IMG-LOGO

2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා


ඝාතනය වූ තරුණයා මරණ පරික්ෂණයේදී තරුණියක් වෙලා

(දිනේෂ් උපේන්‍ද්‍ර සහ නන්ද එස් ඒකනායක)

දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප‍්‍රදේශයේදී කපාකොටා ඝාතනය කර තිබූ තරුණයා පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තරුණියක් බව හෙළිව ඇතැයි දුම්මලසූරිය පොලිසිය කියයි.

දුම්මලසූරිය ප‍්‍රදේශයේදී ඉකුත් 12 දා ඝාතනය කර දමා තිබූ 38 හැවිරිදි තරුණයකුගේ දේහය සම්බන්ධව කුලියාපිටිය අධිකරණයෙන් කර තිබූ නියෝගයකට අනුව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් පරීක්‍ෂණයේදී එසේ ඝාතනය කොට තිබුණේ පිරිමි නමකින් පෙනී සිට තිබූ කාන්තාවක් බව එසේ අනාවරණයවී තිබිණ.

දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප‍්‍රදේශයේ විශාල වත්තක කලක පටන් පදිංචිව සිට ඇති අදාළ මරණකරු අත්හැර දමා ඇති සුනඛයින් රැකබලාගනිමින් සිටි අයකු බව පොලිසිය අනාවරණය කරගන තිබිණ.

ඝාතනය වාර්තා වී එම ස්ථානයට යනවිටත් බල්ලන් 60කට වැඩි ප‍්‍රමාණයක් එම මියගිය අයගේ රැකවරණය ලබමින් සිට තිබිණ.

අසල්වැසි පුද්ගලයකුගේ දැනුම්දීමකට අනුව එසේ ඝාතනය වී ඇදවැටී සිටි අයගේ දේහය සොයා ගැනීමට එහිදී පොලිසියට හැකිව තිබිණ.

මරාදැමීමට හේතුවක් හෝ මේ වනවිටත් අනාවරණය වී නොමැති බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

ඝාතනය වූ තරුණයා මරණ පරික්ෂණයේදී තරුණියක් වෙලා

ඔබේ අදහස් එවන්න

දියත

වැඩ බලන්න ඇමතිවරු 5ක්
2024 දෙසැම්බර් මස 15 44 0

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 5ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.


අක්කර 50 කුඹුරු යාය අලි වනසති
2024 දෙසැම්බර් මස 15 112 0

තිරප්පනේ සෙම්බුකුලම හා දෙමටෑගම යන ගම්මානවලට අයත් කුඹුරු අක්කර 50ක් පමණ වන අලි රංචුවක් පැමිණ විනාශ කර ඇතැයි ගොවීහු පවසති.


පුත්තලමේ ලුණු වැස්සට දිය වෙයි
2024 දෙසැම්බර් මස 15 308 0

ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳ පොළෙන් සියයට 45 කට වැඩි අස්වැන්නක් හිමිව තිබු පුත්තලමේ ලුණු නිෂ්පාදනය දිගින් දිගටම පවතින වර්ෂා තත්වය හේතුවෙන් අහිමි වෙමින් යන



කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිගෙන් ආදර්ශයක්
2024 දෙසැම්බර් මස 15 1568 1

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිට රජයෙන් ලබා දෙන ඉන්ධන මෝටර් රථය සහ කාර්යාලය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.ඒමි ආර් රත්නායක මහතාට ආපසු


අලි ගැටළුවට විසැදුම් ඉල්ලා ගොවීහු ඩී.සී.සී රැස්වීමට කඩා පනිති
2024 දෙසැම්බර් මස 15 330 2

ඇළහැර දිග්ගල්පිටිය ඇතුළු අවට ගම්මානවලට පවතින වන අලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින්, ගොවි සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු සහ ගොවීන් පිර


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 157 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 173 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 82 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site