( තිළිණි ද සිල්වා )
චීන සමාගමින් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කීරීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මෙරට චීන තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි .
චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අදාළව පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒවා සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක ජීවානුහරණය කිරීමේදී අහිතකර ක්ෂුදු ජීවි විශේෂ අධික උෂ්ණත්වය යටතේ සම්පූර්ණයෙන් විනාශවන බවය.
කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමේදී කාබනික පොහොර සාම්පලවල අර්වීනියා ඇතුළු අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව දින තුනක් තුළ සිදුකළ පරීක්ෂණ හා විශ්ලේෂණ තුළින් හඳුනාගෙන ඇති බව පළවූ ප්‍රවෘත්ති වාර්තාවල දැක්වුණු නිවේදනයේ දැක්වේ.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීන කොම්පෝස්ට් ගැන චීනයෙන් සහතිකයක්
Don perera Sunday, 10 October 2021 12:17 PM
මේ පවුල රටට කල හෙනයක්.
Kuma Sunday, 10 October 2021 01:27 PM
ලංකාවේ පරීක්ෂණ වලින් කියනවා හොඳ කියලා චීනා බලහත්කාරයෙන් ඒවා එවන්න හදනවා කියලා...
පැරකුම්Sunday, 10 October 2021 02:28 PM
චීනාගේ තර්කය හරි. අවම වශයෙන් දින 05 ක් ගතවන පරීක්ෂණය ලංකාවේ කොහොමද දින තුනෙන් කළේ..?
අතුල සෞදි Sunday, 10 October 2021 02:24 PM
ආනයනික කිරිපිටි සාම්පලුත් නැවත තත්ව පරීක්ෂණයක් සිදුකළොත් හොඳයි. පුළුවන් නම් චීනයේ රසායනාගාරයකින්... මොකද අපේ රටේ තියෙන රසායනාගාර වලට කිරිපිටි මාෆියාව කරන බලපෑම් සම්බන්ධව හිටපු නියෝජ්‍ය ඇමතිතුමාගෙන් දැනගන්න පුළුවන්...
Saththaya Sunday, 10 October 2021 02:27 PM
චීන කොම්පෝස්ට් පොහොර ඉතාම හොඳයි...
ජගත් Sunday, 10 October 2021 03:06 PM
එතකොට අපි චීනා කියන එක පිළිගන්න කියලද කියන්නේ? අපි ඒ ගොල්ලන්ට බයවෙන්න ඕනෑ ඇති නේද?
චන්දන Sunday, 10 October 2021 03:08 PM
ඇත්තටම අප රටෙහි සිදුවන දේවල් බැලුවම අපිට අපේ රටේ පරීක්ෂණ ගැන සැක හිතෙනවා තමයි...
fairoos Sunday, 10 October 2021 03:43 PM
චීන්නුත් එනවා අපිට කියලා දෙන්න... අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...
DonSunday, 10 October 2021 04:04 PM
චීන්නු නෙමෙයි තව ටික කලක් යද්දී ඉතියෝපියාවේ, සෝමාලියාවේ.. අයත් අපිට කියලා දෙයි.
Sena Sunday, 10 October 2021 05:47 PM
දැන් ඉතින් ශුවර් එකටම ඕක ගෙනැල්ලා අපේ රට විනාශ කරනවා.. අංශක 600 ට රත්කළත් මුළු තොගය හැම තැනම එකම ගාණට රත් කරන්න බැරිලු. අනික දවස් 03න් ජීවීන් සොයා ගත්තා නම් දවස් 05ක් මොකටද? රටින් රටට පරීක්ෂණ කරන ක්‍රම වෙනස්... නමුත් රටකට අහිතකර නම් ඒ දේ පිළි නොගැනීම පොදු පිළිගැනීමක්...