(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ රැදවුම් නියෝගය නීති විරෝධී බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් කඩවු කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයට අද නියම කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයක් නොමැතිව රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම මගින් පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයට නියම කළේය.
හෙරොයින් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හේනේගම, පොකුණුවිට පදිංචි එම්.කේ. ප්‍රියදර්ශනී මදුරප්පෙරුම මහත්මිය ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, දිලීප් නවාස් සහ මහින්ද සමයවර්ධනය යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාග කෙරිණී.
ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරෙකු කොස්ගස
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී
ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේද
තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වන බවට දැන්වූ ලිපිය පක
වෘත්තීය සමිති වල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගෝඨාගේ නියෝගය වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක්
කව්ද බෝයි Tuesday, 18 March 2025 07:38 PM
තනතුරේ ඉන්නකොටත් කලේ රිවර්ස් කරන එක විතරමයි. කරුමෙක මහත කියන්නෙ, ගෙදර ගිහිල්ලත් රිවර්ස් කරන එක නතර වෙලා නෑනෙ.
ජිල්බු Tuesday, 18 March 2025 07:39 PM
වැරදි කෙරුවොත් කපලදාන්න ඕන. ලකුණු -- වෙන මොනවත් එහෙම හිතන්න එපා.
පිටිගල මිලානෝ Tuesday, 18 March 2025 07:50 PM
ගෝඨාගේ මෝඩකං ගැන අහන්න ඕනේ ලොස් ඇන්ජලිස් පැත්තේ ලංකාවේ මිනිස්සුන්ගෙන්…..
Perera Wednesday, 19 March 2025 12:43 AM
ගැණියෙක් පිරිමියෙක් කරන්නටත්, පිරිමියෙක් ගැණියෙක් කරන්නටත් විතරක් බෑ කිව්ව ජනපතිට බලාගෙන ගියාම මෙහෙම නියෝගයක්වත් දෙන්න බලයක් නැහැ. එහෙමනම්?
fairoos Wednesday, 19 March 2025 12:13 PM
ලංකා ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරපු ජනපති