(සුජිත් හේවාජුලිගේ)
ඡන්ද පත්‍රිකාව පරණ විදිහටම මුද්‍රණය කිරීමට උත්සාහ දරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර අවසාන තීරණයක් ගන්නා බවද ඇය සඳහන් කළාය.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 40 දෙනෙක් මෙවර ඉදිරිපත් වෙති. මේ හේතුවෙන් ඡන්ද පත්‍රිකාව තරමක් දිග එකක් වනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර මැතිවරණයට අදාළ ලියකියවිලි රැසක් මේ දිනවල මුද්‍රණය කරගෙන යන බව ලියනගේ මහත්මිය සඳහන් කළාය.
නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව ඉතා ඉක්මනින්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කරන බව ඇය වැඩිදුරටත් කීවාය.
මැතිවරණයට අදාල දෑ මුද්‍රණය කරන හෙයින් රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් වැඩි කර ඇත.
මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා එහි වෙනම පොලිස් මුර පොළක්ද පෙරේදා(13) පිහිටවනු ලැබීය.
හදිසි මුද්‍රණ කටයුතු හේතුවෙන් මුද්‍රණ සේවයකයන්ගේ නිවාඩුද සීමා කරනු ලැබ ඇත.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද පත්‍රිකාව ටිකක් දිගු වෙයි
Rohana Wednesday, 14 August 2024 09:39 PM
තමන්ට දිනන්න බැරිබව දැනදැනත් ප්‍රසිද්ධිය සඳහා වැඩකට නැති අයත් ජනපති අපේක්ෂකයින් වෙලා. මේ විදියට වැඩකට නැති අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමට රජය වහාම කටයුතුකළ යුතුයි. ඡන්ද දායතයාට ඡන්දය දෙන්න කලින් අපේක්ෂක නම්වැලක් අතරින් කැමැති අපේක්ෂකයා තෝරාගන්න සෑහෙන වෙලාවක් ගතකරන්න වෙනවා...
wedage Thursday, 15 August 2024 10:51 AM
මේ පින්තූරයේ ඉන්නේ ගංගානි නොවෙයි නේද ?