IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ජංගම පුස්තකාලයක් වූ නිල රථය

(ඩිල්ශානි චතුරිකා දාබරේ)

සිය රාජකාරි කටයුතු සදහා රජය විසින් ලබා දී ඇති නිල රථය අද(16)  සිට ජංගම පුස්තකාලයක් බවට පත්කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

සිය දෙපාර්තමේන්තුව යටතේ සිටින විවිධ ආයතනවල සේවය කරන පිරිස වෙනුවෙන් පළමුව මෙහි ප්‍රයෝජන ලබාදීමට සූදනම බවද, පසුව සාමාන්‍ය ජනයාට මෙම අවස්ථාව ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෑම රථයක් සදහා ම මෙය ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද, ජංගම පුස්තකාලයේ කටයුතු සම්බන්ධීකරණය සදහා මේ වනවිට වෙනම නිලධාරියෙක් පත්කර ඇති බවද කී අධ්‍යක්ෂ  ජනරාල්වරයා, පුරාවිද්‍යාවට අදාල කෘති පමණක්  නොව නවකතා ආදී ඕනෑම කෘතියක් මෙම පුස්තකාලයෙන් ලබාගත හැකි බවද කීය.

මෙය වඩාත් වර්ධනය කර, මුහුණුපොත ඇසුරුකරගනිමින් ජංගම පුස්තකාලයේ ඇති කෘති ගැන දැනුවත් කරන බවද, කෘතිවල මෘදු පිටපත් පවා ලබාදීමට සූදානමින් සිටින බවද මනතුංග මහතා සදහන් කළේය.

ඒ අනුව, සිය නිල රථයේ ජංගම පුස්තකාලයක් ක්‍රියාත්මක කරන පළමු ආයතන ප්‍රධානියා තමා විය හැකි බවද පුරාවිද්‍යා  අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

ජංගම පුස්තකාලයක් වූ නිල රථය

සමන් Tuesday, 16 March 2021 06:31 AM

අර විනාශ කරන/වෙන පුරාවස්තු ටික ඉස්සෙල්ලා රැකගෙන මේ වැඩවලට අත තිබ්බානම් වටිනවා කියලා හිතෙනවා

:       3       11

ලුම්බිණි Tuesday, 16 March 2021 06:42 AM

නිල රථය බස් එකක්ද? නැත්නම් කාර් එකක් කොහොමද පුස්තකාලයක් දාන්නේ?

:       1       9

Sunil Tuesday, 16 March 2021 08:41 AM

ඔලුවේ අමාරුවද...? ඕවා කරලා පොරක් වෙන්න බෑ... ඉස්සරවෙලා රස්සාව හරියට කරන්න. ගොන් වැඩකරලා පලවෙනියා වෙන්නද හදන්නේ..? විශ්ව විද්‍යාලේ ළමයින්ට අන්ඩර දෙනවා වගේ ලේසි නෑ රජයේ සේවය..

:       2       7

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 0 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 51 0


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 23 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) අද (05දා) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැ


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1563 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1001 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 17 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site