IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


ඡන්දහිමි නාම ලේඛනයට හැම පුරවැසියෙක්ම ඇතුලත් විය යුතුයි

 

(නිමල කොඩිතුවක්කු)

ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන  බව අතිරේක මැතිවරණ කොමසාරිස් (ජාතික මැතිවරණ) රසික පීරිස් මහතා පැවසීය.

සෑම වර්ෂයකම පෙබරවාරි මස 01වැනිදා  ඡන්දහිමියන් සඳහා ලියාපදිංචි වීමේ දිනය බැවින් එදිනට  තමන් පදිංචිව සිටින ලිපිනය ඡන්දහිමි නාම ලේඛනයට ඇතුලත් වන බවත් එම දිනයට  වයස අවුරුදු 18 සම්පූර්ණ වීම යන කාරණා සැළකිල්ලට ගෙන  ප්‍රධාන ඡන්දහිමි නාම ලේඛනයට නම් ඇතුලත් කිරීමට කටයුතු කරන බවත් රසික පීරිස් මහතා පැවසුවේය.

ඡන්දහිමි නාම  ලේඛනයට පුරවැසියන්ගේ නම් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

2025 වර්ෂයේ ප්‍රධාන නාම ලේඛණයට නම් ඇතුලත් කිරීමට 2007 ජනවාරි 31 හෝ ඊට පෙර උපන් තැනැත්තන් සුදුසුකම් ලබන බවත්  ගණන් ගන්නා දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වීම සහ ශ්‍රි ලාංකික පුරවැසියෙක් වීම යන කාරණ දෙක එහිදි ප්‍රධාන ලෙස සළකා බලන බවද අතිරේක මැතිවරණ කොමසාරිස් පැවසීය.

මෙම වර්ෂයේ ඡන්දහිමියන් ගණන් ගැනීම සඳහා ගණන් ගැනීමේ නිලධාරී සෑම ගෘහයකටම යෑම සිදු නොවන බවත් “අ” සහ “ආ” ලැයිස්තු යාවත්කාලීන කිරීම සදහා තොරතුරු එක් රැස්කිරීමට පමණක් ගෘහ වෙත යෑම සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (0)

ඡන්දහිමි නාම ලේඛනයට හැම පුරවැසියෙක්ම ඇතුලත් විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පරාටේ සැර බාල කරන්න කමිටුවක්
2025 පෙබරවාරි මස 03 59 0

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබාදීම සඳහා උපදේශක කමිටුවක්


ආහාර ද්‍රව්‍ය ටොන් 1,623ක් ගබඩාවල නරක් වෙලා
2025 පෙබරවාරි මස 03 133 0

ආහාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රටපුරා ගබඩාවල ඇති ආහාර ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 1,623 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ


බන්ධනාගාර රැඳවියන් 285ක් හෙට නිදහස්
2025 පෙබරවාරි මස 03 93 0

77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 285 ක් හෙට (4) නිදහස් ලබන බවත් එම රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 279ක් සහ කාන්තා රැඳවි


බ්ලූමැන්ඩල් බහලුම් අංගන විවෘත කරයි
2025 පෙබරවාරි මස 03 1231 0

කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස


ඡන්දහිමි නාම ලේඛනයට හැම පුරවැසියෙක්ම ඇතුලත් විය යුතුයි
2025 පෙබරවාරි මස 03 521 0

ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැත


තරුණ සේවා අලුත් සභාපති වැඩ බාර ගනී
2025 පෙබරවාරි මස 03 1334 1

නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 78 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 738 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 730 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site