(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් වීමට දරණ උත්සාහයේදී චීනය ශ්‍රී ලංකාවට සහාය වීමට කැමති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා පවසයි.
අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍යයන් සමග චීනයද ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් වීමට දරණ උත්සාහයේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සුදානම් බව ඊයේ (8) පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා ප්‍රකාශ කළේය.
විදේශ ආයෝජන හවුල්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතීන් සුරක්‍ෂිත කරන ලෙසත් දේශීය වෙළෙඳපොළේ ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කරන ලෙසත් චීනය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ෂාඕ ලීජියැන් මහතා තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්ලූම්බර්ග් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී දකුණු ආසියාතික රටවල මූල්‍ය අර්බුදවලට වෙනදා මෙන් චීනයේ අවධානය යොමු නොවන බව පැවසූ අතර චීනය දකුණු ආසියාව වෙත යොමුකර තිබූ අවධානය කෙමෙන් කෙමෙන් ගිලිහී යන බවත් අග්නිදිග ආසියාව සහ අප්‍රිකාව වෙත චීනයේ උපාය මාර්ගික අවධානය යොමු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන බවත් ප්‍රකාශ කළේය.
එයට පිළිතුරු දුන් ෂාඕ ලීජියැන් මහතා ශ්‍රී ලංකාව හොඳ මිතුරකු බවත් චීනය ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 500 ක් (ඩොලර් මිලියන 74.9 ක් පමණ) මානුෂීය ආධාර ඇතුළුව තවත් එවැනි සහන ලබා දී තිබෙන බවත් පැවසුවේය.
එසේම දකුණු ආසියානු රටවල් සමඟ යහපත් අසල්වැසි සබඳතා වර්ධනය කර ගැනීම චීනය ඉතා වැදගත් කොට සලකන බවත් කලාපීය සාමයේ සහ සංවර්ධනයේ ධනාත්මක ප්‍රවණතාවය පවත්වා ගෙන යාමටත්, ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන දීමටත් චීනය සූදානමින් සිටින බව ෂාඕ ලීජියැන් මහතා ප්‍රකාශ කළේය.
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීනයෙන් ජනපතිට පිළිතුරක්
Ananda Thursday, 09 June 2022 10:35 AM
ලංකාවෙන් බාගයක්ම ඉල්ලයි.