
(අංජුල මහික වීරරත්න)
තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (8)පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කරන රණවිරු සැමරුම් උත්සවය මැයි 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වේ.
මෙම රණවිරු සැමරුම් උළෙලට යුද්ධයේදී තුවාල ලැබූ රණවිරුවන්, දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සහ පාසැල් ශිෂ්‍යභට කණ්ඩායම් ද සහභාගී කරවා ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාතික රණවිරු සැමරුම ඉහලින්ම පවත්වන්න රජය තීරණය කරයි
නිමේෂ් Monday, 08 May 2023 05:14 PM
පින්පතිට ඡන්දෙ තියන්න විතරයි සල්ලි නැත්තේ...
C.K.Lankaputhra Monday, 08 May 2023 06:19 PM
හැම මගුලම මහ ඉහළින් පවත්වන්න ඕනෑ එක්කෙනාට දුප්පත් මිනිස්සුන්ට සහන සලසන්නට සල්ලි නෑ, ඩොලර් නෑ ආර්තිකය කඩා වැටිලා වැඩි කරපුවා අඩු කරන්නට කිසිම වුවමනාවක් නෑ. හමුදාවට ඉහළ සැලකිලි, රණවිරු උත්සව ඉහළින් තියන්න සූදානම්...
තරිඳු Tuesday, 09 May 2023 12:20 PM
යුද සමයේදී ඔබේ පවුලේ කෙනෙකු කුමන හෝ අනතුරකට මුහුණ දීමට සිදු වූනානම් රණවිරුවන් ගේ අගය ඔබට මීට වඩා දැනෙනු ඇත
Bamunuarachchi Thursday, 11 May 2023 04:42 PM
සාමාන්‍ය මිනිසුන්ට කන්න, අඳින්න නැති මේ කාලේ මොන සමරුම්ද? ඔය සැමරුම්වලින් ජනතාවට ඇති සෙතේ මොකක්ද? ජනතාවට ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපල්ලා මගේ යකා අවුස්සන්නේ නැතුව. කෝ අරගල කාරයින්...?