IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


ජාතික ලැයිස්තුවේ 74කට මැකෝ නඩු දායි

(සුජිත් හේවාජුලිගේ )

වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ  දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුටද  නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ  චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම අපේක්ෂක ලැයිස්තු පොලිසියට බාර දීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවයි.

මෙයට අමතරව  වියදම් වාර්තා භාර නොදුන්  දේශපාලන පක්ෂ එකසිය තිස් හතරකටද නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරගෙන යන බව  කුලරත්න  මහතා සඳහන් කළේය.

වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් සංඛ්‍යාව අටසීයකට අධිකය.

ඒ අයටද වෙන වෙනම නඩු පැවරීමට කටයුතු කෙරේ.

ඒ ඒ පොලිස් ස්ථාන මගින් විමර්ශන පැවැත්වීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග සඳහා එම විමර්ශන ලිපිගොනු  නීතිපතිවරයාට යොමු කෙරෙනු ඇතැයි  චින්තක කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

වියදම් වාර්තා  භාරදීම පැහැර හරින අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට දඩ නියම කිරීම, සිර දඬුවම් නියම කිරීම හෝ ඉදිරි මැතිවරණ කටයුතු වැළැක්වීම වැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතියේ ප්‍රතිපාදන පවතින බව පැවසේ.



අදහස් (2)

ජාතික ලැයිස්තුවේ 74කට මැකෝ නඩු දායි

Madhuranga Saturday, 18 January 2025 12:23 PM

නොදන්නා කමට අහන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීතී) තනතුරක් තියෙනවා. අහලා තියෙන හැටියට තනතුරු අනුව කොමසාරිස් කියන්නේ නීතිමය කටයුතුද කරන්න පුළුවන් තනතුරක් නේද? එහෙම නම් නඩු පැවරීමට පොලිසියට කියන්නේ මොකටද? (උදාහරණයක් හැටියට මහජන සෞඛ්‍ය පරීක්ෂකලා, අල්ලස් හෝ දූෂණ අධිකාරියේ නිලධාරි හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරි නඩු පැවරීමට පොලිසියේ පිහිට පතන්නේ නැහැ නේද මේක පැහැදිලි කරන්න)

:       0       12

ranjith Sunday, 19 January 2025 04:25 AM

මෙම ප්‍රකාශවලට නැවත ඡන්දවලට ඉදිරිපත්වීම තහනම් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට
2025 ජනවාරි මස 24 208 0

ගිරිබාව පොලිසියේ පොලිස් සැරයන්වරයෙකු රුපියල් 20000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (24) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කි


වාරි ව්‍යාපෘති 24 ක් කොටඋඩ: කෝටි 30 ක පාඩුවක්
2025 ජනවාරි මස 24 268 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ව්‍යාපෘති රට පුරා වාරි ව්‍යාපෘති 24 ක් අතර මග නතර කිරීමෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික වි


ගල්කිස්ස ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට
2025 ජනවාරි මස 24 591 0

ගල්කිස්ස බඩෝවිට සිරිපාල මාවතේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි වෙඩික්කරු දින 6 කට පසු බියගම මල්වාන ප්‍රදීපගම පාරේ බෝඩිම් කාමරයක සැඟව


පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකුණන්නේ නෑ
2025 ජනවාරි මස 24 443 0

ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකිණීමට පසුගිය රජය තීරණය කර තිබුණද වත්මන් රජය යටතේ එය කිසි ලෙසකින් විකුණන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වා


ගල්කිස්සේ වෙඩි තැබීමට ගිනි අවිය දුන් අය අත්අඩංගුවට
2025 ජනවාරි මස 24 701 0

ගල්කිස්ස සරණපාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවිය ලබාදුන් සැකකරුවෙකු බද්දේගම ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංග


කෝඬුකාර සොනාල් ටෙස්ට් සංචිතයට එයි
2025 ජනවාරි මස 24 1921 1

සංචාරක ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව මේ මස 29 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඬුකාර ත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 17 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 534 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 641 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site