IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක්

(එස්.ඩී .කොඩිකාර )

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරල්ල, හොරගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ  වතු කම්කරු පවුල් 21 ක පුද්ගලයන් 65 දෙනෙකුගේ ජන්දය ග්‍රාම නිලධාරීවරයා  ජන්ද නාම ලේඛනයට ඇතුළත් නොකිරීම හේතුවෙන් පසු ගිය ජනාධිපතිවරණයේ සහ මෙවර පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ද ඔවුන්ගේ ඡන්ද අයිතිය ඉවත් වී ගොස් ඇති බවට පැමිණිල්ලක් ලංකා කම්කරු රතු කොඩි සංගමයට ලැබී ඇති බව එම සංගමයේ දිස්ත්‍රික් ලේකම් පී.ඩී.කුමාර මහතා පවසයි.

පුද්ගලික වත්තක පදිංචි මෙම කම්කරුවන් නොකඩවා ඡන්දය භාවිතා  කර සිටි බවත් පසු ගිය ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්ද පත්‍රිකා නොලැබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් තම සංගමයට ද පැමිණිල්ලක් ලැබුණු බවත් ඉන් අනතුරුව අප  මානව හිමිකම් කොමිසමට මේ සම්බන්ධයෙන්  පැමිණිල්ලක් සිදුකළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.  

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඡන්දය අහිමි වතු කම්කරුවෙකු වූ (39) හැවිරිදි කාලිමුත්තු වල්ලිඅම්මා පැවසීය . පසුගිය ජනාධිපතිවරණයේදී අපිට ඡන්ද කාඩ් පත් ලැබුණේ නැහැ.ඉන්පසු අපි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මුණගැහෙන්න ගියා අපට ඡන්දය හදලා දෙන්න කියලා. එතකොට කිව්වේ මේ පාර හදලා දෙන්න විදියක් නැහැ. ඊළඟ පාර චන්දනාම ලේඛණයට නම ඇතුළත් කරලා හදලා දෙන්නම් කියලා.දැන් මේ වෙනකොට ග්‍රාම නිලධාරීවරයා වෙනත් වසමකට මාරු වෙලා ගිහින්. අපි කියන්නේ අපේ ඡන්ද අයිතිය ලබාදෙන්න කියලා.

මේ සම්බන්ධයෙන් අදාළ ග්‍රාම නිලධාරීවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ආකෘති පත්‍රය අත්සන් ගැනීම සඳහා නිවෙස් වලට යාමේදී  ඔවුන් එම නිවෙස් වල නොසිටි බවත් සිටි 12කු ගේ පමණ ඒවාට අත්සන් ලබා ගත් බවයි.

මේ සම්බන්ධයෙන් කොටපොළ ප්‍රාදේශීය ලේකම් ශානිකා අයි පෙරේරා මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවසූයේ මේ වන තෙක් තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලිඛිතව නොලැබුණු බවත්  එසේ ලැබුණහොත් කඩිනමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි.

 



අදහස් (0)

ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

දියත

හිසට පහරදී අයෙක් මරලා
2024 ඔක්තෝබර් මස 14 94 0

හිසට පහර දීමකින් ඇතිවූ බරපතල තුවාලයකින් ලේ ගලමින් පුද්ගලයෙකු නිවසේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව මාදම්පේ පොලීසිය කියයි.


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 159 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට කැමතියි
2024 ඔක්තෝබර් මස 14 24 0

කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 358 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 77 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 345 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 371 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 438 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1391 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site