(යොහාන් භාසුර)
කොළඹ වරායට ළඟාවී ඇති චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාව නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එක්වූවාය.
එම නෞකාව පසුගිය 21 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර මේ මස 27 දක්වා ශ්‍රී ලංකාවේ ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා දෙනු ඇත.
අග්‍රාමාත්‍යවරිය සාම නෞකාව ඇතුළත් වැඩසටහනේ මානුෂීය ප්‍රයත්නයන් ඇගයීමට ලක් කළ අතර, ශ්‍රී ලාංකීය ජනතාව වෙත මෙම සුහදත්වය ප්‍රකාශ කිරීම පිළිබඳව චීන රජයට ප්‍රසාදය පළ කළාය.
ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම සහ මහජන සෞඛ්‍යයට සහාය වීම සඳහා එවැනි ප්‍රයත්නයන්හි වැදගත්කම අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළාය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නෞකාවේ මෙහෙවරෙහි වැදගත්කම චීන තානාපතිවරයා අවධාරණය කළ අතර නෞකාවේ වෛද්‍ය කණ්ඩායම විසින් නෞකාවේ පවතින නවීන පහසුකම් සහ සේවාවන් පිළිබඳ පැහැදිළි කරන ලදී.
ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තලක් ඊයේ (24 ) මධ්‍යම රාත්‍රීයෙන් උදාවිය.
මනුෂ්‍ය නිදහස, සාධාරණත්වය අගයමින් ජේසුස් වහන්සේ කළ මඟ පෙන්වීම යථාවත් කිරීමට රජයක් ලෙස කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නත්තල් දින සුබ
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වී ඇත්දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) පරීක්ෂණයක් ආරම්භ කළේය.
ජපන් ජාතිකයන් ආයෝජන වංචාවලට හසුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකාවේ වංචනික සංවිධානයක් ජපන් බස කතා කළ හැකි ශ්‍රී ලාංකිකයන
ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව උද්ඝෝෂණය කළ හේතුවෙන් වැඩ තහනමකට ලක් කොට පසුව සේවයේ පිහිටුවා සිටි සේවකය
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
චීන රෝහල් නෞකාව බලන්න අග්‍රාමාත්‍ය හරිනි යයි