(සුජිත් හේවාජුලිගේ )
මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන පාටක් පෙනෙන්නට නැති හෙයින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අත තැබිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (15) ලිපියකින් දැනුම් දුන්නාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්නේ දැයි කළ විමසුම්වලට මහ භාණ්ඩාගාරයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයිද ඇය සඳහන් කළාය.
මුදල් ලැබුණහොත් ඡන්ද පත්‍රිකා දින හතරත් පහත් අතර කාලයකදීද සෙසු මුද්‍රණ දින 30ක කාලයකදීද මුද්‍රණය කර දිය හැකි බව පැවසූ ලියනගේ මහත්මිය මැතිවරණය සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන වෙනුවෙන්වත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබී නැතැයි ප්‍රකාශ කළාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දැනට ලැබී ඇත්තේ කෝටි හතරක් පමණක් බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ආරක්ෂාව සැපයීම සඳහා ඒවා මුද්‍රණය කරන අවස්ථාවේදී දැනුම් දෙන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රකාශ කර ඇති බවත්
රජයේ මුද්‍රණාලාධිපතිනිය පැවසුවාය.
මුදල් හෙට ලැබුණොත් හෙට සිටම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සල්ලි ලැබෙන පාටක් නෑ
Jagath Thursday, 16 March 2023 05:55 PM
මැතිවරණ පවත්වන්න මුදල් දෙන්නේ නැතිනම් ඒකටත් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්න තමයි වෙන්නේ.
විජිත් Thursday, 16 March 2023 06:00 PM
මෙයා කියන්නේ ඇත්තක්නම්,මුදල් අමාත්‍යංශයේ ලේකම් කියන උද්දච්ච පට්ට හොරා අධිකරණයට අපහාස කරලා තියෙනවා. ඉතින් දැන් තියෙන්නේ මේකාව අධිකරණය හමුවට පමුණුවා අවුරුදු 10 කටවත් " ජම්පර් " අන්දලා නැතිනම් "අමුඩයක් " ගස්සලා " ගල්පල්ලියට " දැක්කවිමයි. ඔහුගේ තනි නොතනියට " රනිල් "නංගිත් ජංගියක් අන්දලා ළඟදීම ගල්පල්ලි එනවා" කියලත් මිනිහට කියන්න ඕනා.
Demuni Uduwara Friday, 17 March 2023 05:19 AM
ඔබ මුදල් ලැබීමෙන් පසු අතීතයේ ඡන්ද කාඩ්පත් මුද්‍රණය කළේද? ජනතාව නොමග යවන්න එපා!
Lalla Friday, 17 March 2023 07:13 AM
රටට සාපයක් වූ මුද්‍රණාලයාධිපති..... විශ්‍රාම යන එක හොඳා නේද?
Kumasaru Friday, 17 March 2023 09:11 AM
මේ සැරයටවත් නයට ගහන්ඩ දෙන්ඩ බැරිද?
Sumathipala Friday, 17 March 2023 12:41 PM
වාර්ෂික අයවැය ලේඛනයෙන් මුදුණ දෙපාර්තමේන්තුව සදහා වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන වලින් මුදුණ වැඩ ඉටුකර ගත හැකිය. මෙම මුදුණ වැඩය සඳහා වෙනම මුදල් ඉල්ලීම අවශ්‍ය නොවේ.
de silva Friday, 17 March 2023 01:08 PM
වැඩිම උනොත් මේ ආණ්ඩුව තව අවුරුද්දක් තියේවි .රාජකාරිය හරියට ඉටු නොකලොත් පසුව නඩු වැටෙයි .නඩුවෙන් වරදකාරයා වුනොත් පැන්ෂන් එකත් කෙල වෙලා හිරේ යන්න වේවි
sarath Friday, 17 March 2023 01:42 PM
බොරුවට අමාරුවේ වැටෙන්න එපා.අධිකරණයේ ඕකේ එකත් තිබෙන නිසා බය නැතිව මුද්‍රණ කටයුතු ආරම්භ කරන්න නැතිනම් අමාරුවේ වැටේවි .නඩු වැටේවි.හිරේ යන එක කෙසේවෙතත් රිමාන්ඩ් එකේ ලගින්න වේවි .පූජිත ජයසුන්දර සහ හේමසිරිට උනා වගේ
Rata Perata Saturday, 18 March 2023 02:28 PM
මුහුණ දැක්කාමත් පේනවා මොන්ගල් වගේ....