(මුදිතා දයානන්ද)
පළාත් පාලන මැතිවණයට ඉදිරිපත් වු රාජ්‍ය සේවකයින්ට නැවත තමන් රාජකාරී කළ ස්ථානවලම සේවයට වාර්තා කිරිමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අද (24) සංදේශයක් භාර දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල හා කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක එම්.එච්. මන්සිල් මහත්වරුන් ඇතුළු 2023 පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් පිරිසක් එක්ව සිටියහ.
නිදහස් චතුරස්‍රය අසළ සිට පා ගමනින් පැමිණ පිරිස අමාත්‍යංශ්‍ය ඉදිරිපිට රැදී සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුලු පිරිසක් අමාත්‍යංශයේ ලේකම් හමුවී සංදේශය භාරදීම සඳහා අමාත්‍යංශය වෙත ගියහ.
(ඡායාරූප ළහිරු හර්ෂණ )
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඡන්දෙට ආ රජයේ සේවකයන්ට යළිත් සේවයට ඉඩ දෙන්න
ව.ආ.ලලිත් Thursday, 25 May 2023 04:58 AM
පිස්සු නැත්නම් ෂෝක් ඇත්තටම රජයේ සේවයේ සිටගෙන සමහරක් එවුන් මෙහෙම ඉදිරිපත් වෙලා තියෙන්නෙ දිනන්න නොවෙයි තමා අදහන දේශපාලුවො සදහා සහාය වීමට හා අමතරව ආදායමක් උපයා ගැනීමට තමයි මම දන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා මිනිහට දේශපාලුවො සමස්ත ලංකා සාම විනිසුරු හා පොලිස් සම්බන්ධීකරණ නිළධාරි වගේ තනතුරු දීලා තියෙනවා ඉතින් ඔහු තමන්ගෙ රාජකාරි පවා හරියට කරන්නෙ නැහැ මම ඇහුවා නුඹ ඡන්දෙ කරන්න ගියාම කන්නෙ කොහොමද කියලා මිනිහා කියනවා මැඩම් දෙනවා කිව්වා කියලා ඒ වගේම පාවිච්චියට වාහනයක් දෙනවා කියලා කිව්වලු සමහර විට වාහනය රජයේ එකක් වෙන්න පුළුවන් මෙහෙම කියපු දේශපාලුවො අනුගාමිකයන් රැකීමට තමයි මෙහෙම කරන්නෙ ඒ අතර ඡන්ද මධ්‍යස්ථාන සදහා නොයෝජිතයො පත්කිරීම හා ඡන්ද ගණන් කිරීමේ ශාලා පුරවා ගණන් කරන නිළධාරින් අපහසුතාවට පත්කිරීම තවත් උපක්‍රමයක් කියලා කියන්න පුළුවන් ඇත්තටම පක්ෂ දේශපාලනය තියෙන රටකට දේශපාලනයේ යෙදෙන නිළධාරින් හෝ සේවකයින් සිටීම නිළධාරින් නියෝජනය කරන පක්ෂයට විරුද්ධ පක්ෂවල ජනතාවට කරන බලවත් අසාධාරණයක් කියලා කියන්න වෙනවා