IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඡන්දයක් නැතුව ඉන්නෙ මොකටද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය ඒකාබද්ධව  යෝජනාවක් ගෙනවිත් එය සම්මත කරන අවස්ථාවේ ඡන්දයක් ඉල්ලාවි යැයි ජාතික ජන බලවේගය නොසිතූ බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10)පැවසීය.

ක්‍රිකට් ආයතන සම්බන්ධ විවාදයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ නොසිටියේ ඒ හේතුව නිසා බවද අනුර දිසානායක මහතා කීය.

අදාළ කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මෙසේ ද කීය.

ක්‍රිකට් ආයතනය සම්බන්ධ යෝජනාව විපක්ෂ විපක්ෂ නායකවරයා විසින් ගෙනා ආ අතර ආණ්ඩු පක්ෂය විසින් ස්ථිර කරනු ලැබුවා.විපක්ෂය සහ ආණ්ඩු පක්ෂයේ එක්ව එම යෝජනාව සකස් කරනු ලැබුවා.ඒ අනුව ඡන්දයක් පවතින්නේ නැති බව අප උපකල්පනය කරනු ලැබුවා. 

නොපවතින ඡන්දයක් වෙනුවෙන් අප සභාවේ සිටිය යුතු වන්නේ කුමටද? 

අදාල ඡන්ද විමසන අවස්ථාවේ ජවිපෙ මන්ත්‍රීවරු සභාවේ සිටියේ නැතැයි මාධ්‍ය වාර්තා කර තිබුණා. අපට ඉන්නට ඡන්දයක් තිබුණේ නැහැ.ඒක විපක්ෂය සහ ආණ්ඩුව ඒකාබද්ධව ගෙන ආ යෝජනාවක්.කවුරුවත් ඡන්දයක් ඉල්ලාවි කියන බලාපොරොත්තුව අපට තිබුනේ නැහැ.

අප ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේ ෂම්මිට හෝ ක්‍රිකට් බෝඩ් එකට කඩේ යන්න නොවේ.මේ ක්‍රිකට්  බෝඩ් එකේ බහිරවයන් ගැන අප කතා කරන්න පටන් ගත්තේ ගත්තෙ අද ඊයෙක නොවේ.අපේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන විට  ක්‍රිකට් බෝඩ් එක එහි කැදෙව්වා.

ඇමරිකා එක්සත් ජනපදයේ ගිණුමක් ඇතිකර තිබෙන බවත් ඒ ගිණුම පෞද්ගලිකව ගනදෙනු කරන්නට ඉඩ දී තිබෙන බවත්,ක්‍රිකට් ආධාර ඒ ගිණුමට බැර කරන්නට උත්සාහ කළ බවත් එහිදී එළිදරවු වුණා.

ක්‍රිකට්  පාලක මණ්ඩලයේ වංචා දූෂණ ගැන පාර්ලිමේන්තුවේ මෙන්ම එයින් පිටතත් අප ඇති තරම් කියා තිබෙනවා.ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන ලෙස අප මීට පෙරත් ඉල්ලා තිබෙනවා.

ඉන්න පාලක මණ්ඩලය විනාශකාරීයි. ඔවුන් ක්‍රිකට් අගාදෙට ගෙනිච්චා. එහෙම කියා අලුතෙන් පත් කළ අතුරු කමිටුව සම්බන්ධයෙනුත් අප සෑහීමකට පත්වන්නේ නැහැ.

අප ශම්මි වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියනවා. ෂම්මි කියන මහත්මයා අප රූපවාහිනියෙන් හැර දැකලවත් නැහැ.ඔය ගොඩක් මහත්තුරු සමග නම් ෂම්මි වාඩිවෙලා ඉන්න හැටි අප දැක තිබෙනවා.

අනෙක ඡන්දයක් ගැන අදහසක් තිබෙනවා නම් විපක්ෂ සංවිධායක තුමා එයට අපට දැනුම් දෙන්න තිබුණා.

විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

ඡන්දෙ  වෙලාවට එන්නැයි මම විපක්ෂ සංවිධායක ලෙස සියලුම මන්ත්‍රීවරුන්ට කිව්වා.



අදහස් (12)

ඡන්දයක් නැතුව ඉන්නෙ මොකටද?

PATTA hora Friday, 10 November 2023 03:14 PM

මමත් ජෙප්පෙක්, මාලිමාවෙක් ඒ වගේම ක්‍රිකට් ලෝලියෙක්. ඔබෙන් මේ මඟහැරීම බලාපොරොත්තු වුනේ නෑ. අඩුම ගණනේ හිතන්න තිබුණා... ප්‍රසන්න කියන විට ක්‍රිකට් බෝඩ් එක ජවිපෙට මුදල් දුන්නා කියන කොට, මේ මඟහැරීම උඩ ඒක මිනිස්සු විස්වාස කරයි කියලා. දැන් තමුන්ගේ වැරැදි අනුන්ගේ ඇඟේ ගහන්න එපා. මම වගේම තව මිනිස්සු කී දෙනෙක් කලකිරීමෙන් ඇතිද? අපි පුළුවන් කමකට නෙවෙයි... අතින් මුදල් වියදම් කරගෙන, දහඩිය වගුරුවාගෙන, පොලිසියෙන් ගුටි කාගෙන පක්ෂෙට වැඩ කරන්නේ. මිනිස්සුන්ගේ හදවත තේරුම් ගන්න. පොදු මිනිස්සුන්ට විනෝදෙට තිබුනේ ක්‍රිකට් විතරයි. ඔයා කිරි කලයක් දොවලා ගොම බිංදුවක් එකතු කළා...

:       21       38

True teller Friday, 10 November 2023 04:41 PM

හරියටම මාස 2කට කලින් ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේදී කතා කරද්දී එහෙම ක්‍රිකට් ආයතනයේ බලපෑම් කරන්න බෑ කිව්වේ ක්‍රීඩා ඇමැතිනේ..., හිටපු ක්‍රීඩා ඇමැති කෙනෙක් කිව්වා මතකයි icc ban කරවන්නද හදන්නේ ඕවාකරලා..., මිනිස්සුන්ට තියන එකම සතුට ඒක කියලා අනුර කුමාරට බැන්නත් එක්ක...!

:       6       13

Dinesh Friday, 10 November 2023 07:05 PM

හරි... ඔයා ජෙප්පෙක් කියලා පිළිගත්තා...!

:       5       7

අරවින්ද මොනරවිල Friday, 10 November 2023 07:09 PM

අනේ අප්පෝ මෙයා ජෙප්පෙක් වෙලා තියෙන්නේ 2023 නොවැම්බර් 10 වෙනිදා හවස 03.14 ඉඳලා වෙන්න ඇති. රනිල් රාජපක්ෂලා වෙනුවෙන් ඉන්න ජෙප්පෝ රටේ මිනිස්සු දැකලා තියෙනවා... ඒ නිසා ඕවාට කළබල වෙන්නේ නැහැ... බුද්ධිමත් මිනිස්සු. ප්‍රසන්නයා කියන්නේ කප්පම් අරන් මාට්ටුවෙලා උසාවිය ඉදිරියේ වරදකරු වෙලා ඉන්න කෙනෙක්.. එයා කියන ඒවා එයාගේ බිරිඳවත් විශ්වාස කරන්නේ නැතුව ඇති... නමුත් රනිල් රාජපක්ෂගේ කුලියට ලියන ජෙප්පෝ ඒවා විශ්වාස කරන හැටි අම්මාපල්ලා. අනුර පැහැදිලිව කියනවා ඡන්දයක් පවත්වන බව... තමන්ට දැනුම් නොදුන් බවත් ඡන්දයක් නොමැති නිසා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිය බවත්, ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එකතුවෙලා සභාවට ගෙනාව යෝජනාවකට මොන මෝඩයාද ඡන්දයක් ඉල්ලන්නේ..., නමුත් කාගේ හරි ලණුවක් කාලා මේ මෝඩයා ඡන්දයක් ඉල්ලුවා. ඒ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ නැතිබව දැනගෙන, නමුත් කතානායකවරයා ඒක ප්‍රතික්ෂේප කෙරුව නිසා අන්තීමට වුනේ දේශපාලන ගේම් ගහන්න ගිහිල්ලා සජිත් අනාථ වුණු එක විතරයි...

:       12       10

මැක්ස් Friday, 10 November 2023 04:20 PM

අකුදී බබා! රනිල් අගමැති කරන්න කාලෙකට කලින් පාර්ලිමේන්තුව ඇතුලේ මීටර් 100 දුවපු අයියලානේ මේ...!

:       19       16

Bamunuarachchi Friday, 10 November 2023 04:53 PM

නොදන්න මගුල් ගැන අපි ඔතන මොනවා කථා කරන්නද? ක්‍රිකට් කියන්නේ අධිරාජ්‍ය වාදීන්ගේ ක්‍රීඩාවක්... අපිට පුළුවන් ගොරකා දඩමස් කරන්න, මිනිරන් ග්‍රැෆයින් කරන්න වගේ දේවල් මිසක් ක්‍රිකට් නොවෙයි. සිද්ද වුණු සැන්තෑසිය, විවාදය දන්නේ නැතුව ඡන්දේ දෙන්නේ කොහොමද? ඒකෙන්ම තේරෙනවා මොවුන්ගේ ඡන්දේ තේරුමක්, බේරුමක් ඇතිව දෙන එකක් නොවන බව...

:       8       14

Bamunuarachchi Friday, 10 November 2023 05:01 PM

අනුර සහෝදර මචන් අතුරු ප්‍රශ්නයක් තිබෙනවා... අධිරාජ්‍යවාදී ඇමරිකාවට ගිහිල්ලා මිනිරන් ග්‍රැෆයින් කරන ගමන් කිව්වා නේද 113 නොලැබුනොත් අනික් පක්ෂත් එකතු කරගෙන ආණ්ඩුවක් පිහිටවනවා කියලා. එතකොට සහෝදර මචන් මන්ත්‍රීලාගේ පැන්ෂන්, ගෙවල්, වාහන, නැතිකිරිල්ලට මොකද වෙන්නේ?

:       11       16

මියැසි Friday, 10 November 2023 07:40 PM

මේ සාධාරණ කමෙන්ට්වලට ඩිස්ලයික් දාන්නත් සෑහෙන පිරිසක් ඉන්නවා කියන්නේ... ක්ලික් හමුදාව බැහැලම වැඩ වගේ...!

:       12       7

Bamunuarachchi Saturday, 11 November 2023 12:18 AM

මීමැසි... ඒ ගැන කලබල වෙන්න එපා ඒ ජෙප්පෝ කමෙන්ට් බැලුවා කියලා සටහන් දානවා. ලියන්න කියන්න දන්නේ නැති අය ඇඟිලි සටහන් දානවා දැකලා තිබෙනවා නේද? එහෙමයි කියලා හිතාගන්න.

:       2       4

සෙනෙවිරත්න Saturday, 11 November 2023 11:51 AM

Patta, මෙන්න මෙයාට මාර කලකිරීමක් ජවිපෙ එක්ක. අම්මෝ මේ ගොල්ල තුන්දෙනා ඔතැන නොසිටි නිසා ශම්මි ආයේ පුටුවේ වාඩිවුණා වගේ, ජවිපෙට කවදාවත් ඡන්දයක් නොදී ඒකෙ ඇද කුද හොයනවා හරියට... රටේ ආණ්ඩු කළ පක්ෂයක වගේ. ඔයාට බැහැ ජවිපෙ ගමන නවත්වන්න. දැන් අන්තිම පුස්ස බින්දා වගේ, ශම්මි පුටුවේ. 225ම කැමැති වෙලත් ඒ බහිරවයා යවන්න බැරිබව දැන දැනත් ෂෝ දානවා ජනතාව රවටන්න...

:       2       4

සෙනෙවිරත්න Saturday, 11 November 2023 11:54 AM

බමුණු ආරච්චි, තමුන් වචනයක් වැරිම පස්සේ එල්ලි එල්ලී යන්නේ බාලාංශ ළමයෙක් වගේ. ඒ වචනෙ නිවැරැදි කළා... අර්ථය පැහැදිලි වුණත් තමන්ගේ හෘද සාක්ෂියට එරෙහිව පරණ සොර කල්ලියටම කඩේ යන්න. ඒත් මාලිමාව නිසලයි...!

:       2       3

Bamunuarachchi Saturday, 11 November 2023 05:56 PM

සෙනවිරත්න උන්නැහේ මට jvp එකට විරුද්ධ වුණාම ඔබ කොහොමද මම හොරු කල්ලියට කඩේ යනවා කියන නිගමනයට එන්නේ? මම කලිනුත් කියලා තිබෙනවා 1977න් පසු රට පාලනය කරපු දේශපාලකයෝ කව්රුත් පට්ට හොරු කියලා. විමල් වීරවංස 360 වැඩසටහනෙදී කිව්වා වගේ ඔය කියන ජෙප්පෝ සෑම හොර කල්ලි සමග එකතුවෙලා හිටියා. නැද්ද අම්මපා? ජෙප්පෝ දැනට ඔප්පු වෙලා තිබෙන්නේ මිනීමරුවෝ හැටියට... ඒකයි අවුරුදු 58ක්ම බලයට එන්න බැරි වුනේ... හොරුද කියලා නිගමනයට එන්න තාම ඔවුන් හොරකම් කරන්න පුළුවන් තැන්වලට වැටුනේ නැහැ. බැසිල්ට වැරදුනේ කපුටා කියලා... ඒ නම හැමතැනම කිව්වේ කව්ද ජෙප්පෝ, ඉතින් අනුර ග්‍රැෆයිට් ග්‍රැෆයින් කලාම ඒක මතක් කර දෙන එක වැරදිද? ඒ විතරක්ද ප්‍රසන්න රණතුංග එයාගේ තාත්තා පුංචි අම්මාව කසාද බැන්දේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ කියනවා දැක්කාද? ඕවා ඔහොම තමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 732 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 151 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 869 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 362 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 928 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 2003 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39629 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25779 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1209 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site