(ඩයනා උදයංගනී)
චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු මෙන්ම ජනප්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර මහතා අද (28) අළුයම අභාවප්‍රාප්ත විය.
මිය යන විට 83 වන වියේ පසුවූ ඒ මහතා ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත.
ප්‍රවිණ ගායිකාවකව සිට නැසීගිය වසන්තා සන්දනායක මහත්මියගේ බෑණනුවන් වන අබේසේකර මහතා විවාහව සිටියේ ප්‍රවීණ ගායිකා දයා හේමන්තා සන්දනායක සමඟය.
ඔහු ජනප්‍රිය ගයිකාවන් වන සධානා රණතුංග අහ සුප්‍රියා අබේසේකර යන මහත්මීන් ඇතුළු දූ දරුවන් හත් දෙනකුගේ පියාණන් ද විය.
" වහල් දුපත " සහ " සිදාදියෙන් හයක් " යන චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වන අබේසේකර මහතා " හිඟන කෙල්ල " සහ " ජන ශක්ති " නමින් තවත් චිත්‍රපට දෙකක රූප ගත කීරීම ආරම්භ කල නමුත් ඒවා නිම කිරීමට නොහැකි වි.
දස්කම , සිරකරුවා , සැඩසුළං, ගිජු ළිහිණියෝ,කොළඹ හාදයෝ, වහල් දූපත , සිදාදියෙන් හයක්, දාමරිකයෝ ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු ජීවිතේ අපේ සුහද මල් පිපී, මේ රාත්‍රියේ මිහිරෙන් චමත්කාර වීලා, ජීවිතේ රන් විමානයේ, ලස්සන මලකින් පැණිගෙන, නිල්මිණි රන්තරු දෑසේ ඇතුළු ගීත කිහිපයක් ගායනා කර ඇත.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර දිවි සැරිය නිමා කරයි
SUNIL MILANO Tuesday, 28 September 2021 12:21 PM
ඔබතුමා තම මෞබිම වෙනුවෙන් කල සේවයට හිස නමා ගෞරව කරමි .ඒ වගේම ජරමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියාද පතමි
Raveendra Tuesday, 28 September 2021 03:02 PM
ඔබට නිවන් සුව අත්වේවා....!!!!