IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


ඡන්දෙ දාන්න දුරකථන තහනම්

(යොහාන් භාසුර)

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අද (12) පැවසීය.

ජනාධිපති අපේක්‍ෂකයන් ඡන්ද සළකුණු කරන අවස්ථාව ඡායාරූප ගැනීමට සහ විඩියෝ කිරීමට අවසර ලැබුණ ද ඡන්ද දින පස්වරු 4.00 ට පෙර ඒවා පළකිරීම සහ ප්‍රචාරය කිරීම තහනම් බව ද රත්නායක මහතා කීය.

තැපැල් ඡන්දය පාවිච්චි කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යෑමට අවසර දීමෙන් පසුගිය දිනවල වූ දේවල් බරපතල බව කී රත්නායක මහතා ඡන්ද සළකුණු අවස්ථාව ඡායාරූප ගැනීම නොව තමන් ඡන්දය දැමේ කාටද යන්න ප්‍රකාශ කිරීම පවා නීතිවිරෝධී බව ද සඳහන් කළේය. මැතිවරණවලදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යෑමට මීට පෙර තහනමක් පනවා නොතිබුණි.

 



අදහස් (2)

ඡන්දෙ දාන්න දුරකථන තහනම්

අරවින්ද මොනරවිල Friday, 13 September 2024 10:30 AM

ඡන්දය දාලා රැකියාවට හෝ තමන්ගේ එදිනෙදා කටයුතුවලට යන්න බලාපොරොත්තුවෙන් සිටින පොදු ප්‍රවාහන භාවිතා කරන සාමාන්‍ය ජනතාවට මේකෙන් බලවත් අසාධාරණයක් වෙනවා, තමන්ගේ ජංගම දුරකථනය ගෙදර තබා ගොස් ඡන්ද ප්‍රකාශ කරලා නැවත ගෙදරට එන්න වෙනවා. ජංගම දුරකථනය රැගෙන යන්න, අපහසු සේවා ස්ථානයට හෝ අදාල කාර්යයට යන්න. මේක ඡන්ද දායකයින් දුර්මුඛ කරන්න ඡන්ද පොළට යාම වළක්වන්න මැතිවරණ කොමිසම හිතාමතා ගත්තු තීරණයක් විය යුතුයි...

:       1       13

Gihan Friday, 13 September 2024 01:00 PM

මේක හරිම අසාධාරණ තීරණයක්. මේ වැඩෙන් උදේම ඡන්දෙ දාලා වැඩට යන්න බලාගෙන එන මිනිස්සු බොහෝමයක් අපහසුතාවට පත්වෙනවා. මේ පාර ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය බැලුවාම වෙනස පෙනෙයි. බොහෝවිට තරුණ ඡන්ද බොහෝමයක් නොවැටෙන්න ඉඩ තිබෙනවා. මේ තීරණයෙන් සමස්ත ප්‍රථිපලයට බලපෑමක් වුණොත් ඒකට මැකෝ වගකිව යුතුයි. මේක හරියට එක මකුණෙක් කෑවාම මකුණෝ සේරම මරනවා වගේ වැඩක්. මැතිවරණ කොමිසමේ නොහැකියාව පෙන්වීමක්...!

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි
2024 සැප්තැම්බර් මස 18 88 0

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 18 134 0

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො


රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට විකුණයි
2024 සැප්තැම්බර් මස 17 845 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ’’පල්මියෙරි විලා’’ ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට ත


ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 395 0

සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල්


නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 17 464 0

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍ර


අනුන්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි
2024 සැප්තැම්බර් මස 17 1349 0

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 91 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2151 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 998 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site