(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නිවෙසින් කෑම ගෙන ඒමට අවසර දෙනවා දැයි මේ සතියේදී තීරණය කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරීවරයා නිවාඩු ගොස් සිටින හෙයින් ඔහු පැමිණි පසු එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලනු ඇති බවයි.
චාමර සම්පත් දසනායක මහතා රඳවා සිටින්නේ එම බන්ධනාගාරයේ එම් වාට්ටුවේය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්දිරන් මහතා රඳවා සිටින්නේද එම වාට්ටුවේ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි
සාමාන්‍යයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන රැඳවියන්ට දෙන පහසුකම් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාටද ලබා දී ඇතැයි පැවසේ.
ඒ අනුව පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් මන්ත්‍රීවරයාට ලබා දී ඇත.
මේ අතර මහනුවර දුම්බර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ගෙදරින් කෑම ගෙන ඒමට බන්ධනාගාර ප්‍රධානීහු පසුගියදා අවසර දුන්හ.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චාමරට ගෙදර කෑම දෙනවාද? තීරණය මේ සතියේ
පොඩිඑකා Tuesday, 01 April 2025 03:56 PM
ඇයි අනේ, අර සමහර මරණීය දණ්ඩනය නියම වෙච්චි අයට වගේ, ප්‍රයිවෙට් ටොයිලට් එකක්, මෝබයිල් ෆෝන් කීපයක්, ටෙලිවිෂන් එකක් යනාදිය ලැබෙන්නෙ නැද්ද?
Ajith Tuesday, 01 April 2025 04:30 PM
මෙතුමාට ගෙදර කෑම දෙන්ඩ හොඳ නැති එක වෙනම කතාවක්.නමුත් බන්ධනාගාර අධිකාරීවරයා නිවාඩු ගියා කියලා තීරණය ලැබෙන්ට පරක්කු වෙන්නේ කොහොමද.රජයේ නිලධාරියෙක් නිමාඩු යන්නේ වැඩ බලන්න වෙනම නිලධාරිය පත් කරලා.එම තීරණය වැඩ බලන නිලධාරියා ගත යුතුයි
Dasa P Wednesday, 02 April 2025 12:05 AM
ඇඟ පත දැක්කම මට මෙසේ හිතුණි. හිර ගෙදර කෑම ශරීර සෞඛ්‍යට හිතකරයි. ඕක වෙස් වලා ගත් ආශිර්වාදයක් වෙන්න බැරිද ?