IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


චාමර බැංකුවලින් ගිණුම් ඉවත් කළේ ආණ්ඩුවේ චක්‍රලේඛයකට අනුවයි

(අංජුල මහික වීරරත්න)

චාමර සම්පත් මහ ඇමති සමයේ පළාත් සභා ගිණුම් බැංකු වලින් ඉවත් කර ගත්තේ ආණ්ඩුවෙන් නිකුත් කළ චක්‍ර ලේඛයකට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.

පළාත් සභා මුදල් තැන්පත් ගිණුම් වල තැබීමට නොහැකි බවට නියෝග කරමින් එවකට මෛත්‍රිපාල සිරිසේන ජනපති සහ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි තමාගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්වරයා අදාල චක්‍රලේඛනය නිකුත් කළ බවද හිටපු ජනාධිපතිවරයා කීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන් මා මුණගැසුණා.අගමැති ලෙස සිටි සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග මගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්තුමා එදා චක්‍රලේඛනයක් නිකුත් කළා.පළාත් සභා මුදල් තැන්පත් ගිණුම් වල තැබීමට නොහැකි බවට ඒ චක්‍රලේඛයෙන් කියැවුනා.රජයේ මුදල් මෙන්ම අනෙක් මුදල් ඒ වර්ෂය ඇතුළත වියදම් කරන්නට තිබෙනවා.නැතිනම්  මුදල් අමාත්‍යංශයට හෝ පළාත් සභාවේ මුදල් අමාත්‍යංශයට ඒ මුදල් නැවත දෙන්නට තිබෙනවා.ඒ මුදල් ඉතිරි කරගෙන තැන්පත් ගිණුම් වල තබාගෙන එය පසුව වෙනත් ව්‍යාපෘති වල යෙදවීම නීති විරෝධී නිසා අප ඒ පියවර ගත්තා.ඒ අවස්ථාවේ චාමර සම්පත් මහ ඇමැතිවරයා  මෙන්ම තවත් මහ ඇමතිවරුන් කිහිප දෙනෙක් මට කතා කළා.එය කරන්නට නොහැකි ඇයි දැයි දැනුම් දුන්නා.ඒ අනුව ඔවුන් එම මුදල් තැන්පත් ගිණුම් වලින් ඉවත් කර තිබෙනවා.

ඌව පළාතේ පමණක් නොව සෙසු පළාත් වලද මේ කටයුතු සිදු කෙරුණා.එමෙන්ම චාමර සම්පත් ඇමතිවරයා මට විටින් විට කතා කරනවා.අධ්‍යාපන ආදී වැඩ කටයුතුවලට මා උදව් කළා.නමුත් අප එකල සිටියේ දෙපැත්තක.චාමර සම්පත් මහ ඇමති ලෙස සිටියදී සමන්ත විද්‍යා රත්න වත්මන් ඇමතිවරයා පැමිණිල්ලක් කළා.මෙය මගේ වැඩකටයුත්තක් නොවන බවත් එය අල්ලස් කොමිසම සමග සාකච්ඡා කරන ලෙසත්  මා එම කණ්ඩායම් වලට කිව්වා.මහ ඇමතිවරුන්ට පක්ෂ හෝ විරුද්ධ වැඩ කටයුතු වලට මට පැටලෙන්නට බැරි බවත් මා කිව්වා.

කොමිසමෙන් මේ පිළිබඳව විභාග කර තිබෙනවා.ඒ එක විභාගයකින්වත් එතුමා වැරදිකරු ලෙස ඔප්පු වී නැහැ.එතුමා සැකකරුවෙක් ලෙස වත් ප්‍රකාශයට පත් කර නැහැ.

මේ විභාග කරගෙන යන්නේ ඒ කාරණා උඩයි.අලුත් චෝදනා හෝ අලුත් සිද්ධි ගැන නොවේ.අනෙක් කාරණය වන්නේ චාමර සම්පත් කට උත්තරය ලබාදෙන විටම ඔහු අත්අඩංගුවට ගත් බවට නිවේදන නිකුත් කෙරෙනවා. එවැනි දෙයක් කියන්නේ කොහොමද? 

චාමර සම්පත් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ නිතර කතා කරනවා. ඔහු ප්‍රබලව විපක්ෂයේ හඬ නගනවා.මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ එතුමාගේ මැදිහත්වීමට සම්බන්ධ දැයි විශාල ප්‍රශ්නයක් තිබෙනවා.මා සිතන්නේ එතුමා මේ ගැන පාර්ලිමේන්තුවෙන්ද විභාගයක් ඉල්ලා සිටිය යුතුයි.එය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක්දැයි සොයා බැලිය යුතුයි.



අදහස් (12)

චාමර බැංකුවලින් ගිණුම් ඉවත් කළේ ආණ්ඩුවේ චක්‍රලේඛයකට අනුවයි

ප්‍රියන්ත Thursday, 10 April 2025 02:01 PM

දීකිරට බලල්ලුත් සාක්කියිලු..!

:       56       51

පොඩිඑකා Thursday, 10 April 2025 02:04 PM

එතකොට මහ බැංකුවට කෙලියෙත්, ජනාධිපති අරමුදලට කෙලියෙත්, අරගල ගිණි වන්දි පිල්ලි ගැහුවෙත්, ඒ විදියටමද?

:       54       61

Sunaa Thursday, 10 April 2025 02:08 PM

ඔයාගේ කටේ සද්දේ නම් තාම අඩුවෙලා නෑ නේද? ඔහොම ඉන්න බෙල්ලට තොණ්ඩුව වැටෙන කන්...

:       56       45

කව්ද බෝයි Thursday, 10 April 2025 02:12 PM

මාධ්‍ය සංදර්ශන දාන්නෙ නැතිව, චාමරව අත්අඩංගුවට ගත්තු පළමුවෙනි දවසෙම උසාවියට ගිහින්, මෝසමක් මගින් ඉදිරිපත්වෙලා ඔය කතන්දරේ සාක්ෂිත් එක්ක නඩුකාර හාමුදුරුවන්ට කිව්වනං අහවරයිනේ?

:       43       59

පිටරටවැසියා Thursday, 10 April 2025 02:14 PM

එතකොට අර බටලන්දත් ක්‍රියාත්මක වුණේ ඔයාගෙ අනුදැනුම ඇතිවද? එකත් ඔය කටින්ම කියන්නකෝ?

:       24       46

මාබංකුසිංහ Thursday, 10 April 2025 02:31 PM

මම තරුණ කටයුතු කරන කාලේ ඕවා වුණා නම් කෙලින්ම ලන්දට තමයි.

:       36       39

කෞෂි Thursday, 10 April 2025 02:33 PM

බෙල්ලටම තද වෙනකොට ඉතින් එක එක ඒවා කියයි. කරන කලට පව් ෂෝයි තමයි...

:       38       39

NImal 1 Thursday, 10 April 2025 02:42 PM

එක හොරෙක් තව කෙනෙක්ව ආරක්ෂා කරනවා. මේ මුදල් වෙන බැංකුවක තැන්පත් කළේ නැද්ද? අනෙක, මුලින්ම තැන්පත් කළේ වරදක් බන නොදැනද?

:       43       35

idr tharanga Thursday, 10 April 2025 03:01 PM

අපි බැලුවා මොකෝ මහදැනමුත්තා කට ඇරියේ නැත්තෙ මොකද කියල. ලොකු වංචාවක් වෙලා තියෙනනවා නම් අනිවා පොර ඒකට සපෝට් කරල තියෙනවා. ඊට පස්සෙ ඒක සාධාරණ කරනවා. ඊට පස්සෙ උන්ව බේරගන්න ට්‍රයි කරනවා. මේ වගේ ඩයල් මේ ලෝකෙන් තොලොංවි වෙලා යන්නනෙෑනේ

:       46       40

රුවන් Thursday, 10 April 2025 03:21 PM

මොනවා වුණත් රනිල් හොඳ යාලුවෙක් වටේ චාමර ගේ මොකද පොඩි හොරෙක් බේරාගන්න ඉදිරිපත් වෙන ලොකු හොරු ගැන ඇහුව්වාමයි...

:       40       31

Kamal Koyrala Thursday, 10 April 2025 04:31 PM

මොහුව උසාවියට සාක්ෂි කරුවෙක් වශයෙන් කැඳවිය යුතුයි.

:       10       32

සිල්වා Thursday, 10 April 2025 04:34 PM

දේශපාලන වේදිකාවල දෙන්නේ නඩුතීන්දු නොවෙයි. උසාවිය විභාග කරලයි තීන්දුව ප්‍රකාශයට පත්කරන්නේ. අපි ඉවසා සිටිමු...

:       25       23

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සරසවි ඇඳුරන් 13 දෙනෙකුගෙන් කෝටි 9 ක පොල්ලක්
2025 අප්‍රේල් මස 13 69 0

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්


අධිවේගයේ දින දෙකක ආදායම කෝටි 10ක්
2025 අප්‍රේල් මස 13 110 0

දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.


අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නෑ
2025 අප්‍රේල් මස 13 74 0

අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස


දළදා දැක්මේ ආරක්ෂාවට යුද හමුදාව
2025 අප්‍රේල් මස 13 204 0

දළදා දැක්මට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද යෙදවීමට තීරණය කර ඇත.


අධිවේගයේ අනතුරින් හතරක් රෝහලේ
2025 අප්‍රේල් මස 13 286 0

සංචාරක මඟ පෙන්වන්නෙකු පැද වූ සුඛෝභෝගී මෝටර් රථයක් කිලෝමීටර් 31 දශම 1 දොඩංගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් කුඩා දැරියන් දෙදෙනකු ඇතුළු කාන


පුංචි ඡන්දෙන් පසු පළාත් ඡන්දය
2025 අප්‍රේල් මස 13 272 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 65 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 215 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 763 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site