IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඡනාධිපතිවරණයේ දී මනාප දෙකකට ඉඩ

(ජේ.ඉඳුරුවගේ)

මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට තම ඡන්දයත් තවත් අපේක්ෂකයන් දෙදෙනකුට පිලිවෙලින් දෙවන හා තුන්වන මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇතැයිද අවශ්‍යනම් ඡන්දය පමණක් ලකුණු කිරීමට හැකියාව ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට නම් එම අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් ඇති කොටසේ " 1" ඉලක්කම ලකුණු කළ යුතුය.ඉන්පසුව 2 හා 3 ඉලක්කම් සලකුණු කර තමන් කැමති අපේක්ෂකයන්ට දෙවන හා තෙවන මනාප දැක්විය හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව කියයි.

දෙවන හා තෙවන මනාප ලකුණු නොකළත් එක් අපේක්ෂකයෙකුට ඡන්දය ලකුණු කළ හැකිවේ.

ඡන්දදායකයන් සිය චේතනාව ඡන්ද පත්‍රිකාව මත කරනු ලැබූ යම් සලකුණක් පැහැදිලිව පෙනෙන විට (උදාහරණයක් ලෙස කතිරය ලකුණ පමණක් ලකුණු කර ඇතිවිට)එය වලංගු ඡන්දයක් සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි .

කෙසේ වුවද කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු නොකිරීම,එක් අපේක්ෂයෙකුට වඩා ඡන්දය ලකුණු කිරීම,එක් අපේක්ෂකයෙකුට "1" හා තවත් අපේක්ෂකයෙකුට කතිරය ලකුණ යොදා ඇතිවිට ,ඡන්දය නොමැතිව දෙවන හා තෙවන මනාප පමණක් ලකුණු කර ඇති විට,"1" හැර වෙනත් සලකුණක් සමග 2 හා 3 මනාප ලකුණු කර ඇතිවිට ,ඡන්දදායකයා හඳුනාගත හැකිවන පරිදි යම් දෙයක් ලියා හෝ සලකුණු කරනු ලැබූ විට සහ 1,2,3 ට වඩා ඡන්දය හා මනාප ලකුණු කර ඇති විට එම ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප වූ ඡන්ද පත්‍රිකා ලෙස සැලකෙන බවද මැතිවරණ කොමිෂන් සභාව අද (30) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි .

 



අදහස් (4)

ඡනාධිපතිවරණයේ දී මනාප දෙකකට ඉඩ

Perera Friday, 30 August 2024 03:52 PM

ඔය ක්‍රමය එන්න ඉස්සර වෙලා කතිරය ගසා ඡන්දය පාවිච්චි කලා මිනිස්සු තාමත් කතිරය ගසා ඡන්දය පාවිච්චි කරන්න හිතනවා. ඉතින් ඡන්දය වෙනුවෙන් කතිරය ගසා පළමු මනාපය වෙනුවෙන් කතිර දෙකක්ද දෙවැනි මනාපය සදහා කතිර තුනක්ද ගැසුවෙත් මොකද වෙන්නේ?. අනෙක මම දුටු සත්‍යයම දෙයක් කියන්නේ. එක්තරා ඡන්ද දායකයෙක් සලකුණ ඉදිරියේ කතිරය ගසා කතිරය හොදින්ම පාටකර තිබුණා... එය අවලංගු කර ප්‍රතික්ෂේප කරන්න ශාලාවේ ගණන් කිරීමේ නිළධාරි තීරණය කළා.. ඉතින් ඔය ප්‍රශ්නය තේරීම්බාර නිලධාරි වෙතට ගියාම පැමිණි නිලධාරි එය නිවැරදියි කියලා තීරණය කර ප්‍රශ්නය නිරාකරණය කළා. එහෙම දේවල් ගැන අවධානයට ගන්න මම හිතන්නේ එම අත්දැකීම් තියෙන අය කොමිසමේ සාමාජිකයින් හැටියට ඉන්නවා කියලා තමයි...

:       4       4

ගමේ එකාලා Friday, 30 August 2024 04:11 PM

කතිරේ ගහන්න පුරුදු වෙච්චි අය තමා ගම්වල ඉන්නේ....!

:       2       10

Malika Saturday, 31 August 2024 11:10 AM

සූත්තර පුංචාගේ තව උප්පරවැට්ටියක්... ගම්වලින් මාලිමාවට වැටෙන ඡන්ද ටික අවලංගු කරන්න. කොහොමද පුංචි මොලේ...?

:       0       3

කීර්ති Saturday, 31 August 2024 05:30 PM

තමා කැමැති එක් අපේක්ෂකයෙකුට පමණක් එක කතිරයක් ගසා ඡන්දය දීම ප්‍රමාණවත්...! මනාප දෙන්න තරම් කවුරුවත් නෑ මේ පාර...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 909 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1839 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2303 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5700 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1709 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6275 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18163 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site