IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘ඡන්දේ කල් දැම්මොත් එජාප යේ අවසානය‘

 

( ප්‍රසාද් රුක්මල් ) 

ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) බදුල්ලේ දී පැවසීය .

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය .

‘දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන. කඩාගෙන ගියාට අපිට   කිසිම  අඩුවක් වෙලා නැහැ .අපි දැන් එදාට වඩා අද ශක්තිමත් .මැතිවරණය නොතියා ඉන්න බැහැ .ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දාන්න බැහැ .මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය එතරම් මෝඩකමක් කරයි කියලා .

එහෙම වැඩක් එක්සත් ජාතික පක්ෂය කලොත් ඒ  එක්සත් ජාතික පක්ෂයේ අවසානයයි .

අපේ ජනපති අපේක්ෂකයා ගැන දැන්ම මොනවාත් කියන්නෙ නැහැ .නිසි වෙලාවට, නිසි කලට  එය අපි කියන්නම්.ජනතාව දැන් බලාගෙන ඉන්නෙ පොහොට්ටුව දිනවන්නට .නැතිව වෙන මොනවාත් පක්ෂ ගැන නොවේ ජනතාව බලාගෙන ඉන්නෙ .

 



අදහස් (24)

‘ඡන්දේ කල් දැම්මොත් එජාප යේ අවසානය‘

Rata Perata Tuesday, 11 June 2024 07:20 PM

රෑට රෑට සාකච්චා කරලා දවල්ට පොර ටෝක් දාන්නේ නැතුව ඉන්නවා හලෝ .ඔච්චරටම රට ගැන ,ව්‍යවස්ථාව ගැන හිතනවා නම් ගේනවාකෝ විශ්වාස භංගයක් .මේවා නිකන් සංදර්ශන විතරයි

:       1       27

PATTA hora Tuesday, 11 June 2024 07:28 PM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. මයිනයි , පින් ජනා යි.... " අපි දෙන්නා එක්වීලා.. සහයෝගයෙන් වැඩේ දෙන්නේ.."

:       1       23

මැක්ස් Tuesday, 11 June 2024 07:29 PM

සීයට තුනේ අනුර සහෝ ලංකාවෙ විතරක් නොවෙයි එංගලන්තෙත් ජනාධිපති වෙන සයිස් එකට කැම්පේන් කරන කොට මහින්ද මහත්තයත් තමන්ගෙ උකටලීව ඉන්න පාක්ෂිකයන් උත්තේජනය කරන්න ට්‍රයි කරනවා. කෙසේ වුවත්, ඡන්ද කල් දැමීම නම් සුදුසු දෙයක් නොවෙයි. රෝං ජෙනරේෂන් බේබිලා ඇරෙන්න අනෙක් අය දන්නවනෙ යූඇන්පිය ජන්දෙ කල්දාන්න කරපු ලාම්පු කලගෙඩ් සෙල්ලම.

:       1       16

අරවින්ද මොනරවිල Tuesday, 11 June 2024 07:49 PM

පොහොට්ටුවට අවසන් ගමන් ගිහින් ඉවරයි ලොක්කා, දැන් තියෙන්නේ අලියාගේ නැට්ට විතරයි, නිසි වෙලාවට චන්දය තිබ්බත් නැතත් අලි නැට්ට අවසන් ගමන් යනවා 2024 ඔක්තෝබර් 15 න් පස්සේ.....හරිය.

:       3       24

chandima Tuesday, 11 June 2024 08:11 PM

වයසට මොලේ මඤ්ඤං වෙලා වගේ...?

:       4       31

Marikkar Tuesday, 11 June 2024 08:52 PM

ඔබ මේ කතා කරන්නේ කොකේන් ටිකක් බීලා මත් වෙලාද කියලා මට හොඳටම සැකයි...

:       4       24

Prabha Tuesday, 11 June 2024 09:05 PM

උඹලා පත් කරපු ජනාධිපතිනේ මේ.කතාව හරියට අපි පත් කරා වගේ

:       1       20

Mahinda nakiya Tuesday, 11 June 2024 09:40 PM

හැබැයි චන්දෙ කල් දාන්න පාර්ලිමේන්තුවේ චන්දයක් තිබ්බොත් ,මූ චන්දෙ කල් දාන්න අත උස්සනවා

:       1       20

Nandalal de silva - France Tuesday, 11 June 2024 10:15 PM

මුල අමතක වුනේ වයසට ගිහිල්ලා හැරමිටියෙන් යන නිසා වෙන්නැති!!! පාරක් චන්දෙන් පැරදිලා බලය අත්හැරීම ප්‍රතික්ෂේප කරපු හැටි මැදමුලන මයිනා සීයාට අමතක උනාට රටට අමතක නැත. අන්තිමේදී මැදමූලන ඉලව්වෙ හොටු පෙරාගෙන ජනෙල් කූරු ගනන් කරපු හැටි මගේ ආච්චි තවමත් මතක් කරනවා. එහෙම කෙනාද එජාප යට වැදි බණ දෙසන්න තටමන්නෙ????

:       0       17

ගමේ එකාලා Tuesday, 11 June 2024 10:34 PM

ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා ,ජනතාවගේ චන්දෙන් බලයට ඇවිත්,ජනතාව රවට්ටපු, මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,පව්ලේ උන්ව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු උන්ව දකින එකත් අපිට හරිම පිළිකුල් .

:       0       14

Lalla Wednesday, 12 June 2024 12:05 AM

ශ්‍රීලනිප එජාප පොහොට්ටු ඔක්කොටම සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ වලට වූ දේ වෙනවා. හේදිලා අතුගෑවිලා යනවා.

:       0       14

Perera Wednesday, 12 June 2024 12:22 AM

එජාපෙ අවසන් වෙලා බොහෝ කල් නේ ,එක මන්ත්‍රී කෙනෙක්වත් පාර්ලිමේන්තුවට පත් නොවුනේ ඒ නිසානේ

:       0       10

පිටරැටියා Wednesday, 12 June 2024 02:08 AM

පොහොට්ටුවේ වටේ හිටපු දූෂිත දේසපාලුවන් ,වහල්ලු නම් ඇති . සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු ආධාරත් හොරාකාපු දූශිතයෙක්, කියන කතා විස්වාස කරන්ඩ තරම් මෝඩ මිනිස්සු දැන් නැහැ.

:       0       13

siri Wednesday, 12 June 2024 04:44 AM

චන්දෙ කල් දැම්මොත් වෙන්නේ එම කාලය තුල පොහොට්ටුවේ තව ටිකක් අලියට එකතුවෙන එක තමා.අන්තිමට පොහොට්ටුවේ අවසානය තමා ප්‍රතිපලය

:       0       10

දයාසේන Wednesday, 12 June 2024 05:02 AM

පොහොට්ටුවෙ බයියො ටොම් පච ප්‍රචාරය කරලා රනිල් කැළණියේ දායක සභාවෙනුත් ඉවත්කර නයා නටවලා එජාපය විනාශ කලේ 2019 වර්ෂයේ කියලා නොදන්නා කෙනෙක් නැහැ අරගල වෙලාවේ කරකියා ගන්න දෙයක් ඇත්තේම නැතුව ජනාධිපති තනතුර දෙන්න පොහොට්ටුවේ එකෙක් නැතුව ඉදලා දැන් යන්තමින් නැගිටලා පිස්සු කියවනවා... ලංකාවේ ජනාධිපති වෙන්න නම් පොහොට්ටුවෙ එකෙක්වත් නැහැ.. එකක් හෝ ජරාපස්සක් පාර්ලිමේන්තුවේ පුටුවක තියන්න මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය නැතුව බැරිනිසා පිස්සුවෙන් කියවනවා...

:       0       10

kotiya Wednesday, 12 June 2024 05:16 AM

ඉතින්, ඡන්දේ තිබ්බත් ඔවුන්ගේ අවසානෙනේ...

:       1       10

B Amarasinghe Wednesday, 12 June 2024 05:17 AM

ඒ වුනාට අපේ සහය රනිල්ට. එයා අපේ පක්ෂයේ අපේක්ෂකයා

:       3       7

පිටිගල මිලානෝ Wednesday, 12 June 2024 06:47 AM

ළගදීම පවුලම හිරේ…..

:       2       11

sarath Wednesday, 12 June 2024 10:05 AM

3% සෙට් එකෙන් කමෙන්ට් කොටලා

:       4       3

Nimal 1 Wednesday, 12 June 2024 10:18 AM

මෑත කාලයේදී හොරුන් සහ තක්කඩියන් බිහිකළ මේ කාලකන්නි පක්ෂයේ අවසානය සනිටුහන් වෙලා අවසානයි

:       1       10

fairoos Wednesday, 12 June 2024 11:59 AM

නිවන් සුව...!

:       1       3

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 12 June 2024 02:26 PM

අති පූජණීය කැළණි පුරෙන් ගැරඬි පැටියෙක් ප්ලාස්ටික් බෝතලයක දමා නටවා, වැස්සකට වත් ජනාධිපති මන්දිරයට ගොඩ නොවන ගෝඨාභය ජනපති කරවා, රටේ සම්පත් චීනාට විකුණා, අහිංසක රටවැසියාගේ ධනය පිටරට පොදි ගහපු මේ පව් කාරයින්ට අවීචි මහා නරකාදියේ කටු ඉඹුලේ නංවා කල්ප ගණනාවක් තිස්සේ දඬුවම් විඳීම සඳහා "නෙළුම් කුළුණටත්" වඩා උස කුළුණක් තිබෙනවා. එහෙව් අයට නිවන් සුව පතන අපටත් පව් පිරෙනවා.

:       0       4

sam Wednesday, 12 June 2024 12:36 PM

මේ මනුස්සයා මේ වලපයයි, ගොඩපයයි ඉඳගෙන මුකුත් දන්නේ නැති බබා වගේ කතා කරන හැටි. මෙයත් පට්ටියේ ඉඳගෙනත් බලේ ලබාගන්න හැටි තමයි බලන්නේ. කාපු දේවල් මදිවෙලා. අනේ දැන්වත් යන තැනකට ආගමානුකූලව වැඩකරගෙන ඔය තණ්හාව, ආසාව, දුෂ්ඨකම් නවත්තලා දැම්මොත් නේද හොඳ?

:       0       6

හනුමන්තා Wednesday, 12 June 2024 04:56 PM

අපි දන්නේ නැහැ පොහොට්ටුව ශක්තිමත් කියලා? හිටපු අයත් පල්ලම් බැහැලා? රැස්වීමක් තියාගන්ඩවත් ගමකට යන්න බැහැ. බලයේ හිටපු කාලේ කියපු කරපුවා දැන් පඩිසන් දෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 496 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3230 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1151 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 597 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1991 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site