IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා

( අමදෝරු අමරජීව )

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය  ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර්යයේ නියැලෙන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේ ස්ථාපිත මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකය කියයි .

මුතුර් ආසනයට අයත් තෝපූර්  ප්‍රදේශයේ ඡන්දදායකයන්ගේ මනාපය ලබා ගැනීම සඳහා ඔහු මෙම උපක්‍රමය භාවිතා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්වේ  .

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් එම මැතිවරණ කළමනාකරණ ඒකකය භාර සහකාර තේරීම් භාර නිලධාරී හා අතිරේක දිසාපති ඒ සුදාකරන් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපදෙස් මැතිවරණ  කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බවයි.

දැනගන්නට ඇති පරිදි මෙම අපේක්ෂකයා පසුගිය අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බව පැවසේ. මෙම අපේක්ෂකයා මොල්ලිපොතාන  ප්‍රදේශයේත් මෙම ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවීම් සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වලටද පැමිණිල්ලක් ලැබී ඇති බව දැනගන්නට ඇත.   



අදහස් (0)

ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 77 0

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ විතාරන්දෙණියේ කස්සප නාහිමි කෝටියක්
2024 නොවැම්බර් මස 07 136 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 480 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි



’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 791 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 420 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1384 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site