IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


චැනල් ෆෝ ගැන මෛත්‍රීත් කට අරී

(සුජිත් හේවාජුලිගේ )

පාස්කු ඉරුදින ප්‍රහාරයේදී  ඇත්තටම සිදුවී ඇත්තේ කුමක් දැයි චැනල් ෆෝ වීඩියෝවෙන් ඕනෑම කෙනකුට  හොඳටම තේරුම් යන බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

"බැලුවහම වෙලා තියෙන්නේ එදා කිව්ව දේට වෙනස් දෙයක්" බවද   ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අවුරුදු 4ක් තිස්සේ දිය හැකි සියලුම වද දුන් බවත් නඩු තීන්දුද ලබා දුන් බවත්   ඔහු සඳහන් කළේය.

චැනල් ෆෝ සම්බන්ධයෙන් සකස් කරන ලියූමේ කටයුතු  අවසන් කිරීමෙන්  පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ශ්‍රී ලංකා නියෝජිත හමුවන බවද  හිටපු ජනාධිපතිවරයා කීවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති අන්දමට තමාද ඒ සම්බන්ධයෙන්  ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බව  ඔහු වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ චැනල් ෆෝ ආන්දෝලනාත්මක වීඩියෝව  සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදීය.



අදහස් (10)

චැනල් ෆෝ ගැන මෛත්‍රීත් කට අරී

abaran Wednesday, 13 September 2023 02:58 PM

අනේ මේ ඔය බබා... නිකන් යන්න මහත්තයා යන්න. බහු බූත කියවන්නේ නැතිව... ඔයා දැන් ඉවරයි. ඔක්කොටෝම කලින් මෙන්න මෙයාට දඬුවම් කළොත් හොඳයි...

:       2       62

Bunny Preena Wednesday, 13 September 2023 04:10 PM

ආරක්ෂාව ගැන අල්ප මාත්‍රයක්වත් දන්නේ නැති නුසුදුසු පුද්ගලයෙක්ව හුදෙක් දේශපාලන හිතවත්කම මතම පත්කරලා ඔබ රටට කළේ ලොකුම ලොකු හානියක්. හොඳ දක්ෂ විශ්‍රාමික හමුදා නිලධාරීන්ව නොසලකා හැරලා... එයින් ඔබ පෙන්නුම් කළේ රටේ ආරක්ෂාව ගැන ඔබ තඹ දොයිතුවකටවත් මායිම් නොකළ බවයි.

:       1       48

මැක්ස් Wednesday, 13 September 2023 04:32 PM

ශ්‍රී ලංකා දේශපාලනයේ දැනට සිටින වඩාත්ම අවලංගු කාසිය වන්නේ මෛත්‍රිපාල සිරිසේනයි. එසේම, ඉතිහාසයේ වූ ලොකුම වැරැද්ද මුන්දෑ ජනාධිපති වීමයි... මෙවැනි බහුභූත කතා කිවහැකි වන්නේ (අනුර දිසා සහ සජිත් පෙම් හැරුණු කළ) එවැනි අයෙකුටම පමණි. මේ මනුස්සයාගේ ඇති හිස්බව රටට තවතවත් දැක ගැනීමට ජනමාධ්‍ය විසින් තව තවත් මෙවැනි ප්‍රශ්න ඇසිය යුතුයි...

:       8       37

Dinesh Wednesday, 13 September 2023 06:59 PM

වඳවී යන සත්වයෙක්...

:       0       22

සල්ලි Wednesday, 13 September 2023 04:52 PM

චැනල් ෆෝ තනියම බලා ගනිල්ලා, මිනිස්සුන්ට සෙවෙන් සෙවන් වෙලා ඉන්නේ.

:       1       24

fairoosWednesday, 13 September 2023 07:56 PM

බයියන්ට නම් මේක කළේ මම තමයි කියලා රාජපක්ෂවරුන් ඇවිල්ලා කිව්වොත් විශ්වාස කරන්නේ. වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ...?

:       10       8

චන්දන Wednesday, 13 September 2023 05:21 PM

එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉන්න කෙනාට මේක හොඳටම ඇති... මේ වගේ අය දේශපාලනයෙන් අතුගාලාම දාන්න ඕනෑ...!

:       2       35

pujitha Wednesday, 13 September 2023 07:00 PM

තමුන්ව නිදහස් කරලා නැහැ එම විඩියෝවෙන්... ඒක කියන්නේ ප්‍රහාරය සිදුවුණු ආකාරය ගැන මතයක්... වළක්වා ගැනීම සම්බන්ධව කිසි දෙයක් කියන්නේ නැහැ. කොහොම සිදු වුණත් වළක්වා ගන්න වගකීමෙන් තමුන්ට මිදෙන්න බැහැ... මේ සරල සත්‍ය තේරුම් ගන්න බැරි ඔබද මේ රට පාලනය කළේ? ඔබ පක්ෂ නායකයෙක්ද? දවසටකට ඔබ වෙනුවෙන් පක්ෂය කොපමණ වියදම් කරනවාද? මේ මෝඩ මාධ්‍ය තර්කය ඉදිරිපත් කිරීම වෙනුවන්ම කීයක් වියදම් වුණාද?

:       0       21

සෙනෙවිරත්න Wednesday, 13 September 2023 07:07 PM

මැක්ස්, අනුර සහ සජිත්ගේ කතා ඔයාට බහුබූත වගේ පේන්නේ, බහුබූත කරපු අය එක්ක එකට බුදියන කෙනෙක් නිසා නේද?

:       7       13

Bamunuarachchi Thursday, 14 September 2023 09:32 AM

සෙනවිරත්න මැක්ස්ගේ කථාව පාඨකයින් ඉහලින් අනුමත කරලා තිබෙන්නේ. ඒ නිසා BS නවත්තන්න.

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 475 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 674 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 402 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 351 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1117 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 206 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26024 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 287 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1338 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site