IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


චොකා මල්ලී පාර්ලිමේන්තු යවන්න’යි අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්


 
 ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මෙවර  මහ මැතිවරණයෙන්  පාර්ලිමේන්තුවට  තේරී පත් වු   මරණ දඩුවම් නියමව සිටින  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්  පාර්මේන්තු මන්ත්‍රී  ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අභියචනාධිකරණය අද ( 07) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.

පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙනවාද ? නැත්ද ? යන්න පිළිබඳ අතුරු නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය අද (07)  තීන්දු කළේය.

මහමැතිවරණයෙන් තේරී පත් වූ  තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු ද්වි පුද්ගල. අභියාචනාධිකරණ මඩුල්ලක් හමුවේ සලකා බලමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියලු හිමිකම් ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැති බව ද සඳහන් කර සිටියේය.

ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන බවත් එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කර තිබේ.

පෙත්සම යළි මේ මස 29 දා කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.

පෙත්සම්කාර චූදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වීය. ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා පාර්ලිමේන්තු රැස්වීම් වලට රැගෙන යාම බන්ධනාගාර බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවය. එබැවින් ⁣මහජන ඡන්දයෙන් තේරී පත් වූ සිය සේවාදායකයාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපති වෙනුවෙන්  කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ පෙත්සම්කාර චූදිත මන්ත්‍රීවරයාට දැනටමත් මරණ දඩුවම නියමව අැති හෙයින් එවැනි චූදිතයෙකුට පාර්ලිමේන්තු යාමට නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්ව නොමැති බවය.

එම සියලු කරුණු සලකා බලමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ මෙම  රීට් පෙත්සමේ වගඋත්තරකරුවන්  ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ, මිනීමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තමන්ට රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළ බවත්, එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.

එසේ තිබියදී ඉකුත් මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන්ව පාර්ලිමේන්තු රැස්වීම සඳහා රැගෙන යාම බන්ධනාගාර බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව පෙත්සම්කාර ප්‍රේමලාල් ජයසේකර මහතා සිය පෙත්සමින් පෙන්වා දේ. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද දිල්වා , නීතීඥ බුද්ධික චන්ද්‍රසේකර පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.



අදහස් (59)

චොකා මල්ලී පාර්ලිමේන්තු යවන්න’යි අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

Champa Monday, 07 September 2020 06:08 AM

එක මිනිහෙක් මරපු කෙනෙක් පාර්ලිමේන්තු ගේන එක අවුලක් නෑ... සිය ගාණක් මැරෙනකන් දන්නෙ නෑ වගේ මග ඇරල උන්න තව 224 ක්ම ඒකෙ ලැගලා ඉන්න නිසා. එක රටක් එක නීතියක්... දැන් සැපයිද කියලා තමයි අහන්න තියෙන්නෙ.

:       1984       26

nihal Monday, 07 September 2020 06:10 AM

පාර්ලිමේන්තු යවන්නම ඕනෙ. මොකද හිරේ ඉදන් සෑහෙන ජනතා සේවයක් කරනන් පුළුවන් නිසා. මිනීමැරුමකට මහාධිකරණයෙන් වරදකරු වු අය පාර්ලිමේන්තු යන වෙන රටවල් මොනවාද?

:       720       184

Rata Perata Monday, 07 September 2020 06:16 AM

එක රටක්, එක නීතියක්... අනේ වාසනාවන්. සමහර අයගේ නඩු අහන්න බයේ කට්ටි පැනපු විනිසුරුවරු ඉන්න රටක මීට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       674       535

ABCMonday, 07 September 2020 02:35 PM

ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ට වසර 5කට පසු විශ්‍රාම වැටුප් ලබාදීම යෝග්‍ය නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ වැරදි කරුවකු වී අධිකරණයෙන් දඬුවම් නියම වූ දේශපාලකයින් සිරගෙදර සිට පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම වැරැදිබව හෝ ඒ පිළිබඳව කතා නොකරන්නේ මන්ද?

:       569       216

උමන්Thursday, 10 September 2020 07:40 AM

මේ තීන්දුව දුන්න අභියාචනාධිකරණ විනිසුරුවන් තනතුරට පත්කලේ කවුද කියලා හෙව්වොත් උත්තරය ලැබේවි...

:       0       0

සමරප්පුලි Monday, 07 September 2020 06:21 AM

මේ වාගේ ලොකු සීන්, ලංකාවේදී කෙළින්ම උපරිමාධිකරණයට යවන්න ක්‍රමයක් තිබ්බා නම් තීන්දු දෙන්න, නියමයි. කාලයත් ඉතුරුයි. මිනිස්සුන්ගේ සල්ලිත් ඉතුරුයි. දූෂණ දර්ශකේ ඉතා පහළින් ඉන්න රටවල්වල නම් මෙවැනි නඩුතීන්දු වෙනස් වෙන්න තිබෙන සම්භාවිතාව ප්‍රතිශතේ දශම ගාණක් වගේ වෙන්නේ.. කාලය කා දමන්නේ බොහොම අඩුවෙන් අනික් අතිං බලද්දී, ලංකාවේ ජනතාවගේ අවශ්‍යතාවය මේ ප්‍රකාශ කරලා තියෙන්නේ.. පුද්ගලිකව මට නම් මෙව්වා දැක්කම හිනා යනවා.

:       686       312

Raveendra Monday, 07 September 2020 06:25 AM

අනේද කියන්නේ...?

:       728       205

sasheekalaa Monday, 07 September 2020 06:32 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..

:       550       310

Akram Monday, 07 September 2020 06:33 AM

රටට ගිය කලක්.. අන්තිමට රජ්ජුරුවෙක් වෙලා තමයි නවතින්නේ.

:       660       169

Sanj Monday, 07 September 2020 06:37 AM

මේ මොන ලැජ්ජාවක්ද? ඔහු ගෙනඒම රටටත්, පාර්ලිමේන්තුවටත් අගෞරවයක්. මරණ දණ්ඩනය නියම වූ කෙනෙකු පාර්ලිමේන්තුවට ගෙන්වන පළමු රට ශ්‍රී ලංකාවයි.

:       505       397

pradeep Monday, 07 September 2020 06:39 AM

ක්‍රියා පිළිවෙළේ යම් වෙනසක්..!!! 

:       45       32

සෑම් Monday, 07 September 2020 07:09 AM

ඕක ඔහොම වුනේ නැත්තම් චොකා මල්ලි ඉන්න තැනටම තමයි යන්න වෙන්නේ...

:       648       151

ලුම්බිණි Monday, 07 September 2020 07:17 AM

ඒ ප්‍රශ්නෙත් හරිනේ දැන්. රත්නපුරේ ජනතාව දැන් රතිඤ්ඤා පත්තු කරනවා ඇති.

:       557       210

RaveendraMonday, 07 September 2020 09:04 AM

මෑත කාලයේ මිනීමරුවෙකුව වැඩි කැමැත්තෙන් දියවන්නාවට මැදිවියේ කෙනෙකු ලෙස යැවීමට කටයුතු කරපු, ටකරන් අනුභව කරන බුද්ධිමත් ඡන්දදායකයින් සිටින්නේ මෙහි පමණක් බව...

:       647       310

de silva Monday, 07 September 2020 07:38 AM

රටේ පාලකයන් හිතන් ඉන්නේ පොහොට්ටුවට ඡන්දය දුන් 69 ලක්ෂයෙන් බහුතරයක් මෝඩයින් කියලා...

:       524       240

gamageMonday, 07 September 2020 08:44 AM

හිතන්න දෙයක් නැහැ.. මේ ගොල්ලන්ගේ හැටි දැනගෙනත් 2/3 දුන්නා නම් දැන් සාදුකාරයක් දීලා වැඳගෙන ඉන්න තියෙන්නේ. තව ඉස්සරහට හොඳ හොඳ ඒවා එනවා. තාම ඔය ඇහෙන්නේ කසකාරයින් එන සද්දේ විතරයි. පෙරහැර එන්නේ ඊළඟට...

:       778       651

nalin Monday, 07 September 2020 07:42 AM

මට මේක තේරෙන්නෙ නෑ. ඒ කියන්නේ ලංකාවේ අධිකරණයෙන් මරණ දඬුවම ලැබුණු මිනීමරුවෙකුටත් පාර්ලිමේන්තුවට යන්න පුලුවන්... එතකොට ඇයි කලින් සරත් ෆොන්සේකාට යන්න බැරි වුනේ...?

:       110       568

janabala asamagiMonday, 07 September 2020 08:57 AM

ප්‍රභාකරන්ව ඝාතනය කළ නිසාද?

:       707       216

මසිරිපාලWednesday, 09 September 2020 12:30 PM

ප්‍රභාකරන් මරපු නිසාම නොවෙයි එල්ටීටීඊ එකත් විනාශම කරලා ආයුධවලින් කොමිස්ගන්න නැතිකළ නිසා කියලයි මට හිතෙන්නේ. හිටු රාජ්‍ය නායකතුමාට රටේ ඉහළම තැනට එන්න උදව්කළ කෙනෙකු මරලා මරණ දඬුවම නියම වූ කෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න ඉඩදීම ගැන හිටපු රාජ්‍ය නායකතුමා මොනවද කියන්නේ කියලා දැනගන්න කැමතියි..

:       0       0

Rohitha Monday, 07 September 2020 07:46 AM

ලංකාව ඇත්තටම හදන්න පුළුවන්ද මේ වගේ මිනිස්සු එක්ක?

:       26       339

K PereraMonday, 07 September 2020 06:08 PM

ගොන්නුන්ව දහන්න පුළුවන්.. නමුත් ලංකාවේ සිටින මේ වගේ මිනිස්සුන්ව මේ කපේදී හදන්න බැහැ.

:       0       140

ana Monday, 07 September 2020 07:48 AM

ඔයා විතරයි අඩු මචං...

:       0       82

බද්රානි Monday, 07 September 2020 08:11 AM

චොකා මල්ලි විතරක් නෙමේ, ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට ගේන්න සුදුසුකම් තියන අය තව කොච්චර නම් බන්ධනාගාරේ ඇතුලේ ඉන්නවද? මේ රටේ ජාතික සම්පත් බන්ධනාගාර ඇතුලේ සිරවෙලා ඉන්න එක ගැන නම් සිත වාවන්නේ නැහැ.

:       682       166

Kamal Monday, 07 September 2020 08:20 AM

දැන් නීතිය නැවෙනවා අංශක 180ටම...

:       704       543

BamunuarachchiMonday, 07 September 2020 10:27 AM

නීතිය ගැන දැනගෙනද කතාකරන්නේ...? නොදන්න මගුල් කතා නොකර හිටියොත් හොඳයි නේද? කෝ ජෙප්පන් කතාකරන්න එපෑයෑ.

:       419       609

hitan hutanMonday, 07 September 2020 01:12 PM

මම මේ බැලුවේ පහුවුණු දවස් ටිකේ කෑවේ බත්ද, පුන්නක්කුද කියලා...!!! 

:       640       265

BamunuarachchiTuesday, 08 September 2020 12:31 AM

අධිකරණ තීන්දු සහ ජනාධිපති තීන්දු තේරුම් ගන්න බැරිව දඟලන්නේ.

:       0       483

siri Monday, 07 September 2020 08:21 AM

ඔහොම යමු.. දැන් මෙහෙම නම් 20 සම්මත වුණාම කොහොම තියෙයිද? ජයවේවා..!!! 

:       674       368

Ruhunu Monday, 07 September 2020 08:21 AM

නීතිය 2ට විතරක් නෙමෙයි, රවුමටම නැවෙනවා. හෙට සමහර විට ඉල්ලාවි බිරිඳ ගාවට ගිහින් එන්න ඕනෑ කියා. බලාගෙන ගියාම පුදුම වෙන්න ඕනෑ දෙයකුත් නෙවෙයි, මොකද පාර්ලිමේන්තුවේ ඉන්නේ ඉතින් ඔක්කොම ඔයවගේ අයනේ...

:       511       365

Sirisena Monday, 07 September 2020 08:21 AM

20 වැනි සංශෝධනය තව ආවෙත් නැහැ.

:       632       231

janabala asamagi Monday, 07 September 2020 08:55 AM

මමත් එනපාර ඡන්දෙට ඉල්ලනවා. දිනුවොත් අල්ලපු වත්තේ විරුද්ධ වාදියාට දඬුවම් දෙනවා. දඬුවමෙන් බේරිලා පාර්ලිමේන්තු යනවා. එතැන හිරේ යනවාට වඩා හොඳයි.. මැරෙන්නෙත් නැහැනේ. ඔන්න ඕකයි තත්වේ..

:       455       168

isuru Monday, 07 September 2020 09:27 AM

මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මිනීමරුවන්, එතනෝල් මුදලාලිලා, හෙරොයින් මුදලාලිලා, බාල අපරාධකරුවන්.... ඉතින් මේක අරුමයක් නොවේ.

:       596       423

Hafeel Monday, 07 September 2020 11:27 AM

ඒක තමයි බන්ධනාගාරවල ඉන්න ඉතිරි මිනීමරුවන් ටික ගෙනැල්ලා පාර්ලිමේන්තුව පිරෙව්වා නම් හොඳයි. කොහොමටත් මේ නවාස් විනිසුරු විභාග කරන්න නඩුවලින් සාධාරණ තීන්දු බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද නීතිපති කියනවා නම් මෙවැනි දඬුවම් විඳින චූදිතයෙකුට පාර්ලිමේන්තු යන්න නීතියේ ප්‍රතිපාදන නැතැයි කියද්දීත්... එහෙම නම් රටේ ව්‍යවස්ථාව පොට්ට, වලංගු නැති ව්‍යවස්ථාවක්ද?

:       449       285

අනුර ජයන්ත Monday, 07 September 2020 09:35 AM

එක රටක්, එක නීතියක් අපි අකුරට වැඩ...

:       117       46

විජිත් Monday, 07 September 2020 09:40 AM

ලෝකයේ රටවල් තිබුණා මිනීමරුවන් විසින් පාලනය කරපු.. උගන්ඩාව, කාම්බෝජය වගේ රටවල්.. ඔය ඉඩිඅමීන්, බොකාසා, පොල්පොට් වගේ දාමරිකයින්. නමුත් මිනීමරු පවුලක් පාලනය කරන එකම රට ශ්‍රී ලංකාවයි. ඒ රටේ ජනගහනයෙන් 69 ලක්ෂයක් වන නූගත්, මෝඩ, කැමැත්තෙන්ම වහල්ලුන් වුණු, ජාතිවාදී, අමන ගෝත්‍රිකයින්ගේ, ඡන්දය නිසයි. දියවන්නාවේ තියෙන භූත මාලිගාවේ සිටින කීදෙනෙක් මිනීමරලා උසාවි ගිහින් තියෙනවද?

:       602       1023

GG Monday, 07 September 2020 09:42 AM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු... 69 ලක්ෂය පැතූ වෙනස මෙයයි. ජයවේවා...

:       225       272

BamunuarachchiMonday, 07 September 2020 10:12 AM

වරද්දලා කතා කරන්න එපා.. 69 ලක්ෂයක් වෙනස් කළේ රටේ නීතිය හෝ අධිකරණය නෙවෙයි, ජනාධිපතිවරයා සහ රටේ ආණ්ඩුවයි. අධිකරණයේ තවම ඉන්නේ යහපාලකයින් පත්කළ විනිශ්චයකාරවරු... ඔවුන්ට බලපෑම් කළ හැටි අපි දැක්කා. මගේ අදහස අනුව වෙනස් විය යුත්තේ රටේ අධිකරණය මගින් වැරැදි කාරයෙක් ලෙස තීන්දු ලැබූවෙක්, අභියාචනයක් කළ පමණින් නැවත තීන්දුව ලැබෙන තෙක් නිදොස් පුද්ගලයකු ලෙස පිළිගැනීමයි. නිදොස් කියලා නැවත තීන්දුව ලැබෙන තෙක් ඔහු වැරැදිකරුවෙක්...

:       452       87

BishanMonday, 07 September 2020 06:25 PM

ඔයා වගේ කෙනෙක් පුත්තලමේත් නෑ...

:       46       0

BamunuarachchiTuesday, 08 September 2020 01:06 PM

ඔයා වගේ අය නම් පුත්තලමේ ඉන්නවා නේද?

:       0       63

සනත් ඉතාලිය Monday, 07 September 2020 09:59 AM

ඒකත් හරි, රටේ සංවර්ධන වැඩ කටයුතු ආණ්ඩුවේ සියලුම සැලසුම් ක්‍රියාත්මක කරන්න බැරුව හිරවෙලා තිබ්බේ එයා නැති නිසානේ... ඔන්න එයා එනවා දියවන්නාවට... දැන් ඉතින් වේගවත් සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්... ජයවේවා..!!!

:       120       205

Bishan Monday, 07 September 2020 10:08 AM

69 ලක්ෂයේ වීරයා වහාම පාර්ලිමේන්තුවට එවනු...

:       185       154

Bamunuarachci Monday, 07 September 2020 10:24 AM

අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් දැනට ලැබී තියෙන අධිකරණ තීන්දුව අහෝසි වෙන්නේ නැහැ නේද? පුදුම නීති මේ රටේ තියෙන්නේ...

:       1       63

Bamunuarachchi Monday, 07 September 2020 10:25 AM

මොනවා නැතත් ඩියුටි ෆ්‍රී කාර් එකක් ගන්න ඉල්ලුම් පත්‍රය දාන්න.

:       4       217

pradeepa Monday, 07 September 2020 10:33 AM

හරි තීන්දුව මොකක්ද?අද පාර්ලිමේන්තුව කියන්නේ හොරුන්, මිනීමරුවන්, බාර් කාරයන් ඉන්න තැනක් නේ. එහෙනම් චොකාමල්ලි ආවට කමක් නැහැ.

:       7       192

Tharanga sanjeewa Monday, 07 September 2020 10:47 AM

මොකක්ද මේ දෙකේ නීතිය...? මරණ දඬුවම දීපු කෙනාටත් උත්තරීතර තැනට එන්න හදන නීති... අනේ අහෝ...!!!

:       3       157

සෙනෙවිරත්න Monday, 07 September 2020 11:04 AM

මේ වග දන්නවා නම් දුමින්දටත් නොමිනේෂන් දෙන්න තිබුණා..

:       116       122

විජේ Monday, 07 September 2020 11:34 AM

මේවා හරියන වැඩ නෙවෙයි...

:       0       225

Asanga Monday, 07 September 2020 11:44 AM

ජනාධිපතිතුමනි, අපි මෙවැනි දේ ඔබගේ පාලනය යටතේ බලාපොරොත්තු නොවෙමු. මේ සම්බන්ධව වහා පියවර ගෙන, වරදකරුට එම ස්ථානයම ලබාදෙමු. රටේ නීතිය කාටත් පොදුවිය යුතුයි.

:       0       393

BamunuarachchiMonday, 07 September 2020 03:17 PM

හලෝ.., තේරුම් ගන්න මෙය ජනාධිපතිගේ තීන්දුවක් නොවෙයි... අධිකරණ තීන්දුවක්.. අදාළ නීතිඥයින් ඉදිරිපත් කළ නීති තර්ක කියවන්න. මැට්ටෙක් වගේ කියවන්නේ නැතිව...

:       458       1324

Kuma Tuesday, 08 September 2020 04:05 PM

දී කිරට බළලුත් සාක්කි..

:       37       8

BamunuarachchiWednesday, 09 September 2020 03:15 AM

මොහුගේ පත්වීමට මමත් විරුද්දයි නමුත් නීතිඥ වරුන්ගේ තර්ක ඇසුවාම නීතියේ හිඩසක් තිබෙනබව දැක්කා.

:       0       51

Prabha Monday, 07 September 2020 11:49 AM

නාටකය ඉවරවෙන්නේ හොරු ටික එළියට, උපුල්දෙණිය ඇතුළට ගිහිල්ලා...

:       123       115

විජේ Monday, 07 September 2020 03:53 PM

ඇයි අලි සබ්රිට විතරක්? එයාගේ වුවමනාවට ගෙනාපු සංශෝධනයක් නෙවෙයිනේ මේ...

:       124       51

Perera Monday, 07 September 2020 07:24 PM

අපේ චොකා මල්ලි මැතිතුමා මිනීමරු ඇමැතිතුමා කරලා මැතිසබේට පිළිගමු.

:       35       2

Prasad Tuesday, 08 September 2020 05:35 AM

පසුගිය නොවැම්බර් සිට මේ රට ව්‍යසන වලට මුහුණ දෙන්නේ ඔය වගේ වැඩ නිසා.

:       47       0

Champa Tuesday, 08 September 2020 11:37 AM

ලංකාවේ අධිකරණය ගැන විශ්වාසය බිඳ වැටිලා තියෙන්නේ මෙහෙම වැඩ නිසා. අභියාචනාධිකරණ තීන්දුව ගැන ඉස්සෙල්ලා තිබ්බ නිව්ස් එකට ලියන්න බැරි වුණා. අභියාචනාධිකරණයට කිසි බලයක් නැහැ මරණ දඬුවම නියම වෙච්ච මිනීමරුවෙක්ට පාර්ලිමේන්තු යන්න අවසර දෙන්න. අධිකරණයෙන් මරණ දඬුවමක් නියම වුණාට පස්සේ ඔහුට සාමාන්‍ය නීතිගරුක පුරවැසියෙක්ට තියෙන අයිතීන් තියෙන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට මිනීමරුවන්ට යන්න පුළුවන් කියලා ව්‍යවස්ථාවේ කොතැනද තියෙන්නේ කියලා අභියාචනාධිකරණ තීන්දුව දෙනකොට කියන්න ඕනේ.. අවුරුදු ගාණක් අහපු නඩුවක තීන්දුවක් බලරහිත කරලා, අභියාචනාධිකරණය එක දවසින් මිනීමරුවෙක් සුදනෙක් කලේ කොහොමද? කෙනෙක් මිනීමැරුමක් කළොත් ඔහුට මරණ දඬුවම දෙන්නේ ඒ පුද්ගලයා නැවත තවත් කෙනෙක්ව ඝාතනය නොකරයි කියලා විශ්වාසයක් නීතියට අනුව නැති නිසා. මේක තනිකරම නීතිය අභිබවා දේශපාලන උවමනාවන් අනුව දුන්නු තීන්දුවක්. මේ තරම් අත්තනෝමතික විදිහට නීතිය අවනීතිය කරන කොට, මේ ආණ්ඩුව මහත් බලාපොරොත්තු තියන් ඉන්න ජාත්‍යන්තර ආධාර වුණත් නොලැබී යන්න පුළුවන්....

:       74       2

Champa Tuesday, 08 September 2020 12:23 PM

දරුවන් අපහරණය කළ නඩුවල විත්තිකරුවන්ට දැන් අත්හිටවූ සිර දඬුවම් දෙන්න පටන් අරන්. වරද පිළිගත්තා කියලා නිදහස් කරපු අවස්ථාවනුත් තියෙනවා. ලිහිල් දඬුවම් කියලා ජාතියකුත් දෙනවා. කාන්තා සහ ළමා කටයුතු පිළිබඳව තිබ්බ කැබිනට් අමාත්‍යාංශයත් අහෝසි කරගෙන ඉන්න රටක, අධිකරණය විසින් ලංකාව ගෝත්‍රික රටක් කරගෙන යනවා. තාම බලයට ඇවිල්ලා මාස ගාණයි. ආණ්ඩුවේ රිපෝට් කාඩ්එක දැනටම රතුපාට වෙලා තියෙන්නේ...

:       34       1

chandana Tuesday, 08 September 2020 08:17 PM

අධිකරණවල මට්ටම් වල ඉහළ යාමට සාපේක්ෂව විනිසුරුවරුන්ගේ විශේෂඥ දැනුම, අත්දැකීම් හා විශ්ලේෂණාත්මක හැකියාවන් වලිනුත් ඉහළට යනවා. ඒ අනුව පහළින් ගත්ත තීරණයක අඩුපාඩු තිබිය හැකිවාක් මෙන්ම එවැනි තත්වයක් නිවැරදි කිරීමේ හැකියාව ඉහළ මට්ටම්වලට ලැබෙනවා. ඒ වගේම අධිකරණයේ දී නිර්දෝෂිභාවය පිළිගැනීම වැනි පූර්වනිගමනද තිබෙනවා. කෙසේවෙතත් ඉහත අදහස් දමා ඇති මිනීමැරීම පිළිබඳ ඇසින් දුටුවන් හා ඉහත අදහස් දමා ඇති නීති විශාරදයින් සියළු දෙනාද අධිකරණයට කැඳවා සාක්ෂි ලබා ගැනීමට කටයුතු කළ හැකි නම් මැනවි...

:       7       234

lakvidu Wednesday, 09 September 2020 06:46 PM

ප්‍රජා අයිතිය අහෝසි කළ අයෙකුට පාර්ලිමේන්තු ගිය නොහැක. මරණ දඬුවම යනු ප්‍රජා අයිතිය අහෝසි කිරීමටත් එහා ගිය දඬුවමක්... ඉතින් එවැන්නෙක් පාර්ලිමේන්තු යවන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 440 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 815 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 445 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1208 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 682 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2991 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1888 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site