(ඔගස්ටින් ප්‍රනාන්දු)
පුද්ගල ඝාතන චෝදනාවට වරදකරුවන් වූ එකම පවුලේ අයියා මලෝ ඇතුළු නව දෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනෙවිය අද (8) මරණීය දණ්ඩනය නියම කරණු ලැබුවාය.
මාරාවිල මුදුකටුව ලංසිගම ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය නිමල් අජිත් ප්‍රනාන්දු සහ වර්ණකුලසූරිය සුගත් ජෙරාඩ් ප්‍රනාන්දු යන අයියා මලෝ දෙදෙනාට සහ පැට්රික් ඔස්වල්ඩ් ප්‍රනාන්දු ,පිලිප්පුගේ සනත් ප්‍රසන්න ප්‍රනාන්දු, ලියනගේ චමින්ද ඩික්සන්,කොන්රඩ් රනිල් පිරිස්, සේමිණි විජේන්ද්‍ර ප්‍රනාන්දු, ඩොනල්ඩ් සමන්ත ප්‍රනාන්දු, සහ අජිත් ඇන්ටන් යන පිරිසට මෙසේ මරණීය දණ්ඩනය නියම විය.
2001 වසරේ ජුනි මස 24 වන දින හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මාරාවිල ලංසිගම දී වර්ණකුලසුරිය මහලේකම්ගේ ලයනල් ප්‍රනාන්දු නමැති අයගේ මරණය සිදු කිරීමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබුණි.
කඩුවලින් හා පිහි වලින් කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම , අයුතු නීති විරෝධි ජනරාශිය යන චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නගා තිබුණි.
දින ගණනාවක් පැවැති නඩු විභාගයෙන් පසු සාක්කි අනුව විත්තිකරුවන් වරදකරුවන් වී ඇති බව ඔප්පු වූ නිසා ඔවුන් වරදකරුවන් කරමින් විනිසුරුවරිය ඔවුන්ට මරණ දඩුවම නියම කළාය.
එක් පුද්ගලයෙකුගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වීම නිසා නව දෙනෙකුට හලාවත මහාධිකරණයේ දී මරණීය දඩුවම පැනවූ ප්‍රථම අවස්ථාව මේ බව පැවැසේ.
මෙම නඩු විභාගය ආරම්භයේ දී විත්තිකරුවන් දස දෙනෙකු සිටි අතර ඉන් එක් අයෙකු නඩු විභාගය සිදුවන අතරතුර මිය ගොස් ඇති බවත් මෙහිදි අනාවරණය විය.
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා
පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඝාතන චෝදනාවට වරදකරුවන් වූ 9 කට මරණ දඩුවම