(යොහාන් භාසුර)
ඡන්දයක් පැවැත්වීමට නොහැකි තරම් රට බංකොලොත් නොමැති වුවද ආණ්ඩුව දේශපාලන වශයෙන් බංකොළොත් බවත් වැරදි පාලනය රට මෙම තත්වයට ඇඳදමා ඇති අතර කැබිනට් මණ්ඩලය මමයි රජා න්‍යායෙන් මිදී සංවාදයක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා අද (28) පැවසීය.
වාහනයක් නතර වූ පසු නැවත පණගැන්වීමට මෙන් 16 වතාවක් අයි.එම්.එෆ්. එකට රට තල්ලු කර වැරදියට පදවන රටේ නායකයෝම නැවතත් අයි.එම්.එෆ්. ගිය බව සඳහන් කළ හේරත් මහතා අයි.එම්.එෆ්. මුවාවෙන් ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම කරගෙන යන බව ද කීය.
රජයට අයිති කොටස් විකිණීමට රජයට අයිතියක් තිබුණ ද අයි.එම්.එෆ්. වාර්තාව ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට බවත් අනුප්‍රාප්තික ජනාධිපති වරයෙක් යටතේ රජයට අයිති කොටස් විකිණීම සුදුසු නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.
අයි.එම්.එෆ්. තල්ලුව සාධනීය කරගැනීම සඳහා වැඩ ගොඩක් කළ ද රටේ ආර්ථිකය ගැන අලුත් දැක්මක් අවශ්‍ය බව කී ඒ මහතා ඒ සඳහා පැරණි දේශපාලනයෙන් බැහැරව විකල්ප ආර්ථිකයක් ගැන අවධානය යොමු කළ යුතු බව ද සඳහන් කළේය.
ත්‍රස්ත විරෝධී පනත සහ මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත පිළිබඳ බරපතළ ගැටලු ඇති බවත් මහ බැංකුව යම් මට්ටමකින් ස්වාධීන කළ යුතු යැයි පෞද්ගලික අදහස බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් කීය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඡන්දයක් පැවැත්වීමට නොහැකි තරම් රට බංකොලොත් නෑ
විපරමා Tuesday, 28 March 2023 04:20 PM
පොහොට්ටුවෙ දූෂිත දේසපාලුවෝ චන්ද නැතුව බන්කොලොත් වෙලා. උන් දන්නවා අන්තිමට යන එන මන් නැතිවෙන බව.