(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සංචාරයක් සඳහා පැමිණ සිටින චීන ජාතික කාන්තාවක් පැහැරගෙන ගොස් ඇය මුදා හැරීම සඳහා යුවාන් 15,000ක කප්පම් ඉල්ලා සැඟව සිටි චීන කාන්තාව කොල්ලුපිටියේ පිහිටි ඇස්ටෝරියා මහල් නිවාස සංකීර්ණයේ නිවාසයකදී හොයා ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
මෙම නිවාස සංකීර්ණය චීන ජාතිකයන් පදිංචිව සිටින එකක් යැයි ද කියති මෙම චීන ජාතික කාන්තාව තමාව කිසිවකු පැහැරගෙන ගිය බවක් සහ ඇයට යම් කරදරයක් සිදු වූ බවට ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටින බවද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම චීන ජාතිකකාන්තාවගේ ඥාති සහෝදරයෙක් චීනයේ සිට ඇයට යම් කරදරයක් සිදුවී ඇතැයි කියමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාට දුරකථනයෙන් කතා කර තොරතුරු දැනුම් දී තිබෙන බව දැනගන්නට ලැබුණු බව එම උසස් පොලිස් නිලධාරියා කීය
මෙම චීන ජාතික කාන්තාව ඇය පැහැරගෙන ගිය බවට හෝ වෙන යම් කරදරයක් සිදු වූ බවට ප්‍රකාශයක් කිරීමෙන් වැළකී ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට ද කැමැත්තක් දක්වා නොමැති බව පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.
මෙම චීන ජාතික කාන්තාවයළි ඒ රටට යෑමට කැමැත්තක් දක් වන්නේ නම් ආරක්ෂිතව ඇය කටුනායක ගුවන් තොටුපොළට දක්වා රැගෙන යන බව චීන තානාපති කාර්යාලයේ බලධාරීන් පැවසීම නිසා පොලිසිය ඇය එම නිලධාරීන්ට භාර දී තිබේ.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චීන කත පැහැර ගත් චීන කතක් මාට්ටු
fairoos Tuesday, 21 March 2023 12:15 PM
අපිට තියන ප්‍රශ්න මදිවට චීන්නුන්ගේ ප්‍රශ්නත්