IMG-LOGO

2024 දෙසැම්බර් මස 28 වන සෙනසුරාදා


චීන වෙද නැවට සුව ඇමතිත් යයි

(අංජුල මහික වීරරත්න)

චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “Peace Ark” නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා මෙරට ජනතාවට නොමිලේ ලබාදෙනු ලබන ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සේවාවන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

චීන රජයේ Mission Harmony – 2024 වැඩසටහනේ අංගයක් ලෙස මෙරටට පැමිණි මෙම රෝහල් නෞකාව දෙසැම්බර් 21 වනි දා කොළඹ වරායට සේන්දු විය. එතැන් සිට  අද දින (27) දක්වා මෙම නෞකාව මගින් මෙරට ජනතාවට මෙන්ම මෙරට රැදි සිටන චීන ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා ලබාදීමට කටයුතු කරනු ලබයි.

මෙම රෝහල් නෞකාවේ මැදිහත්වීමෙන් මෙරට සහ ලෝක ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් මෙන්ම  සිදු කරනු ලබන මානුෂීය ප්‍රයත්නය මෙහිදී ඇගයීමට ලක්කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට මහජන සෞඛ්‍ය ඉහළ නැංවීමට සහායවීම තුලින් ශ්‍රී ලංකා චීන ද්විපාර්වික සබඳතා තව තවත් ශක්තිමත් වන බව මෙහි දී පෙන්වා දුන්නේය.

ඉතා දීර්ඝ කාලයක සිට මෙරට සෞඛ්‍ය, ආර්ථික, අධ්‍යාපන, සාමාජීය කටයුතු වල උන්නතිය වෙනුවෙන් චීන සමූහාණ්ඩුව මැදිහත්ව කටයුතු කරනු ලබන බවත් එය ඉතා අගය කොට සළකන බව ද  අමාත්‍යවරයා මෙහිදී කීය.



අදහස් (0)

චීන වෙද නැවට සුව ඇමතිත් යයි

ඔබේ අදහස් එවන්න

දියත

මවගේ අනියම් හුටපටයකින් දැරියක් මරුට
2024 දෙසැම්බර් මස 28 1076 0

තම අනියම් බිරිඳ තවකකු හා සබඳතාවයක් පවත්වා ගෙන යන බවට සැකයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව බිරිඳට සහ ඇයගේ දරු දෙදෙනාට වක්‍ පිහියකින් ප්‍


අදත් තැනින් තැනට වැසි
2024 දෙසැම්බර් මස 28 58 0

උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


යේමනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අසලට ඊශ්‍රායල බෝම්බ
2024 දෙසැම්බර් මස 28 987 0

යේමනයේ නිල සංචාරයක නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස්ගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිර


රෝහල්වල විකිරණ නිලධාරි පුටු බාගෙට බාගයක් හිස්
2024 දෙසැම්බර් මස 27 354 0

දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියයට 40 කට වැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.


ගාලු කොටුවෙ පැරණි දොරටුව වැසෙයි
2024 දෙසැම්බර් මස 27 792 0

ඓතිහාසික ගාලු කොටුවට ඇතුලුවන පැරණි දොරටුව හෙට (28) සිට 31 වන දින දක්වා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය පවසයි


මෝල්ටා - ශ්‍රී ලංකා සබඳතාවට වසර 25යි
2024 දෙසැම්බර් මස 27 527 1

නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් රූබන් ගයුසි මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 181 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 133 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 95 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site