IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


චන්නට තවත් ලෝක සම්මානයක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාට ඇමරිකා එක්සත් ජනපද විද්‍යාභිවර්ධන සංගමය (American Association for the Advancement of Science, AAAS) විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන්වූ   (Scientific Freedom and Responibility Award) සම්මානය පිරිනමා ඇත.

මෙම සම්මානය ඔහුට  ලැබී ඇත්තේ  විවිධ පාර්ශ්වවලින් එල්ල වූ අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ කළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමට කළ  දායකත්වය සලකා බැලීමෙන් පසුවය.

සම්මානය ප්‍රකාශයට පත්කෙරුණු  මුල් අවස්ථාවේදී කෘෂි රසායන සමාගම් ඇතුළු විවිධ පාර්ශව ඊට දැක්වූ විරෝධය හේතුවෙන් සම්මානය පිළිබඳව  යළි සලකා බැලීමට විශේෂ ජූරි සභාවකට යොමු කෙරිණි. අවසානයේදී  එම ජූරි සභාවේද තීරණය වූයේ සම්මානය මහාචාර්ය චන්න ජයසුමන මහතාට ලැබිය යුතු බව බවයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සම්මානය ලබාදීම ප්‍රමාදවිය.  මෙවර ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි ඩෙන්වර් නගරයේ පැවති ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුවේදී  එහි වැඩසටහන් අධ්‍යක්ෂිකා  තෙරේසා හැරිස් මහත්මිය ජයසුමන මහතාට සම්මානය පිරිනැමුවාය.

චන්න ජයසුමන මහතා සමඟ   එක්ව පර්යේෂණ කළ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලකද 2019 වර්ෂයේ විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් වන ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ අන්තර්ජාතික සම්මානයේ කොටස්කරුවෙකි.



අදහස් (5)

චන්නට තවත් ලෝක සම්මානයක්

සමන් Monday, 19 February 2024 03:22 PM

රටට නොවටිනා ලෝකෙට අගනා මිනිහෙක්. මෙවන් මිනිසුන් තව තවත් ලක් මෑනිට බිහිවේවා. එවිට අපිටත් යහපත් රටක් ලැබේවි. මහැදුරුතුමනි ඔබට ජය...

:       10       24

පුරවැසියා Monday, 19 February 2024 03:36 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...!

:       16       22

Lal Monday, 19 February 2024 04:08 PM

ඔබට සුබපැතුම්...!

:       6       20

fairoos Monday, 19 February 2024 04:21 PM

ගෝඨාභය එක්ක ඉන්නකොට මෙතුමාට මොලේ වැඩ කළේ නැද්ද කොහේද?

:       6       14

මැක්ස් Monday, 19 February 2024 04:37 PM

රසායනික පෝර සමාගම්වලට කුලියට කහින අප රටේ තුප්පහි කී දෙනෙක් මේ මනුස්සයාට ගැරහුවාද? තවමත් ගරහමින් සිටිනවාද? නමුත් ඒ සියල්ලන් දුක⁣ට පත්කරමින් ජාත්‍යන්තර කරලියේ විකුම්පාන මහැදුරුතුමාට අපගේ ආචාරය වේවා...!

:       6       28

ඔබේ අදහස් එවන්න

දියත

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 0 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 372 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


ජනපති- IMF සාකච්ඡා දෙවන දිනටත්
2024 ඔක්තෝබර් මස 04 2 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 861 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 793 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 136 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site