IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජගත් කුමාර ට එරෙහිව විනය පියවර


(සුජිත් හේවාජුලිගේ )

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්  තම පක්ෂයේම  කැබිනට්  ඇමැතිවරුන්  දෙදෙනකු විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සම්බන්ධයෙන් විනය කමිටුව රැස්වී සුදුසු පියවරක් ගන්නා බව පක්ෂයේ මහ ලේකම්  නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

ඉතාලියේ සංචාරයක යෙදී සිටින අගමැතිවරයා මෙරටට පැමිණි පසු  විනය කමිටුව රැස් කිරීමට බලාපොරොත්තු වන බවද  හෙතෙම සඳහන් කළේය.

ජගත් කුමාර මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙසේ විවේචනයට  ලක් කර ඇතැයි පැවසෙන්නේ  මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ විදුලි බල අමාත්‍ය  ගාමිණී ලොකුගේ යන  දෙදෙනාය.

පොලිස් ස්ථානාධිපති වරයකු  මාරු කර යවා  තමාගේ දේශපාලන කටයුතුවලට බාධා පමුණුවා ඇතැයි  ජගත් කුමාර මන්ත්‍රීවරයා  එහිදී  චෝදනා  කර තිබිණ.

මේ සිද්ධිය පදනම් කරගෙන ජගත් කුමාර මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පාදුක්ක  ප්‍රාදේශීය  සම්බන්ධීකරණ  කමිටුවේ සභාපති ධූරයෙන්ද ඉකුත් 17 වැනිදා    ඉල්ලා අස්විය .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ අවශ්‍ය පුද්ගලයන් දැනුවත් කර  ජගත් කුමාර මන්ත්‍රීවරයාට එරෙහිව සුදුසු පියවර ගන්නා බවයි.

ජගත් කුමාර මන්ත්‍රීවරයා කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම සඳහන් කළේය. 

 



අදහස් (7)

ජගත් කුමාර ට එරෙහිව විනය පියවර

සිරිබිරිස් Sunday, 19 September 2021 04:39 PM

විනය පරීක්ෂණයෙන් පස්සෙ කැබිනට් ඇමතිකමක් නේද .

:       3       13

de silva Sunday, 19 September 2021 04:59 PM

අනිත් ඇමතිලා පිස්තෝල ඔලුවට තබල තර්ජනය කිරීම වැනි සුළු වැරදි කරනකොට ජගත් කුමාර කරලා තිබෙන්නේ බරපතල වරදක්

:       1       33

සෙනෙවිරත්න Sunday, 19 September 2021 05:46 PM

ඔබතුමා ලොහාන් ගැන මෙච්චර ඉක්මනින් මොනවත් කිව්වෙ නැත්තෙ බයටද?

:       1       35

de silva Sunday, 19 September 2021 06:41 PM

ලොහාන්ට හරි එරාජ්ට හරි මුකුත් කිව්වොත් අනිවාර්යෙන්ම ගුටි කන්න වෙන බව දන්නා නිසා හැමදාම බයිට් එකට අල්ල ගන්නේ ගම්මන්පිල ,ජගත් කුමාර වැනි වැඩ බැරි චරිතයක්

:       0       24

sampath Sunday, 19 September 2021 10:53 PM

අගමැතිතුමාට මොන්ටිසෝරියක් කරනවා වගේ මේ පොඩි පොඩි දේවල් කියන්න ඕනෙද.

:       0       12

Perera Monday, 20 September 2021 12:22 AM

ඔහොම අයට නාම යෝජනා සම්මත කරන අයටත් විරුද්ධව විනය පරීක්ෂණ කල යුතුයි

:       0       11

lal Monday, 20 September 2021 04:18 AM

හැමදේම අගමැතිට කියන්න ඕනෙද? විනය ක්‍රියාමාර්ග ගැනිමේ ක්‍රමවත් නිති පද්ධතියක් තාම ඔය පක්ෂයට නැද්ද? මේක රටක්ද? ඉස්කෝලේ පන්තියක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 46 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 29 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 416 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 387 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 296 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 318 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1685 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site