IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


චක්‍රලේඛයට පයින් ගසා සෞඛ්‍ය කෝටි 3823ක අතිකාල දීලා

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

අධිකාල හානිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කර තිබුණු මුළු මුදල වැටුපිරිවැයෙන් සියයට 72 ක් බවද එම වාර්තාවේ දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය කර ස්ථාපනය කර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් නිෂ්ක්‍රීයව පැවැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එම යන්ත්‍ර ක්‍රියාත්මක නොවන්නේ නම් වර්තමාන වැටුපට අනුව අධිකාල දීමනා නොගැවීමට භාණ්ඩාගාර ලේකම්වරයා 201 2017 ජුලි මස පළවෙනිදා සිට අතිකාල දීමනා නොගෙවන ලෙස උපදෙස් දී තිබියදී ඊට පටහැනිව වර්තමාන වැටුප පදනම් කරගෙන 2023 වර්ෂයේ දී මෙලෙස අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවා තිබූ බව වාර්තාව සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව තිරසර සංවර්ධන දර්ශක තිස් එකක් හඳුනාගෙන තිබුණු අතර ඉන් දර්ශක දහතුනක් සඳහා 2023 වර්ෂයට අදාල ප්‍රගතිය වාර්තා කර නොතිබූ බව පවසන එම වාර්තාව ප්‍රගතිය වාර්තා කරන ලද දර්ශක දොළහකට අදාළ දර්ශක වල අවශ්‍ය කාර්ය සාධන මට්ටම කරා ළඟා වී නොතිබූ බවද සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාලව නිකුත් කර ඇති අලුත්ම විගණන වාර්තාවේය.

 



අදහස් (15)

චක්‍රලේඛයට පයින් ගසා සෞඛ්‍ය කෝටි 3823ක අතිකාල දීලා

බත්කන හරකා Thursday, 09 January 2025 09:53 AM

මහජන ධනය නාස්තිකරමින් ඕවා විගණනය කරන්න ඕන නෑ, වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕනත් නෑ, වැරදි වලට විසඳුම් දෙන්න ඕනත් නෑ. අපිට හාල්, පොල්, බිත්තර ටික අඩුවට දියල්ලා. රටට කොපමණ කෙලවුනත්, අපිට ඒ ඇති.

:       15       32

sunilThursday, 09 January 2025 10:11 AM

එකත් හරි. ලංකාවේ බත් කෑම චීනය, ජපානය වගේ ආසියාතික රටවලට වඩා වැඩියි. සෞඛ්‍ය විශේෂඥයෝ ඒවා ගැන වත් ප්‍රමාණවත් ප්‍රසිද්ධියක් ලබා දෙන්නෙත් නැහැනේ. එහෙම වුනානම් ලෙඩ රෝගත් අඩු වනවා. බද පිරෙන්න බත් නැත් නම් කෑ ගහමු.

:       1       21

තණකොළ කණ හරකාThursday, 09 January 2025 03:07 PM

හාල් පොල් බිත්තර කන ඔක්කොම දොස්තරලත් නෙමෙයි රෝහල්වල සේවකයොත් නෙමෙයි යුනියන් කාරයොත් නෙමෙයි.

:       2       6

vernon Thursday, 09 January 2025 10:14 AM

මෙහෙමනේ. ඇඟිලි සළකුණු යන්ත්‍ර බලන්නෙ නැතිව අතිකාල දීමනා ගෙවන්න එපා කියලා චක්‍රලේකයේ කිව්වාට, වෛද්‍යවරු ඇඟිලි සලකුණු ක්‍රමයට එරෙහියි. එයාලා තියන්නෙ නැතිව අනික් කාර්ය මණ්ඩලවලට දාන්න ගියාම එයාලා කියන්නෙ දානවා නම් හැමෝටම දාන්න කියලා. එතකොට කවුරුවත් ඇඟිලි සලකුණු තියන්නේ නෑ. එහෙම වුනා කියලා අතිකාල ගෙවන්නෙ නැතිව හිටියොත් රෝහල් වහන්න වෙනවා.

:       6       23

අරවින්ද මොනරවිල Thursday, 09 January 2025 10:32 AM

රාජ්‍ය සේවයේ සේවක අතිරික්තයක් තියෙනවලු, ඒ අතිරික්තයක් තියෙන අමාත්‍යාංශ අතරින් එකක්ලු සෞඛ්‍ය අමාත්‍යාංශය. එහෙව් අමාත්‍යාංශයේ රුපියල් කෝටි 3823 අතිකාල සේවයේ යෙදුනේ සමහර විට රෝගින් වෙන්න බැරිද ?

:       5       21

vernonThursday, 09 January 2025 01:11 PM

අතිරික්තයක් තිබ්බා කියලා නිවාඩු දිනවල (අලුත් අවුරුදු දිනවල පවා) රෝහල් වහන්නේ නෑ. එතකොට ඒ දිනවල වැඩ කරාම අතිකාල ගෙවන්න වෙනවා. අනික අතිරික්තය රෑට වැඩ කරලා අනික් අය දවල්ට වැඩ කරන්නෙ නෑනේ.

:       6       9

අරවින්ද මොනරවිල Thursday, 09 January 2025 06:39 PM

අතිරික්තයක් තියෙනවා නම් ඒක යොදාගෙන සේවා මුර ක්‍රමයට සේවකයන් සේවාවේ යෙදෙව්වා නම් අතීකාල ගෙවන්න ඕන නැහැ කියලා ඔයාගේ ටිකිරි මොලයට වැටහෙන්නේම නැද්ද ?

:       0       0

ranjith Thursday, 09 January 2025 10:57 AM

හොරු අල්ලනවා කියනවා අල්ලන හොරෙකුත් නෑ... මේවාත් හොරකම් තමා මේ විගණන වාර්තා පාඩම් කරගෙන කෝ වැරදිකරුවන්ට දඬුවම් දීමක් අග සිට මුලට ම මේ රටේ හොරකම් වංචා සටන් පාට විතරයි මේවා නිවැරදි කරන්න කවුරුත් නැති පාටයි

:       1       9

Bunny Preena Thursday, 09 January 2025 11:17 AM

"මොන විදියේ උසස් තැනතුරු දැරුවත් නැතත් කිසිම විනයක් නැති , නීති ගරුක නොවන, වංක පුද්ගලයන් සිටින ස්ථානයක මෙවැනි දේවල් සිදුීම අරුමයක් නොවේ. මෙවැනි බරපතළ දේවල් සමබන්ධව දැන ගැනීම කණගාටුවකට කරුණකි

:       0       20

sakkaraya Thursday, 09 January 2025 12:30 PM

ගොඩක් දොස්තරලා අතිකාල සේවයේ යෙදුණත් නැතත් අතිකාල දීමනා ලබනවා . මේ ගැන හරි හමන් විමර්ශනයක් කලොත් සත්‍යය පෙනේවි .

:       1       18

සෙනෙවිරත්න Thursday, 09 January 2025 12:41 PM

බස් මට්ටු කරනවා වගේ මේකත් මට්ටු කරන්න. මම දන්න විදියට ඕකෙ සැමට වැඩ කලත් නොකලත් අතිකාල මුදල් ලැබෙනවා..ඇඟිලි යන්ත්‍ර නැවත ස්ථාපිත කරල ආයතනයේ විනය හදන්න.

:       0       23

Nilantha Thursday, 09 January 2025 01:46 PM

Bunny කියන විදියටම බැලුවොත් මොනවිදියේ උසස් තනතුරු දැරුවත් තමන් සේවයට බැදෙන අවස්ථාවේ ලැබෙන පත්වීම් ලිපියේ තියෙන කොන්දේසි වලට එකගවෙලා අත්සන් කරල තමයි රාජකාරියේ යෙදෙන්නෙ.එම පත්වීම් ලිපියේ තියෙනවා ආයතන සංග්‍රහයේ හා මුදල් රෙගුලාසි වලටත් ඒවා සංශෝධනය කරමින් නිකුත්කරන චක්‍රලේඛ වලටත් අනුගතව සේවය කරනවා කියල .ඔය අතරේ චක්‍රලේඛයක් නිකුත්කර තිබුනා එම චක්‍රලේඛ උල්ලංඝනය කිරීමත් විනයානුකූලව දඩුවම් කරන්න හේතුවක් වෙනවා කියල.නමුත් සමහරක් ආයතනවල සිටින ලොකු ලොකු තනතුරු දරණ උතුමන්ලා තමන්ගේ පත්වීම් ලිපියේ කොන්දේසිවත් නොදන්නා බව පේනවා නැත්නම් .නැත්නම් චක්‍රලේඛක උල්ලංඝනය කර අතිකාල දීමනා අනුමත කරන්න පුලුවන් කමක් නැහැ කොහොම වුනත් විගණනය මගින් අනාවරණය කෙරෙන වැරදි විමර්ශනය කරන්න ආයතනයක් නොමැතිවීම අඩුපාඩුවක් වෙනවා.ක්ලීන් ශ්‍රීලංකා යටතේ වර්තමානයේ ජරාජීර්ණව ඇති රාජ්‍ය සේවය ක්ලීන් කරන්න එවැනි ආයතනයක් පිහිටුවන්න පුලුවන් නම් ඉතාමත් හොදයි

:       1       15

ජගත් ලියනග් Thursday, 09 January 2025 02:40 PM

පුදුමාකාර හොර වැඩ නේ මේවා අප්පා.

:       0       14

සීයා Thursday, 09 January 2025 07:36 PM

මෙව්වා අපිත් කාලයක් තිස්සේ දැක්ක. වෘත්තිය සමිති වල හයියේ තරමට තමයි වාසි ගන්නේ. ඒව පැත්තකට කොරල හැමෝටම සාදාරන ජාතික පොරතිපත්තියකට වැඩ කොලොත් කාටවත් හයිය පෙන්නල දීමනා ගන්ඩ ඕනැ වෙන්නෙ නැතුව.

:       0       0

නන්දන Friday, 10 January 2025 07:42 AM

මෙන්න ක්ලින් ශ්‍රි ලංකා වැඩ සටහනට අයිති වෙන්න ඕන වැඩක්. බස් වල සැරසිලි ගලවන එකට වැඩිය ප්‍රයෝජනවත් අත්‍යවශ්‍ය කාරණයක් මේක. මුලු සෞඛ්ය ක්ෂේත්‍රයේම තියෙන ප්‍රශ්න අක්‍රමිකතා රැසක් හරිගස්සන්න තිබෙනවා. වර්තමාන ඇමති වරයා එතරම් පන ඇති බවක් පෙනෙන්නට නැහැ. සරත් ෆොන්සේකා මහතා වැනි දැඩි කෙනෙක් අවශ්‍යයි. F.M. සරත් ෆොන්සේකා මහතාව බැරිද අමාත්‍යයශ ලේකම් තනතුරකට පත් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 559 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 186 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 91 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 81 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 699 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 873 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site