IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්

(ගයාන් සූරියආරච්චි)

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.

ඒ අනුව පොලිස් නිලධාරීන් 70,000 ක්, පොලිස් විශේෂ කාර්ය බළකාය 3200 ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 ක් මැතිවරණ රාජකාරිය සදහා සෘජුව යෙදීවීමට නියමිත අතර පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරියේ යෙදවීමෙන් පසු ප්‍රධාන මර්මස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදා නිලධාරීන් 11,000 ක් පමණ යෙදවීමට නියමිත බවද තල්දූව මහතා කීය.

ඊට අමතරව ජංගම සංචාර සදහා පොලිස් නිලධාරීන් 3109 ක්, මාර්ග බාධක සදහා නිලධාරීන් 269 ක්, කැරළි මර්දන කණ්ඩායම් 241 ක් ද විශේෂ රාජකාරී සදහා යෙදවීමට නියමිතය.

මැතිවරණය රාජකාරිය සදහා අවශ්‍ය වුවහොත් තවත් පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් කණ්ඩායම් සූදානමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

 



අදහස් (0)

ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්

ඔබේ අදහස් එවන්න

දියත

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 1059 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 717 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 1654 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 402 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 678 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 630 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 207 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1635 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site