(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීතිවල යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝජනා ලබන 19 වැනිදා හෝ ඊට පෙර ලබාදෙන්නැයි මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 17වැනිදා රැස් විය.
මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා මහජන අදහස් ලබා ගැනීම සඳහා තීරණය කර ඇත්තේ එම රැස්වීමේදී ය.
මහජන අදහස් හා යෝජනා ලිඛිතව හෝ sec.pscelectionreforms2021@ parliament .lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ලබා දෙන ලෙස එම කාරක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුශානි රෝහණදීර මහත්මිය ඉල්ලීමක් කරන්නීය .
ලිඛිත යෝජනා හා අදහස් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට එවිය යුතු බව එම කාරක සභාව පවසයි.
යෝජනා ලබා දෙන අයගෙන් වාචික සාක්ෂි ලබා ගැනීමට කාරක සභාව අදහස් කරන්නේ නම් අදාළ පාර්ශවයන් ඒ සඳහා යථා කාලයේ දී එම සභාව හමුවට කැඳවන බව රෝහණදීර මහත්මිය පැවසුවාය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්ද නීති වෙනස් කරන්න යෝජනා ඉල්ලයි
sharm warn Thursday, 20 May 2021 09:43 AM
මනාප ක්‍රමයත්, පළාත් සභා ක්‍රමයත් අහෝසි කරන්න.
සිරිබිරිස් Thursday, 20 May 2021 10:25 AM
ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුව විතරයි තියෙන්න ඕනෑ.
සුධම්ම හිමි කුරුණෑගල Thursday, 20 May 2021 09:02 PM
අපි ජනතාව මොන යෝජනා එව්වත් දේශපාලුවෝ සම්මත කරගන්නේ උන්ට අවශ්‍ය විදියටයි.
සිරිබිරිස් Saturday, 22 May 2021 01:48 AM
මත්කුඩු, මත්පැන් සම්බාහන මධ්‍යස්ථාන වැනි ව්‍යාපාර කරන කිසිවෙකුට ඡන්දය ඉල්ලීමට නොහැකිවන සේ කටයුතු සලසන්න. ඒ වාගේම රටේ සම්පත්වලට හානිකරන, හානිකළ කිසිවෙකුටත් දේශපාලනය කිරීම තහනම් කරන්න. එමෙන්ම ජාතික ධනය යොදාකරන ඉදිකිරීම් කිසිවකට තමාගේ හෝ තමන්ගේ හෝ තමතමාගේ පියාගේ මවගේ ආතා මුත්තාගේ නම් යෙදූ අයටද දේශපාලනය කිරීම තහනම් කරන්න..