(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි පානදුර දකුණ පොලිසියේ සැරයන්වරයකුගේ පිස්තෝල ගිනි අවිය සැකකටයුතු පුද්ගලයකු උදුරාගෙන වෙඩි තැබීමට උත්සාහ දැරූවද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් පොලිස් නිලධාරීන් ගේ ජීවිත අනූ නමයෙන් බේරි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා මෙල්ල කර අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත
සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සහ මන්නයක් පොලිස් භාරයට ගෙන ඇත
පානදුර දකුණ පොලිසියේ සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු පෙරේදා (29) රාත්‍රී ජංගම සංචාරයේ නිරත වෙද්දී පානදුර ගාලුපාර සතොස අසල සැකකටයුතු පුද්ගලයකු රැඳී සිටිනු දැක ජීප් රථය නවතා සැරයන් වරයා සහ කොස්තාපල්වරයා ඔහු අසලට ගොස් තිබූ බව පොලිසිය කියයි
එම ස්ථානයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමත් සමගම සැකකරු සැරයන් වරයා ගේ පිස්තෝල රඳවනයේ බහා තිබූ පිස්තෝල ගිනි අවිය එක වරම ඔහු අතට ගෙන සැරයන් වරයා දෙසට එල්ල කර ක්‍රියාත්මක කර ඇතත් වාසනාවකට මෙන් එය ක්‍රියාත්මක වී නැතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසිය
ඒ සමගම ක්‍රියාත්මක වූ සැරයන් වරයා සහ අනෙක් කොස්තාපල්වරයා මෙන්ම රියදුරු කොස්තාපල් වරයා දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු මෙල්ල කර අත් මාංචු දමා සෝදිසි කිරීමේදී ඔහු සන්තකයේ තිබී මන්නයක් සහ ජීව අත්බෝම්බය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි
අනතුරුව සැකකරු පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදු කළ සොයා බැලීමේදී සැකකරු මොරටුව ඇතුළු පොලිසි ගණනාවක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවට අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
සැකකරු මෝදරවිල පදිංචිකරුවෙකි. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන් ගේ උපදෙස් මත පානදුර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඩි උපුල් ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජංගම සේවයේ ගිය සාජන්ගේ පිස්තෝලය උදුරන් වෙඩි තියන්න හදලා
Bamunuarachchi Tuesday, 31 October 2023 04:44 AM
සැකකරු පොලිසියට ගෙනාවම අහන්න ඇති ඔබතුමා මොකද අපේ පොලිස් කාරයාගේ සෝබන පිස්තොලේ උදුර ගන්න හැදුවේ කියලා. කිරිපනුවෝ වගේ කේසඟ ගොයියෝ පොලිස්සියට ගත්තාම පාතාලයෝ ඔවුන්ව ඇල්ලේ නටෝනවා.