(ඩයනා උදයංගනී)
තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 13ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අබියස දී චාම් හා අභිමානවත් අයුරින් අද (19) පෙරවරුවේ පැවැත්විණි.
ඒ එදා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ත්‍රස්තවාදය අවසන් කිරීමට උර දුන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් විජයග්‍රහණයේදී යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝදාර රණවිරුවෝ 28,619 දෙනෙක් මව්බිමේ නිදහස පතා දිවි පිදූහ.
ආබාධිත වූ රණවිරුවන් සංඛ්‍යාව විසිහත් දහසකට අධිකය.
රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද්ධ හමුදා රණවිරුවන් 23,962ක්, නාවික හමුදා විරුවන් 1,160ක්, ගුවන් හමුදා විරුවන් 443ක්, පොලිසියේ 2598 ක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 ක් වන විරෝදාර රණවිරුවන් මෙම රණවිරු සැමරුම් උත්සවයේදී සිහිපත් කෙරිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණය මත රණවිරු සේවා අධිකාරිය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ සහ පිබිදීමේ වාදනය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.
සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක් කොටස් වලට ගලවමින් සිටි සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන පොලීසිය කියයි.
හොරණ බටු විට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසක් වටලා එම ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් හය දෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව හොර
කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් අළෙවියට සූදානම්කර තිබියදී පිටකොටුව පරනයොන්වීදියේ වෙළඳ සැලකින් පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින්
කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය.
මෙරට දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් පසුව ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට රක්ෂණ සමාගම් 4 ක ජාතික ර
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
බද්රානි Thursday, 19 May 2022 10:04 PM
යුද්ධෙන් පසුව එකතුකළ "අපි වෙනුවෙන් අපි"අරමුදලට මොකද උනේ? එදා ඉඳලම කලේ යුද්දෙයි, රණවිරුවන්වයි ඉස්සරහට දාගෙන මේ රට කාපු එක තමයි. එදා කොටින් සතුව තිබුන, රත්තරන් තොග, කේපී සතුව තිබුන කොටින්ගේ වත්කම් වලට මොකද උනේ? ලජ්ජා නැතිව එනවා මෙතන තව යුධ ජයග්‍රහණ සමරන්න? අපි දිනපු රටක් නැහැ. නුඹලා අපේ රටේ ධනය කොල්ල කෑවා.
මැක්ස් Thursday, 19 May 2022 11:20 PM
අප වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ සහ ජීවිත දන් දුන් ඒ විරැවන් සදා සිහි කරමු.
Kumara Friday, 20 May 2022 12:09 AM
ජනතාව සහභාගී උනාද මේකට?
Demuni Uduwara Friday, 20 May 2022 06:50 AM
කොහෙද පළමුවත් මවුබිම .......? ..........
jayath Friday, 20 May 2022 08:23 AM
මේ ජනපති උතුමාණන් , කමල් ගුණරත්නත් ශවේන්ද්‍ර සිල්වත් ඉන්න පින්තූරේ දිහා බලන්න මෙතැනදී පැහැදිලිවම ජනපති නන්දසේන තුමාට අසාදාරනයක් වෙලා තියනවා කියලයි මට හිතෙන්නේ මොකද අනිත් දෙන්නගෙන් එක්කෙනක් පූර්ණ නිල ඇඳුම කමල් ගේ කබයේත් පදක්කම් නමුත් රට බේරාගත් විරුවා නන්දසේන විරුවා නෙව එයාට මුකුත්ම නැහැ එක අන්තිම සවුත්තු වැඩක් ඇත්තටම මේකෙදි රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරපු එතුමාටත් මොනවා හරි පදක්කම් ටිකක් පහුවෙලා හරි දෙන්න ඕන මේක මගේ පුද්ගලික අදහස සමහරවිට ගෝට ගොගම ඉන්න කොල්ලොටික සහ අන්තරේ "නරුමයෝ " ටික විරුද්ද වෙන්න පුළුවන් එහෙම උනොත් ඉතින් කඳුළු ගැස් සහ වතුරඕනෑතරම් තියනවා නෙව !!!
Kanthi Friday, 20 May 2022 08:30 AM
දකින්නත් අප්‍රසන්නයි,අප්පිරියයි.