IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


චීන ආරක්ෂක ඇමැති ජනපති හමුවෙයි

(ඩයනා උදයංගනී)

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (28) පෙරවරුවේ සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබිණි.

ජනාධිපතිතුමා සහ තමා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා ‍මෙහිදී පැවසීය.

එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි එතුමා සඳහන් කළේය.

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා, මෙම හමුව සනිටුහන් කරමින් විශේෂ ආරාධිතයන් සඳහා වූ සමරු පොතෙහි අත්සන් ද තැබීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන්, චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින්, මේජර් ජනරාල්සි ග්ව්ඕවෙයි සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද්වි පාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (23)

චීන ආරක්ෂක ඇමැති ජනපති හමුවෙයි

Tharindu Perera Wednesday, 28 April 2021 08:22 AM

කාටත් බය නැති කාටත් යටවෙන්නේ නැති කොන්ද පණ තියෙන ඍජු නායකයෙක් නේද මේ දෙයියනේ? අද චීනාට යට වුණාට..!

:       22       102

gamunuWednesday, 28 April 2021 10:54 AM

නායකයෝ මුදල් ඉල්ලගෙන ගෙදරටම ඇවිත්නේ

:       1       5

Puppa Wednesday, 28 April 2021 11:57 PM

ඒ හින්දා වෙන්න ඇති පණ බේරගන්න යුද්දේ දරුණුවට යනකොට මෙඩිකල් කන්ඩෙම් කරගෙන ඇමෙරිකාවට පැන්නේ...

:       0       8

විජිත් Wednesday, 28 April 2021 08:41 AM

ප්‍රශ්න වැලක ඇරඹීම... හෙවත් නන්දසේනගේ අවසානය ගැනද නැතිනම් චීනාගේ ආක්‍රමණය ගැනද මේ 2වැනි ඡායාරූපයේ සිටින චීනාගේ ආරක්ෂක නිලධාරියා සිනාසෙමින්, පැත්තකට ඇලවෙමින් අභිනයෙන් පවසන්නේ...? මොහු සිනාසෙන්නේ අපටද නැතිනම් අප ගැනද..? එහෙමත් නැතිනම් අපට සිදුවන්න යන, අප නොදන්නා නමුත් චීන්නුන් දන්නා අපගේ ඉරණම ගැනද...? මේ ඡායාරූපයෙන් පවසන ඇත්ත අපේ රටේ නිදහස පිළිබඳ කතාවේ අවසාන පරිච්ඡේදයද.?.

:       11       69

sri lanka Wednesday, 28 April 2021 08:51 AM

එදා රජීව් ගාන්ධිට නෙළුවා වගේ මේ හොර චිනාට නෙලන්න, නැතිනම් කොකා ගස්සන්න පුළුවන් කොන්ද පන තියෙන එකෙක් නැතිද? තව දවස් 2 ක් තියෙනවා.

:       27       52

ravin Wednesday, 28 April 2021 09:08 AM

ශ්‍රී ලංකා ඉතිහාසයේ කිහිප වතාවකදීම නිවට නොන්ජල් කොන්ද පණනැති හොර නායකයින් නිසා අපට අපේ නිදහස අහිමි විය. ඒ හැම වතාවකදීම රටේ මිනිසුන් එක්වී ආක්‍රමණිකයා සහ පාවාදෙන්නා විනාශ කළෝය.

:       11       57

Danthe Wednesday, 28 April 2021 09:36 AM

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළි වැද යති දැක හෙළයන් සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින් සිහ රදුනට දා‍වූ සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉඳුලින්

:       4       47

ඈත්ත Wednesday, 28 April 2021 10:04 AM

එදත් රට පාවා දුන්නේ සිංහල නම පොරවාගත් ඉන්දියන් කාරයින් ශ්‍රීමහා බෝධිය සමඟ ආ කල්ලතෝනින් පසු කලක නිලමේවරුන් වුයේ උන් රටට කිසි ආදරයක් එදා දෑක්වුයෙත් නෑ මෙදත් එහෙමයි සිංහල නම විතරයි ජාතකේ වෙනස්

:       7       37

Nimal Silva Wednesday, 28 April 2021 10:16 AM

ප්‍රධාන කාර්යාලයේ කළමනාකරුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ ශාඛාව වෙත සංචාරයට නිරන්තයෙන් යයි.

:       5       32

Ashan Wednesday, 28 April 2021 10:17 AM

අර පහුගිය කාලෙ හිටපු මහා දේශප්‍රේමින්,සිංහලේ තියෙන හිමිවරුන් ආගිය අතක් නෑ. මාර වැඩේ ලංකාවට වුණේ

:       7       48

පූජා Wednesday, 28 April 2021 10:28 AM

මේ තරම් සාරවත් දෙරණක් තියාගෙන ඉන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැතිව පිටරටින් හිඟා කකා, ණය වෙවී, පිට රට දේ හිස් මුදුනින් පිළිගන්න ගමන්, හෙලයින් තමන් සිංහයින් යැයි ආඩම්බර වෙනවා. ඇත්තටම සිංහ රජුන්ට දාව උපන් සිංහයින්ට පුළුවන්ද අනුන්ගේ ඉඳුල් කකා සතුටු වෙන්න? (උපුටා ගැනීමකි.) බටහිර රටවල මෙන් කලු කොඩියක් උස්සා තමන්ගේ විරෝධය පාන්න පුලුවන් මිනිසුන් නැති "හිස් දේශයක්" දුටු විට හිතට දැනෙන හැඟීම් ඔබටත් දැනෙනවද?.

:       7       68

rathgamaWednesday, 28 April 2021 10:48 AM

දැන් කොහෙද ඔය සාරවත් දේශය තියෙන්නේ? ඔය ලංකාවේ පායන කොට පායනවා පොළොව පුපුරන්න. වහිනකොට වහිනවා ගංවතුර ගලලා උතුරන්න

:       1       3

pathmasiriThursday, 29 April 2021 07:27 AM

ඔය කියන සාරවත් දේශයේ ජීවත් වෙන මනුස්සයින්ගෙන් අහලා බලන්න.'' විදේශගතව ඉන්න ආසද කියලා...? අන්න එතකොට පූජාට තේරෙයි සාරවත් කමේ අනුහස්...

:       0       2

අකී Wednesday, 28 April 2021 10:45 AM

අපේ විදියට ආයුබෝවන් කියන්නේ නැතිව චීන විදියට කියන්න යනවා දෙකට තුනට නැමීගෙන තත්වය තියාගෙන ඉන්න බැරි හැටි කොහොම හිටපු ජාතිකයක්ද අද චීනයට ගැතිකම් කරන්නේ?

:       8       31

sumanasiriWednesday, 28 April 2021 10:57 AM

විපක්ෂයේ හිටපු කාලයේ ලොකු පුරසාරම් දොඩපු අය තමයි. දැන් චීනයට නැමිලා ඉන්නේ. චීනය නැතිව මුලු ආසියාවටම අනාගතයක් නැහැ.

:       7       26

jagath Wednesday, 28 April 2021 10:52 AM

මෙවැනි විදේශීය නියෝජිතයින් ලංකාවට පැමිණෙන විට, ඔවුන් කුමන හේතුවක් සඳහා රටට පැමිණියේද යන්න ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීම සහ යුතුකමයි. රජය, රටේ මිනිසුන් විසින් පත් කරගත් දෙයක් බැවින්, අවසානයේ රජය විදේශිකයින්ට නොව, රටේ මිනිසුන්ට වගකිව යුතුයි. මෙවැනි දේ ජනතාවගෙන් වසන් කිරීමෙන් සිදුවන්නේ රජයේ ක්‍රියාකලාපය පිළිබඳව රටේ මිනිසුන්ගේ සැකය වැඩිවීම පමණි.

:       0       6

purawesiya Wednesday, 28 April 2021 08:30 PM

කෝ යකෝ විමලය........උදය.........ගලබොඩ අත්තේ....අක්මීමණ.......ඉත්තෑකන්දේ........? ආ .......මේ ඉන්නෙ ඇදයට හැංගිල...........

:       0       5

Bumma Wednesday, 28 April 2021 08:43 PM

කොරෝනාව ඉස්සරහට දාල පෝට් සිටි එක චීනාට දුන්න වත් ද ? චීන ණය දෙන්නේ උන් හොදටම දන්නවා මුන්ට කොච්චර ණය දුන්නත් ඒවා වියදම් කරන්නේ පුහු වැඩවලට හා තවත් විදේශ ණය ගෙවන්න වගේම කොමිස් ගහ ගන්න මිසක් ආර්ථකය ශක්තිමත් කරන්න නොවන වග ඔවුන් හොදින් දන්නවා. ඒ වගේම ඔය ණය ගෙවන්න බෑ කියලත් ඔවුන් දන්නවා. අන්තිමට ණය වලට හිලව් විදියට රටේ ආර්ථික වශයෙන් වැදගත් ඉඩම් සහ වරායවල් වැනි ස්ථාන චීනයට පවරා දීමට මෙරට පාලකයන් කටයුතු කරන බවත් ඔවුන් හොදින් දන්නවා

:       0       4

එම්.එම්.පාලිත මහින්ද මුනසිංහ Thursday, 29 April 2021 01:38 AM

චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වය මිං රාජවංශය පවතින කාලය දක්වා ඈත ඉතිහාසයට දිවයයි. එතැන් සිට පාහියන් භික්ෂූන් වහන්සේගේ පාද යාත්‍රාවේ සිට සේද මාවත මාවත ඔස්සේ එක් මාවතක් හා එක් තීරයක් දක්වා පැමිණෙන මිත්‍රත්වයේ ප්‍රතිඵල සැබෑ ලෙස අත්විදීමට නම් අප චීනය සමඟ අත්වැල් බැදගෙන විවෘතව ඉදිරියටම යායුතුවේ. ඔවුන් අත්පත්කරගෙන ඇති කාර්මික,තාක්ෂණික හා අර්ථවත් කෘෂිකර්මික ප්‍රගතිය, විදේශ අභිමුඛ නිෂ්පාදන කර්මාන්ත කළාප, නාගරික හා ඈත ග්‍රාමීය පෙදෙස් ඒකාබද්ධකරණ ක්‍රමවේද අප ආදර්ශයට ගත යුතුවේ. (ශ්‍රී ලංකාවට චීන ජනතාව දක්වන සැබෑ ආදරය දැකගත හැක්කේ එහි සංවාරය කළ, ජීවත්වූ හා ඉගැනුම හෝ ලැබූ පුද්ගලයින් හට පමණි) - එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ

:       6       3

amila Thursday, 29 April 2021 03:50 AM

චීන ආරක්ෂක ඇමැති අපේ ලොක්කාව අන්දයි හොඳටම

:       1       5

rangaThursday, 29 April 2021 06:48 AM

ඔව්, චීනයත් එක්ක ගනුදෙනු කරන්න නම් හොද ව්‍යාපාරික දැනීමක් සහ පිරිමිකමක් අවශ්‍යයි....

:       0       0

Rata Perata Thursday, 29 April 2021 06:23 AM

චීනෙන් දුන්න අපේ සර්කස් සිංහයා බලන්න ඇවිත්

:       2       7

namalThursday, 29 April 2021 06:50 AM

ඔබතුමා පිස්සන්කොටුවෙන් පැනලා දුවපු කෙනෙක් නැත්නම් එහාට යන්න ඉන්න කෙනෙක්ද ?

:       3       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 329 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 23 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1401 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 83 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1658 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35268 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24060 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site