IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඡන්දෙට සාද දාන හෝටල්වලට මැකෝගෙන් රතු එළියක්

(සුජිත් හේවාජුලිගේ)

ආධාරකරුවන්ට සහ හිතවතුන්ට  සංග්‍රහ පැවැත්වීම  සඳහා මහ මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම්  දෙන හෝටල් හිමිකරුවන්ට අවවාදාත්මක ලිපි යැවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත

මැතිවරණ අපේක්ෂකයන්ගේ සංග්‍රහ ගණනාවක් මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල  පවත්වා තිබිණැයි කියති.

මේ අනුව එම අවවාදාත්මක ලිපි මහනුවර ප්‍රදේශයේ හෝටල්වලට මුලින්ම යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

සිය ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ ලබාදීමට මැතිවරණ අපේක්ෂකයන්ට සහාය දීමෙන්  වළකින්නැයිද එම ලිපි මගින් හෝටල් හිමියන්ගෙන්  ඉල්ලීම් කර ඇතැයි සඳහන් වේ.

තවද හෝටල්වල මෙවැනි සංග්‍රහ පැවැත්වීම නැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (28) පොලිසියට උපදෙස් මාලාවක් ලබා දුන්නේය.

මේ අතර මැතිවරණ අපේක්ෂකයන් විවිධ හෝටල්වල සංග්‍රහ පවත්වන බවට සදහන්   අසත්‍ය පැමිණිලිද විශාල වශයෙන් ලැබෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එවැනි ස්ථාන පරීක්ෂාව සඳහා අමතර වියදමක් දැරීමට සිදුවන හෙයින් එලෙස  අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් වළකින්නැයි කොමිසම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මහනුවර  මැතිවරණ අපේක්ෂකයකු මහනුවර ප්‍රදේශයේ හෝටලයක පෙරේදා සංග්‍රහයක් පවත්වමින් සිටියදී මැතිවරණ කොමිෂන්  සභාවේ නිලධාරීන් පිරිසක් එම ස්ථානය වැටලූ  අවස්ථාවේදී අපේක්ෂකයා පස්ස දොරෙන් පලා ගොස්  ඇතැයි වාර්තාවේ.

එහිදී  එම සංග්‍රහය  පැවැත්වීමේ වගකීම අපේක්ෂකයාගේ ආධාරකරුවකු බාරගෙන  ඇති බවද  දැනගන්නට ඇත.

මේ අපේක්ෂකයාගේ ක්‍රියා කලාපය ගැන මහනුවර  සෙසු අපේක්ෂකයන් සහ   මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් පැමිණිලි කර අැත.



අදහස් (1)

ඡන්දෙට සාද දාන හෝටල්වලට මැකෝගෙන් රතු එළියක්

Priyantha Dissanayake Tuesday, 29 October 2024 08:07 AM

එම පස්ස දොරෙන් පැන යාමේ සිද්ධිය සත්‍ය නම් අදාල පක්ෂය සහ අපේක්ෂකයා කවුද කියා ප්‍රසිද්ධ කරන්න ඕනෑ සහ රන්ජන් රාමනායකට මේ රටේ ක්‍රියාත්මක වන්නේ වෙනම නීතියක්ද..? ඒවගේ සිදුවීම් පැහැදිලි ලෙස අනාවරණය වූවාම ඇයි සොයා නොබලන්නේ...? කෙනෙක් ඉදිරිපත් වී පැමිණිල්ලක් කරන්නම ඕනෑද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 17 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 89 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 565 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 467 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 197 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 667 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site