IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


චන්දකිත්ති හිමියෝ මුලතිව් ගමකට නෑ ගම් යති

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක ජිවත්වන පවුල් 250කට අවශ්‍ය ආහාර පානාදිය රැගෙන කොළඹ 07, නාරද බෞද්ධ ධර්මායතනාධිපති තලල්ලේ චන්දකිත්ති හිමියෝ එම ගම්මානයට වැඩම කළහ.

23 විජයබා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බුද්ධික අතුකෝරල මහතාගේ ඉල්ලීම පරිදි කොරෝනා ව්‍යසනයෙන් අසරණ වූ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ගම් කිහිපයක සිටින දමිළ වැසියන් 250 දෙනකුට ගෙයින් ගෙට ගොස් රුපියල් 4500 ක පමණ වටිනාකමකින් යුත් ආහාර මලු බෙදා දෙනු ලැබීය.

එහිදී අදහස් දැක් වු චන්දකිත්ති හිමියෝ කොරෝනාව ජාති ආගම් කුල මල භේදයක් නැතිව සියලු ජනතාව පීඩාවට පත් කර ඇති සමයක අනවශ්‍ය වාද භේද කරපින්නාගෙන අසරණයන්ට පිහිට නොවී සිටීම සංවේගයට කාරණාවක්. මෙවන් අවස්ථාවක රටවැසියන් හැටියට අපි සැවොම එකට හිඳ පොදු සතුරා වන කොරෝනාව පරාජයට පත් කළ යුතුයි. ඒ වගේම ඔවුනොවුන්ට පිහිට විය යුතු යැයි  පැවැසූහ.

මෙම අවස්ථාවට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජනරාල් සිසිර පිලපිටිය සහ 642 බළසේනාධිපති බ්‍රිගේඩියර් ශශික පෙරේරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු රැසක්ද සහභාගී වූහ.

මෙම සද්කාර්යයට දායක වූ කොළඹ 07, නාරද බෞද්ධ ධර්මායතනයේ දායක පිරිසට සහ දෙස් විදෙස්හි වාසය කරන චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ දායක පිරිසට මේ අවස්ථාවට එක් වූ වත්තේගම නිපුණ හිමියෝ පුණ්‍යානුමෝදනා කළහ.



අදහස් (4)

චන්දකිත්ති හිමියෝ මුලතිව් ගමකට නෑ ගම් යති

කිරි පුතා Wednesday, 30 June 2021 12:07 AM

අහිංසක මිනිසුන්ට උදව්, උපකාර කිරීම කොතරම් උතුම්ද?. භාග්‍යවතුන් වහන්සේගේ දේශණය එයයි...

:       0       0

damith Wednesday, 30 June 2021 05:52 AM

පාලකයින් තම පැවැත්මට ජාති බේදය වපුරද්දී අපි මෙත් සිත වපුරමු..

:       0       0

Glennie Fernando Wednesday, 30 June 2021 07:50 AM

හරි අගෙයි. ප්‍රබල සංකේතාත්මක සත්ක්‍රියාවක්. ඒ ආකල්පයෙන් සහ ආකාරයෙන් කරදර නැති කලදීත්, එදිනෙදා ජීවිතයේ දී කටයුතු කළ හැකිනම්..! සුබපැතුම් සහිතව.

:       0       0

Not a slave Wednesday, 30 June 2021 11:58 AM

හිමිනමක් විදිහට ඔබවහන්සේ විතර හරි දේ කරන්නේ... අගය කළ යුතු වැඩක්...

:       0       25

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 286 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 138 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 208 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 791 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1052 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1277 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1199 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site