(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා තිබේ.
නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල පරිශ්‍රයේ පළමු වහලේ පිහිටි ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සිය ස්ථාවරය අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම ක්‍රියාකාරී පාක්ෂික පිරිස කැඳවා ඔවුන් හමුවේ සිය ස්ථාවරය ප්‍රකාශකර ඇත.
ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙමු යැයි යෝජනා කර තිබේ.
එහිදී අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා කිසිදු අපේක්ෂකයකුට සහයෝගය ලබා නොදෙන බවද, අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පිරිසට තම තමන්ගේ මනාපය පරිදි කැමති අපේක්ෂකයකුට සහයෝගය දක්වන ලෙසද ඒ පිළබඳව තමාගේ කිසිදු විරෝධතාවයක් හෝ අකමැත්තක් නොමැති බවද පවසා ඇත.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකාවක් බවද පක්ෂයේ අනුසාශකවරිය බවද පවසා තිබේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චන්ද්‍රිකා පැත්තකට වෙයි
Nandalal de Silva - France Sunday, 11 August 2024 11:55 PM
ඒක හරිම කාලොචිත තීරණයක් !
sukitha Sunday, 11 August 2024 11:58 PM
ලංකාවේ ඉන්නෙ මහා විකුර්ති චරිත. දූපතක් නිසා වෙන්න ඇති. හිතෙන හිතෙන දේ කරනව. කියනවා.
ටෝයිබයියා Monday, 12 August 2024 01:07 AM
මෙයා පැත්තකට උනා කිව්වට මෙයාගේ කට්ටිය ගජ රාමෙට සූත්තර පුංචාට වැඩ..
sunimal Monday, 12 August 2024 01:52 AM
මාර වැඩේ . දැන් චන්දෙ තියන්න බැරිවෙයිද මන්ද? අනේ මේ කයිවාරු නෝනේ දැන් මේ රටේ ඔහෙට ඇති චන්දයක් නැහැ . පැත්තකට වෙලා මුනුබුරු මිනිබිරියන් බලාගෙන ඉන්නවා හොඳයි . 1994 ඉඳන් 2005 වෙනකන් ඔහේ රටට කල කෙන්ගෙඩියක් නැහැ .කල එකම දේ කයිවාරුව පමණයි
කලුතර මහ කරු Monday, 12 August 2024 01:53 AM
ලොකු සහයෝගෙ.... මොකක්ද දෙන්න පුළුවන් සහයෝගය එයාට...
Pradeep Kumara Monday, 12 August 2024 08:06 AM
අවස්ථා දෙකක් ජනාධිපති ධූරය දරලත් තමන්ට හදන්න බැරි වූ රට වෙන කෙනෙකුට හදන්න කියලා උපදෙස් දෙන්නේ කොහොමද? ඔබ තුමියගේ තීරණය හරියටම හරි. විශ්‍රාම ගත්තානම් පැත්තකට වෙලා ඉන්න.
මහසෙන් Monday, 12 August 2024 08:57 AM
හැබයි මොනවා උනත් මේ වේලාවේ කරන්න පුලුවන් හොදම දේ කරන එකට මැඩම් ට ස්තුති .පැත්තකට වෙලා ඉන්න එකට.ඔයා විතරයි නැත්නම් අඩුපාඩුවක් වෙලා තිබ්බේ
ranjith Monday, 12 August 2024 09:35 AM
වෙනසක් තියනවද ?
කමල් Monday, 12 August 2024 10:00 AM
මිනිස්සු දම්මලා ගජ රාමෙට රනිල් ට වැඩ කියලා රටම දන්නවා
Kazi Shajahan Monday, 12 August 2024 12:55 PM
චන්ද්‍රිකා ඡන්දය නම් දෙන්නේ රාජපක්ෂ හොර රැළ නියෝජනය කරන රනිල්ට...
ගමේ එකාලා Monday, 12 August 2024 03:44 PM
යහපාලන ආණ්ඩුවක් හදනවා කියලා හිටන්ව ගෙනත් වෙචිචි දෙයින් පාඩමක් ඉගෙන ගෙන ඇති...