(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත.
ඒ අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපතිවරුන් වන සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර තිබේ.
එම පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා (21) සවස රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
එම පිරිසට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් එතෙක් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මීට අමතරව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් සිල්වා, අංග්ජන් රාමනාදන් සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු පත්කර ඇතැයිද ඔහු කීය.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චන්ද්‍රිකා - නිමල් පක්ෂයෙන් පන්නයි
Senarath Tuesday, 22 November 2022 09:29 AM
මෙත්‍රීපාල සිරිසේන එලවන්නෙ නතිද ? එයා තමා 2015 දි යටිකුට්ටුවැඩ කරල දිනන්නබැරුව හිටපු නයකයෙක් බලයට ගෙනල්ල, මහබැංන්කුව කොල්ලකන්න දුන්නෙ. ඒ් විතරක් නෙමේ,ප ැය 24 න් සියලුම බලතලත් අගමැතිට පවරන්න තමා පොරොන්දුවෙලා හිටියෙ. අපවත්වුනු සොභිත හමුදුරුවන්ගෙ බනුමෙන් තමා එක නතරඋනේ. එ විතරක්ද එයාගෙ එ අවුරුදු 5 ට ඩොලර් බිලියන 12 ක් නය ගත්ත, වරාය විකුනල තව ඩොලර් බිලියන 1.1 ක් ගත්ත. මොනවද රටට කලේ ? එ සියල්ලෙන්ම තම රට වැටෙන්න පාර කැපුනෙ. එයා ඉන්නකම් පක්ශය නැවත ගොඩගන්න බැහැ.
[email protected]Tuesday, 22 November 2022 01:25 PM
නොකිය කියන්න උත්සහ කරන්නෙ රජ පවුල එක්ක ඉන්න තිබ්බ කියල නේද. අහෝ වහල්ලු.
Rohan PereraTuesday, 22 November 2022 02:13 PM
2015 වෙනස නොවෙන්න අද මුලු රටම මැදමුලනෙ වලන් හෝදදන්නෙ
Deepal NiroshWednesday, 23 November 2022 09:23 AM
මහින්ද මහත්තයගෙ ආණ්ඩු කාලෙත් මීට වඩා අඩු ඩොලර් බිලියන ගණනක් ණය ගත්ත. ඒ මුදලින් මහජනතාව නො ඉල්ලුවත් රටේ යටිතල පහසුකම් වැඩි දියුණු කළා. මුදලින් කොටසක් පවුලේ සැම හා වටා සිටි රාජ්‍ය තිලධාරි පැළැන්තිය බෙදා හදා ගත්ත. මේ සේරම ඇස් දෙකට පේන්න තියනවා. ඒත්..... මේ යහපාලනය යටතේ මෛත්‍රීපාල මහත්තයාගෙ ආණ්ඩුව ගත්තු ඩොලර් බිලියන ගණනට මොකද වුනේ කියලවත් පේන්නෙ නැහැ. දන්න කෙනෙක් පැහැදිලි කරමුද?
sharm warn Tuesday, 22 November 2022 09:31 AM
අනෙ අපිට මොකඩ. . මෙ නාකි හුටස් පටස් ටික රට කාලා තියෙන එ් පක්ශයක් නොකා ඉදියි කියලා කාටද කියන්න පුලුවන්? පක්ශ වල යුද්ද අපිට වැඩක්ම නෑ. . අපිට රටෙ ආර්ථිකය ගොඩ ගන්න යුද්ධ කරන්න වෙලා තියෙන්නෙ..
Rohan Perera Tuesday, 22 November 2022 02:11 PM
ඔය පක්සෙ හැමදාම පිටිපස්සෙන් පිහියෙන් ඇන්න කුහක පක්සයක්, C. P ද සිල්ව ගෙ ඉඩන් අනුර බන්ඩාරනායක වෙනකන්ම
siri Tuesday, 22 November 2022 04:54 PM
පුරා වසර 17ක කාලයක් පරාජය වෙමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ජයමාවතට ගෙන ආවේ කවුද කියා දැන් කාටත් අමතක වෙලා වගෙයි. චන්ද්‍රිකාගේ වැරදි නැතුවා නෙවේ. නමුත් අද පාර්ලිමේන්තුවේ ඉන්න ශ්‍රී ලංකා පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ බොහෝ දේශපාලඥයින් පාහේ ඇය විසින් දේශපාලනයට ගෙන ආ කට්ටිය නොවේද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවේ ඉන්දවුයේද චන්ද්‍රිකාගේ මැදිහත්වීම නිසා බව පැහැදිලිය. කන්න දුන් අත් දෙකම හපා කෑමට කප් ගසා ඇති මිනිසුන්ට අතීතය අමතක වීම අරුමයක් නෙවේ.
Prabha Tuesday, 22 November 2022 09:47 PM
චන්ද්‍රිකා හැර අනික් සියලු දෙනා යූ.එන්.පී යෙන් පැන්න අය.චන්ද්‍රිකා ශ්‍රීලංකා එක කඩාගෙන මහජන පක්ෂය හදපු කෙනා
Perera Wednesday, 23 November 2022 03:18 AM
ඔක්කොම එකයි. රට කාලා විනාශ කරලා අපිට හපේ විතරයි දැන් ඉතුරු.
kamal dasanayaka Wednesday, 23 November 2022 04:45 AM
යහපාලනයක් හදලා ජනාධිපති වශයෙන් යෝජනා කර ඉදිරියට ගෙනත් මහ පුටුවේ ඉන්දුවට හොදට සළකලා තියෙනවා.
Bunny Preena Wednesday, 23 November 2022 09:03 AM
කොහොමද පන්නලා තියෙන්නේ.?