IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘චීනයට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරනවා‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස 2 ක කාලය තුළ සියයට 70 සීමාවට ළඟා වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එසේ ඉහළ යන උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට මධ්‍යස්ථ මට්ටමකට එනු ඇතැයි වීරසිංහ මහතා පැවසුවේය.

චීනය ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කර ඇතැයි පළවන වාර්තා වීරසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය    

බලශක්ති නිෂ්පාදනවල මිල ගණන් වෙනස්වීම මත පදනම්ව ඉදිරි මාස දෙක සඳහා උද්ධමනය ගණනය කළ බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක් ලබා ගැනීම සඳහා සුදුසුකම් තිබෙන බවත් එය මාස 3 ක කාලයකදී කොටස් වශයෙන් ලැබෙනු ඇති බවත් සී.එන්.බී.සී නාලිකාවේ ස්ට්‍රීට් සයින්ස් වැඩසටහනට සහභාගී වෙමින් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

විස්තීරණ අරමුදල් පහසුකම යනු ගෙවුම් ශේෂ හිඟය ඇති රටවලට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මාණය කර ඇති පහසුකමකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් ලබා දීම ආරම්භ කළ පසු ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන මුදලට  අමතරව තවත් ඩොලර් බිලියන 4 මුදලක් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි වීරසිංහ මහතා පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් ඔබ්බට යාමට බලධාරීන් මෙය අවස්ථාවක් කරගත යුතු බව වීරසිංහ මහතා පැවසුවේය. වත්මන් ආර්ථික අර්බුදයේ මූලික හේතුව දශක ගනනාවක මූල්‍ය අවභාවිතය බව ඔහු පැවසීය.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හැකි වෙතැයි වීරසිංහ මහතා සුභවාදීව සිතන බව සී.එන්.බී.සී නාලිකාව සඳහන් කළේය.

 



අදහස් (17)

‘‘චීනයට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරනවා‘‘

සුජිත් පල්ලේවත්ත Friday, 22 July 2022 06:51 PM

ලංකාව අද මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින්නේ.. මෙවැනි ආධාර උපකාර, ණය සහ නොමිලේ ලැබෙන ඕනෑම දෙයක් හිසමුදුනේ තබා පිළිගැනීම නිසයි. මේ සියල්ලම තාවකාලික විසඳුම් වන අතර මෙහි ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නේ දශක කිහිපයකින් පසුව අනාගත පරපුරට සහ එදිනට බිහිවන රටේ නායකයින්ටයි. මෙසේ නොමිලේ ලැබෙන ආධාර සහ ගෙවා ගැනීමට නොහැකි ණය ලබාගැනීම තුළින් ජනතාව කම්මැලි වනඅතර එහි ප්‍රතිඵලය වන්නේ තව තවත් රුපියල් හම්බ කරන ඩොලර්ස් වලින් යැපෙන මිනිස්සුන් බිහිවීමයි. කළ යුත්තේ අපේ රටේ මිනිසුන්ගේ ඩොලර්ස් මතින් යැපෙන මේ ජීවන රටාව වෙනස් කිරීමට හැකි විධිමත් වැඩසටහනක් ක්‍රියාවට නැංවීමයි...

:       7       185

RohanaFriday, 22 July 2022 07:20 PM

කළහැකි එකම දෙය සේවාද අතුළු අපනයන ඉහළ නැංවීම පමණයි. අප නොකරන්නෙත් එයමයි...

:       0       89

OptionFriday, 22 July 2022 08:25 PM

ඔබ හරියටම හරි... දෙනකම් බලාගෙන ඉඳලා ඒවාගෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන හපය එලියට දාන අය ඉන්නේ..! ඒ ලැබුණු දෙයින් කොටසක් ආයෝජනය කරලා එයින් ලැබුනු ලාබය රටට දැනුවත් කරා නම් මෙතරම් ණයක් නැත..! බලන්න ඔය විශ්ව විද්‍යාලවලට නොමිලේ ලබාදෙන අධ්‍යාපනයට යන මුදල..! ඒකනේ විශ්ව විද්‍යාල යන අය පෙළපාලි කරන්න කාලය යොදවන්නේ... පිටරටවල විශ්ව විද්‍යාල යන දුප්පතාද පෝසතාද රටේ පුරවැසි සෑම කෙනෙක්ම වාර්සිකව මුදලක් ගෙවන්නම ඕනි... අවුරුදු 3-4 කියන්නේ ලොකු මුදලක්..! ගෙවන්න බැරිනම් බැංකු ණයක් ලබාදෙනවා ඉන්පසු 2% පොලී අනුපාතයට ඒ මුදල මාසිකව අවුරුදු 30 ක් ගෙවන්න ඕනි..! හැබැයි හැමෝම දියවන්නාවේ අයට බනිනවා කෙතරම් මුදලක් නාස්ති කරනවද කියලා.... ඒත් කවුරුවත් බනිනවද විශ්ව විද්‍යාලවලට යටකරන මුදල හා එයින් ලැබෙන ආයෝජනයක් ගැන..! නිදහස් අධ්‍යාපන කරලා ඉන්පසු පිට රටට යනවා..! ආයෝජනය ගියේ ඒ රටට නේද!

:       7       44

Lalith M Saturday, 23 July 2022 12:16 AM

මුලින්ම අසීමිතව රැකියා ලබාදෙන රාජ්‍ය සේවය සීමා කරන්න. පින්පඩි ගෙවීම රටට ඇති ලොකුම බරක්. අනික දායකත්ව විශ්‍රාම වැටුප අනාගත රාජ්‍ය සේවය සඳහා ක්‍රියාත්මක කරන්න. උපාධිය රාජ්‍ය සේවයට මාර්ගය කිරීම නවත්තන්න. පෞද්ගලික අංශයට ඉඩ දී උදව් කරන්න. රාජ්‍ය සමාගම් ජනසතු සේවා පෞද්ගලික අංශයට දීල දාන්න.

:       0       0

ravin Friday, 22 July 2022 06:54 PM

දැන් ඔය ලැබෙන මුදලින් හොරාකන්න කීයක් බලාගෙන ඉන්නවද? කියලත් ගණනය කළොත් නරකද?

:       27       42

dm Friday, 22 July 2022 07:01 PM

අනේ සර් ඔයා කලින් ආවා නම්..? කොහෙද මේ ලොක්කන්ට ලොකු වුනේ මහේන්ද්‍රන්ලා කබ්රාල්ලනේ...! 

:       8       82

Mohan Saturday, 23 July 2022 08:24 AM

මේ නන්දලාල් කියන පුද්ගලයා අලුත් කෙනෙක් නෙමෙයි. ඔහුගේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය මහබැංකු අධිපති ලෙස. මොහුත් මේවාට වග කියන්න ඕන පුද්ගලයෙක්. දැන් බබා වගේ කතා කළාට...

:       0       0

Hafeel Friday, 22 July 2022 07:08 PM

හරියට අයි.එම්.එෆ් එකේ මුදල ලැබුණා වගේ කතාව...

:       74       22

gangana Friday, 22 July 2022 07:18 PM

ලංකාවේ බදු ආදායමෙන් 86% වෙන්කරන්න වෙන්නේ රාජ්‍ය සේවක වැටුප්වලට... මේ තත්වය නවත්තන්නේ නැතිව කොච්චර ණය ලැබුණත් හැමදාම ලංකාවට මේ තත්වෙන් ගොඩ එන්න බෑ . 1) මේ අධික රාජ්‍ය සේවක ප්‍රමාණය අවම කරන්න ඕනේ 2) විශ්‍රාම වැටුප් හැමෝටම සමාන අගයකට ගෙන්න ඕනේ... 3) පෙට්‍රෝලියම්, CEB වගේ ආයතන වල තියෙන අධික වැටුප් අඩු කරන්න ඕනේ...

:       2       111

HelarawaSaturday, 23 July 2022 08:36 AM

මේ මහ බැංකු අධිපති විශ්‍රාම වැටුපත් සහ වැටුපකුත් ගන්නවා. ඊට අමතරව අතිවිශාල දීමනාවකුත් ගන්නවා. ඔහුගේ වර්තමාන දීමනාවල එකතුව රුපියල් ලක්ෂ විස්සකට වඩා වැඩියි. මොහු කරන්නේ ඔස්ට්‍රේලියාවට ඩොලර් පටවන එකයි. ඔහුගේ පසුගිය වසරවල කොතරම් මුදල් ප්‍රමාණයක් විදේශවලට ප්‍රේෂණය කරාද කියලා සෙවිය යුතුයි. මොහු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවෙක් ඊට අමතරව ඔහුගේ පවුලේ අය ඕස්ට්‍රේලියාවේ පුරවැසියන්. මෙයා බයිලා කියලා මිනිස්සුන්ව මෝඩයාට අන්දන්නට හදන්නේ...

:       0       0

Great Leader Friday, 22 July 2022 07:37 PM

රනිල් කියන්නේ ලොව පිළිගත් දක්‍ෂ කපිතාන්වරයෙකි.. රළු මුහුද ඔහුට හුරුයි..! සජිත් හෝ වෙන කවුරුහරි ආවා නම් වැලේ වැල් නැත..! ඒක හරියට මුහුද මැද යන නැවක නැව යාත්‍රාකරන්නේ කුමන දිසාවටදවත් නොබලන නැව් කපිතාන්වරයා එන්ජිම් රූම් එකේ ඉඳන් වෙනදේ වෙනකම් බලාගෙන ඉන්න තත්වයට වට්ටන කෙනෙකි!

:       37       78

වර්ණකුලසූරිය Friday, 22 July 2022 11:19 PM

හය වතාවක් අගමැතිවරයා වශයෙන් මූල්‍ය අවභාවිතයට වර්තමාන ජනාධිපතිවරයාද වගකිව යුතුයි. එසේ වගකිවයුතු පුද්ගලයෙක් නැවත සුභවාදිව ප්‍රතිසංස්කරණය කරාවි කියලා මහබැංකු අධිපතිවරයා විශ්වාස කළත් ජනතාව විශ්වාස කරන්නේ නැත. මනා කළමණාකරණයක් කරන්නේ නම් අතීතයේ මුදල් අවභාවිතයන් කළ සැමට දඩුවම් ලබා දිය යුතුයි. තමන් හිරේ යන්නත්, තම මිත්‍රයා සහ රාජපක්ෂලා හිරේ යවන්නත් වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නැත.

:       14       38

Kumara Saturday, 23 July 2022 01:51 AM

ණයට කන්ඩ බලාගන ඉඩකො හම්බ‌වෙයි.

:       0       0

Mo77 Saturday, 23 July 2022 08:31 AM

නන්දලාල් රෙගුලාසි මගින් ඩොලර් මිල කෘතිමව පවත්වාගෙන යනු ලබනවා. එම ස්ථාවර අනුපාතය පවත්වා ගැනීමට ඔහු මහ බැංකුවෙන් ඩොලර් නිකුත් කරන්නෙත් නෑ. මෙයින් වෙන්නේ අපනයනකරුවන් රට තුළට දැනට ඩොලර් එවන එක අඩු වෙලා තියෙන්නේ... මීට අමතරව විදේශ රටවල්වල ඉහළ වැටුප් ගන්නා උසස් රැකියා කරන පුද්ගලයින් ලංකාවට ඩොලර් එවන්නේ නෑ. හේතුව තමයි ඔවුන්ට සාධාරණ විනිමය අනුපාතයක් ලැබෙන්න ඇති හින්දා. නන්දලාල් කරන්නේ අහිංසක මැදපෙරදිග සහ අනෙකුත් රටවල්වල වැඩ කරන සමාන්‍ය ශ්‍රමිකයින්ගේ විදේශ මුදල් කොල්ලකෑමක්. උද්ධමනය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. බඩුමිල ඉතාමත් ඉහළයි. නමුත් විනිමය අනුපාතය මාස පහකින් විතර වෙනස් වීමක් නෑ.

:       0       0

විපුල Saturday, 23 July 2022 01:50 PM

අනික්වා කෙසේවෙතත් චීන ණය උගුල බොරු කියන එක පළිගත හැකිද? චීන ණය ගැන රට වටේ ඉදිකර ඇති මහාපරිමාණ නාස්තිකාර ඉදිකිරීම් වැනි දෑ කරනට, IMF හෝ JAIKA වැනි ආයතන කෙසේවත් ණය ලබා දෙන්නේ නැත.

:       24       2

Sarath Saturday, 23 July 2022 02:37 PM

හැම වෙලාවෙම CPC එකෙයි CEB එකෙයි වැටුප් කථා නොකර පුද්ගලික බස් අයිති කරුවකුගේ, නැත්නම් සිල්ලර කඩයක දිනක ආදායම් එහෙමත් දාන්න. රු. 13400/= ඩීසල් ගහපු බස් එකක් 200 km විතර ධාවනය කරලා දවසකට 65000- 70000 විතර හොයනවා. ඒක හින්දා ඔය පරණ බෙරේ හැමතිස්සෙම ගහන්න එපා. ඔය කිසි කෙනෙකුගේ වැටුප් $ එකත් එක්ක වැඩි වුනේ නෑ. බඩුමිල විතරයි වැඩි වුණේ.

:       32       1

Nihal Harischandra Saturday, 23 July 2022 03:26 PM

ඔබතුමා කොහොම කිව්වත් කතාව ඇත්ත. චීනය අපට ණය දෙන්නේ ආදරේට නෙවෙයි. රනිල් බලන්නේත් රටේ කෑලි විකුණන්න. අපි එක එකාගෙන් හිඟාකන්නේ ඇයි. ඇයි අපේ තේ, පොල්, රබර් පිටරටට යවන්න බැරිද? රටේ තියෙන කර්මාන්ත නැවත නගාසිටුවන්න. විදේශ රැකියා අවස්ථා ලබාගන්න. විදේශ රැකියා සඳහා යන අයට පහසුකම් සලස්වන්න. ඒ අය දිරිමත් කරන්න. මම දැක්ක ටූත් පික් පවා ලංකාවට චීනෙන් ගේනවා. ලැජ්ජයි

:       1       28

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1805 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 371 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 785 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4744 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 615 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3591 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site