(යොහාන් භාසුර)
ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා 'ජාතික ඉන්ධන බලපත්‍රයක්' නිකුත් කිරීම වාහන ලියාපදිංචි කිරීම අද (16) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය.
ඒ අනුව වාහන හිමියන්ට fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකිය බවද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික ඉන්ධන බලපත්‍ර ලියාපදිංචි කිරීම ඇරඹේ
හර්ෂාන් අබේසූරිය Saturday, 16 July 2022 02:12 PM
ආදායම් බලපත්‍රයේ පන්ච් එකක් යොදා ඉන්ධන නිකුත් කිරීමට යෝජනා කරමි...
lakvidu Saturday, 16 July 2022 02:15 PM
කූපන් දුන්නා වගේම තවත් අනුවන ක්‍රියාවක්...
pakeer Saturday, 16 July 2022 02:15 PM
සයිට් එක ඔන් කරලා... පැයක් යන්න කළින් බඩු නෑ.
AsankaSunday, 17 July 2022 12:46 PM
දැන් එය වැඩකරනවා. එහෙම තමයි වෙබ්සයිට්... දවස් 2, 3 කට පස්සේ හරි යයි. කලබල වෙන්න එපා. එකපාර ලංකාවේ කෝටි 2ම ඕකට ලොග් වුණාම ඩවුන් නොවී තියෙයිද? මේක ගූගල් වලින් යන එකක් නෙමෙයි. සරල ඇප් එකක්. එයාට හැන්ඩ්ල් කළ හැකි සීමාවක් තියෙනවා.
reks Saturday, 16 July 2022 02:17 PM
එතකොට හැමෝම යන්න ඕනේ මෙයාලා අනුමත කරන කිලෝමීටර ගාණ විතරයි. හරි ෂෝක්..!
යෝගා Saturday, 16 July 2022 02:42 PM
වැඩිපුර ඉන්ධන ඕනේ නම් ඩොලර් ගෙවා මිලට ගන්න...
reksSaturday, 16 July 2022 08:05 PM
වැඩට යන්න කිලෝමීටර 30ක් තියෙනවා. යෝගා මහත්තයෝ, අපිට පඩි දෙන්නේ ඩොලර්වලින් නෙවෙයි.
සුමින්ද මුනිදාස Saturday, 16 July 2022 02:55 PM
ෂෙඩ්වල තෙල් නැතිව ඕක මොකටද?
කිරිපුතා Saturday, 16 July 2022 02:57 PM
වැඩේ හොඳයි. නැත්නම් එනඑන තෙල් ටික කට්ටිය හොරකමින් අරගෙන වැඩිමිලට විකුණයි. හැබැයි web.site එක තාම වැඩ නෑ..
ramsi Saturday, 16 July 2022 03:18 PM
වාහන 5, 10 තියෙන ධනපතියන්ට ටැංකි පිරෙන්න දුන්නාම, එක වාහනයක් විතරක් තියෙන මනුස්සයාට හුළං තමයි ඉතිරිවෙන්නේ... අනේ කවදා මේ මෝඩකම් නවත්තයිද?
NuwanSunday, 17 July 2022 12:43 PM
එහෙම ටැංකි පිරෙන්න දෙන්නේ නැහැ. කෝටා 1ක් තියෙනවා ඉදිරියට බලන්න.
charith Saturday, 16 July 2022 03:20 PM
කොහොම හරි කරලා මේ ජාවාරම නවත්තන්න වැඩක් කරනවා නම් හරි. මේක තමයි හරියට කරන්න ඕනෑ. හොරුන්ට වැට බඳින්න හරියට මේක කරන්න..
Nuwan Saturday, 16 July 2022 03:38 PM
කොහොමද කාංචන යන්නේ?
Sunil Saturday, 16 July 2022 04:44 PM
ටෝකන් ක්‍රමය අවුල් ජාලාවක් වුණා. ඇප් එකෙන් ඇති වැඩක්ම නැහැ. බලපත් ක්‍රමයට අයත්වන ඉරණමත් එකමයි. අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයෙන් 10% ක් පමණ ආනයනය කළාම දැඩි හිඟයක් ඇතිවන බව මේ අයට තවම තේරිලා නැහැ.
Jayasri Saturday, 16 July 2022 06:41 PM
මේ මගුල වැඩ කරන්නේ නැහැ කියලා තෙල් ඇමතිට කියන්න...
මරිසිසේන Saturday, 16 July 2022 07:34 PM
මෙය දිස්ත්‍රික් ක්‍රමයට ක්‍රියාත්මක කළොත් පහසු වේවි...! නැත්නම් අවුරුද්දක් ගතවුණත් අවසන් කරන්න බැරිවේවි එහෙම විධිමත් කළොත් ඉතාමත් හොඳ වැඩක්. මෙමගින් අයිතිය පවරා නොගෙන (රජයට නියමිත ගාස්තු මගහැර) පාවිච්චියට ගන්නා වාහන හඳුනාගෙන ලියාපදිංචි කිරීමෙන් ආදායමක් ලබන්නත් පුළුවන් වෙනවා. එහෙම නැත්නම් වාහනය ලියාපදිංචි ප්‍රදේශයේ පිරවුම් හල්වලින් පමණක් ඉන්ධන ගැනීමට බලපත්‍රය දෙනවා නම් පවරාගැනීම් කරාවි...!
lakvidu Saturday, 16 July 2022 08:07 PM
හේතුවට දේශපාලනික හා ආර්ථික විසඳුමක් දෙන්නේ නැතිව මෙයාලා අතීසාරයට අමුඩ ගහනවා.
de silva Sunday, 17 July 2022 08:08 AM
වෙබ් පේජ් එකේ රෙජිස්ටර් වෙන එකට අවශ්‍ය තොරතුරු නිසි පරිදි ප්‍රසිද්ධ කර නොමැත. මෙහි OTP අංකයක් ඉල්ලනු ලැබේ. මුලින්ම ජංගම දුරකථනයෙන් ලියාපදිංචි විය යුතු බවත්, මෙම OTP අංකය SMS පණිවිඩයක් ලෙස පාරිභෝගිකයාට පැහැදිලිව සඳහන් කරන්න.
sarana Sunday, 17 July 2022 11:06 AM
ඔයාගේ උනන්දුව හොඳයි.