරගෙන අක්කර දෙකහමාරකට විනාඩි 4 ක කාලයකින් දියර ඉසීමට හැකි ඩ්‍රෝන යානාවක් නිර්මාණය කර ශ්‍රී ලාංකිකයකු පොලොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගලින් අපට හමු විය.

ඔහු නමින් සංකල්ප ද සිල්වාය. 

බඩ ඉරිඟු, පොල්, කජු, උක්, ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට වැළඳෙන සියලුම රෝග සඳහාද මෙම ඩ්‍රෝන යානාව උපයෝගී කරගනිමින් දිය‍ර ඉසීමට හැකිවන පරිදි ඔහු මෙම නිර්මාණය කර තිබීම විශේෂත්වයකි,

2015 වර්ෂයේ සිට විවිධ පර්යේෂණ මගින් නිර්මාණය කර ඇති මෙම කෘෂිකාර්මික ඩ්‍රෝන යානාවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පුරා අක්කර නවසීයකට ආසන්න සංඛ්‍යාවකට අදාල කෘමිනාශක හා වල්නාශක ඉසිමින් ගොවියන්ට සේවාව ලබා දී ඇත.

වී වගාව සඳහා දියර ඉසින ගොවීන් සම්පූර්ණයෙන්ම මෙම කෘමිනාශක දියරවලින් ආරක්ෂා වන අතර ලංකාවේ විශාලතම ඩ්‍රෝන යානාව මේ වන බවද සංකල්ප ද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය, මෙම ඩ්‍රෝන යානාව හරහා කෘමිනාශක හා වල් නාශක ඉසීමේදී ගොවි මහතුන්ට කාලය, ධනය, ශ්‍රමය, ඉතිරි වෙනවා සේම යොදන වල්නාශක හා කෘමිනාශක ද්‍රව්‍ය වලින් 60% ක ඉතිරි කරගැනීමේ හැකියාවද පවතින බව සංකල්ප ද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය,

මේ වෙනවිට පොලොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගල කොට්ටාශයේ මෙම ඩ්‍රෝන යානාව හරහා ගොවීන් කිහිපදෙනකු කෘමිනාශක සහ වල්නාශක දියර ඉසීම ආරම්භ කර තිබීමද තවත් විශේෂත්වයකි.



අදහස් (10)

ගොවි බිමට ‌යෝධයෙක් නිර්මාණය කරයි

Senarath Monday, 12 June 2023 08:51 AM

ඉතාමත් හොඳ කාලීන අවශ්‍යතාවයක්... ඔබට අපේ සුබපැතුම්....තවතවත් මෙවැනි වටිනා උපකරණ සෑදීමට ඔබට හැකිවේවා...!

:       2       60

කිරිපුතා Monday, 12 June 2023 09:30 AM

ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගිහින් ඔහුව වහාම අත්අඩංගුවට ගන්න. ඒ තමයි අපේ ක්‍රමය...

:       7       41

Indika Amarasinghe Monday, 12 June 2023 10:01 AM

අගය කළ යුතු වැඩක්...

:       1       35

Nimal Monday, 12 June 2023 10:21 AM

සුපිරි වැඩ්ඩෙක්...!

:       1       30

නිහාල් Monday, 12 June 2023 10:50 AM

ඔහු අත්අඩංගුවට අරගෙන නඩු පවරන්න. මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක්.

:       19       15

kamal Monday, 12 June 2023 10:56 AM

අපේ ගුවන් හමුදාව පහුගිය දවස්වල පරණ වාහන කීපයක් අලුත් වැඩියා කරලා රටට විසාල මුදලක් ඉතුරු කරලා දුන්නා.

:       2       21

Sampath Monday, 12 June 2023 11:45 AM

ඔහුව සම්බන්ධ කරගන්නේ කොහොමද?

:       2       19

MalithTuesday, 13 June 2023 08:22 AM

පුලුවන්. කියන්න ඔබට උවමනා දේ

:       1       2

Kalika Tillekeratne Tuesday, 13 June 2023 04:01 AM

නියමයි සංකල්ප. ඔබේ විස්මිත කාර්යය දිගටම කරගෙන යන්න

:       1       1

City Tuesday, 13 June 2023 07:11 AM

තම දෙමාපියන්ගෙන් සහ රජයෙන් යැපෙන තරුණ තරුණියන්ට හොඳ උදාහරණයක්

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 494 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1724 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site